බොලිවුඩයේ සුපිරිතම නිළියන් අතරින් කෙනෙකු වන අනුෂ්කා ෂර්මා සිය පෙම්වතා වන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි පුදුම කිරීමේ සූදානමකින් පසුවන බව 'සන්ටා බන්ටා' වෙබ් අඩවිය සඳහන් කර තිබේ. අනුෂ්කා පවසන ආකාරයට මෙම පුදුම කිරීම ඇය විසින් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ ජුනි 06 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති අලි අබ්බාස් සෆර්ගේ 'සුල්තාන්' චිත්‍රපටයේ මංගල දර්ශනයේදී බවයි.
නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ, මෙම මංගල දර්ශනයට විරාත් කෝලිට පමණක් නොව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සිටින සියලුම ක්‍රීඩකයන්ට ඇය මේ සඳහා ආරාධනා කිරීමට සූදානමක් පවතින බවය. එය බොහෝවිට විරාත්ට පුදුමය දනවන අන්දමට ඇය විසින් සිදු කරන්නට ඇය කටයුතු කරමින් සිටින බවත්, විරාත් ලබන මාසයේ පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට එක්වීමට පෙර මංගල දර්ශනය ඇය විසින් පවත්වන්නට උත්සාහ ගන්නා බවද මෙම වෙබ් අඩවිය වාර්තා කර සිටියි.
අනුෂ්කා 'සුල්තාන්' චිත්‍රපටයේ මල්ලවපොර ක්‍රීඩිකාවක් ලෙස චරිත නිරූපණය කරන අතර, ක්‍රීඩිකාවක් ලෙස ඇය බොලිවුඩ් චිත්‍රපටයක පෙනී සිටින පළමු අවස්ථාවද වීම විශේෂත්වයක්ද වේ.
බුද්ධික සේනාධීර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අනුෂ්කා විරාත්ව පුදුම කරවනවාලු