IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘අනුශාසකයන් අතර ප්‍රශ්න ඇතිවෙනවා‘

‘මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා.  හිටපු ජනපතිනිය හා හිටපු ජනාධිපතිතුමා පක්ෂයේ අනුශාසකයන්. එකම පක්ෂයේ අනුශාසක අනුශාසිකාවන් අතර සාකච්ඡා, ප්‍රශ්න ඇතිවෙනවා. ඒවා පක්ෂය තුළ අපට විසඳා ගත හැකියි. ‘ යි සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.

ප්‍රශ්නය -   

      ශ්‍රීලනිප නාමයෝජනා ලැයිස්තු සකස් කර අවසන්ද?

අනුර ප්‍රියදර්ශන යාපා මහතා - 

      දැන් සාකච්ඡා කරගෙන යනවා. ඉදිරි දින දෙක තුළ සියල්ල අවසන් කළ හැකියි.

ප්‍රශ්නය -   

      ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ කණ්ඩායමට නාමයෝජනා දෙන්නේ කොන්දේසි දාලා කියන්නේ ඇත්තද?

අනුර ප්‍රියදර්ශන යාපා මහතා - 

      අපේ පක්ෂයේ වෙනත් කණ්ඩායම් නැහැ. එහෙම් කොන්දේසි දාලත් නැහැ. අපේ පක්ෂය මෙහෙයවන්නේත් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. එතුමා සම`ග කවුරුත් හො`දින් කටයුතු කරනවා. අපි එක පක්ෂක් පමණයි.

ප්‍රශ්නය -   

      එක පක්ෂයක් නම් කොටසක් මෙතනත් තවත් කොටසක් අභයාරාමයේත් මාධ්‍ය හමු පවත්වන්නේ ඇයි?

අනුර ප්‍රියදර්ශන යාපා මහතා - 

      එය දැන් අවසන්. පසුගිය කාලයේ මතවාද දෙකක් තිබුණා. ඒත් දැන් එහෙම නැහැ. ලබන සතිය වන විට සියල්ල වෙනස් වෙයි.

ප්‍රශ්නය -   

      හෙළ උරුමය සන්ධානයෙන් ඉවත්වීම ගැන ඔබේ අදහස කුමක්ද?

අනුර ප්‍රියදර්ශන යාපා මහතා - 

      ඒක වෙනම පක්ෂක්. මට ඒ ගැන මොනවත් කියන්න බැහැ.

ප්‍රශ්නය - 

      පක්ෂ පිරිසි`දු කරගෙන ඉදිරියට යන බව ජනාධිපතිතුමා කියා තිඛෙනවා.  මෙවර දූෂිතයින්ට නාම යෝජනා දෙන්නේ නැද්ද?

අනුර ප්‍රියදර්ශන යාපා මහතා - 

      නාමයෝජනා ලැයිස්තු ආවම බලන්න. සමහර දේවල් දැන්ම කියන්න බැහැ. අපි දූෂිත කියන වචනය පිළිගන්නේ නැහැ. දූෂණ චෝදනා අධිකරණයක ඔප්පු වුණොත් පමණයි දූෂිත කිව හැක්කේ. එහෙම නැතිව අපිට චෝදනා කරන්න බැහැ.

සුසිල් ප්‍රේමජයන්ත මහතා  - 

      ඔය ප්‍රශ්නය එන්න මූලික හේතුව මේ මැතිවරණ ක්‍රමයයි. එය වෙනස් කිරීමට ජනාධිපතිතුමා,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, ජාතික හෙළ උරුමය පසුගිය කාලයේ උත්සාහ කළා. පසුගිය පාර්ලිමේන්තුව තුළ එය පහසුවෙන් සම්මත කරගන්න තිබුණා. කරන්න නොදුන්නේ කවුද? 20 වැනි සංශෝධනය සම්මත කරගන්න දුන්නා නම් ඔය ප්‍රශ්නය එන්නේ නැහැ.

ප්‍රශ්නය - 

      නොවූ දේ ගැන දැන් කතා කිරීමේ තේරුමක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂත් තමන් දූෂිත චෝදනා ඇති අයට නාමයෝජනා නොදෙන බව කියනවා. ඔබතුමාලා එවැනි ප්‍රකාශයක් නොකරන්නේ ඇයි?

සුසිල් ප්‍රේමජයන්ත මහතා  - 

      නොදෙන අය ඉන්නවා. ලබන 13 වැනිදා දවල් 12.00 වෙද්දී ඔය ප්‍රශ්නයට පිළිතුරු ලැඛෙයි.

ප්‍රශ්නය - 

      මහ මැතිවරණයෙන් කවුරු දිනුවත් සැප්තැම්බර්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ගෙන එන වාර්තාවට මුහුණ දෙන්න වෙනවා. එයට මුහුණදීමේ සැලසුමක් ඔබේ පක්ෂට තිඛෙනවාද?

සුසිල් ප්‍රෙමජයන්ත මහතා  - 

      නව රජයේ විදේශ ඇමතිවරයා පසුගිය කාලයේ මේ කොමිසමේ නියෝජිතයින් හමුවී වාර්තාව කල්දා ගත්තා. එයට මුහුණ දීම සදහා සැලසුම් කිරීම පවතින රජයේ වගකීමයි. අපේ ස්ථාවරය මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිඛෙනවා. අපිත් දැන් ඉදිරියට මුහුණ දීම ස`දහා සූදානමින් ඉන්නවා.

ප්‍රශ්නය - 

      විදේශ ඇමතිවරයා සැලසුම් කරන ඩයස්පෝරා සැණකෙළිය ඔබතුමන්ලගේ රජයක් යටතේත් පවත්වනවාද?

සුසිල් ප්‍රේමජයන්ත මහතා  - 

      අපි ඉඩ දෙන්නේ නැහැ.

ප්‍රශ්නය -   

      ජනාධිපතිවරයාගේ කීමට නෙවෙයි ද ඔය දේවල් වෙන්නේ?

සුසිල් ප්‍රේමජයන්ත මහතා  -  

රාජ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කරන්නේ අගමැතිවරයා ප්‍රධාන රජයයි.

ප්‍රශ්නය -    

ජාතික හෙළ උරුමය සන්ධානයෙන් ඉවත්වීම ඔබතුමාට දැනුම් දුන්නාද?

සුසිල් ප්‍රෙමජයන්ත මහතා  - 

      නැහැ. එහෙම දැනුම්දීම අවශ්‍ය නැහැ.

ප්‍රශ්නය - 

      දැනුම් දී නැත්නම් ඔවුන්ටත් නාමයෝජනා දීමට සැලසුම් කර තිඛෙනවාද?

සුසිල් ප්‍රේමජයන්ත මහතා  - 

ඔවුන් තවම ඉල්ලීමක් කරලා නැහැ. දැන් නාමයෝජනා කටයුතු අවසන් කරගෙන යනවා. දුර පළාත්වල අයගේ අත්සන් ලබාගැනීමත් අද ආරම්භ කරනවා. ඒත් අපිත් සම`ග කාලයක් සිටි පක්ෂක් නිසා අද හෝ ඉල්ලීමක් කළොත් අවස්ථාව දෙන්න පුළුවන්.

ප්‍රශ්නය - 

      හිටපු ජනාධිපතිතුමාට නාම යෝජනා ලබාදීමේ තීන්දුව හේතුවෙන් වත්මන් ජනාධිපතිතුමාට විවිධ චෝදනා එල්ලවෙනවා. ඒ ගැන එතුමා ඔබ සම`ග සාකච්ඡා කර තිඛෙනවාද?

සුසිල් ප්‍රේමජයන්ත මහතා  - 

එවැනි දේ ස්වභාවිකයි. මහ මැතිවරණයකදී ඔවැනි දේ විය යුතුයි. එවැනි දේ වලින් සමාජය තුළ උනනදුවක් ඇති වෙනව වගේම අපේ අපේක්ෂකයා ජනප්‍රිය වෙනවා. ප්‍රතිඵලය අගෝස්තු 17 වැනිදාට දකින්න ලැඛෙයි.

ප්‍රශ්නය - 

      හිටපු ජනාධිපතිතුමාට නාමයෝජනා නොදෙන ලෙස ජනාධිපතිතුමාට සහය දුන් හිටපු ජනාධිපතිනිය, පඬ සිවිල් සංවිධාන එතුමාගෙන් ඉල්ලනවා. මේ ගැන එතුමාගේ අදහස කුමක්ද?

සුසිල් ප්‍රේමජයන්ත මහතා  - 

      එතුමා ශ්‍රී  ලනිපයේ සභාපතිතුමා. හිටපු මහලේකම්තුමා වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා. හිටපු ජනපතිනිය හා හිටපු ජනාධිපතිතුමා පක්ෂයේ අනුශාසකයින්. එකම පක්ෂයේ අනුශාසකයින් අනුශාසිකාවන් අතර සාකච්ඡා ප්‍රශ්න ඇති වෙනවා. ඒවා පක්ෂ තුළ අපට විස`දා ගත හැකියි. මම අවුරුදු 10 ක් තිස්සේ නාමයෝජනා හදනවා. මේවා අන්තිම පැයේදීත් කෙරෙනවා.

      ප්‍රදේශවල ජනතාව කැමති අයට නාමයෝජනා දෙන්න වෙනවා. දේශපාලන පරම්පරා ඉන්නවා.

ප්‍රශ්නය

මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපඬ මහතා එකම වේදිකාවට එනවාද?

සුසිල් ප්‍රේමජයන්ත මහතා  -

      ඕක ප්‍රශ්නයක් නෙවෙයි. එකම පඬයෙන් නාමයෝජනා දුන් පසු වේදිකාවට නගින එක මොකක්ද? දැන් රටේ කොච්චර ප්‍රශ්න තිඛෙනවාද? මහ බැංකු සිද්ධිය ගැන රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ත් ප්‍රකාශයක් කළා. ඇයි මේ ගැන මෙතරම් ද`ගලන්නේ. කෝප් අනු කමිටුවේ සිටි එක් තරුණ මන්ත්‍රීවරයෙක් කමිටුවේ සිටි මම හැර අනිත් හැමෝටම අභියෝග ඛරමින් කතා කරනවා. අගමැතිතුමා මේ ගැන හොයන්න පත් කළ කමිටුවේ වාර්තාව පාර්ලමේන්තුවට ඉදිරිපත් කළා. එහි තිබුණේත් කෝප් කමිටු වාර්තාවේ තිබූ දේවල්මයි.

ප්‍රශ්නය - 

      මීට පෙරත් කෝප් කමිටුව මගින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආදී ආයතනවල පාඩු ගැන හෙළිකළා. ඔබතුමාලගේ කාලයේ එම කමිටුව දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකළේ ඇයි?

සුසිල් ප්‍රෙමජයන්ත මහතා  - 

      එය පක්ෂහෝ විපක්ෂ මන්ත්‍රීවරුන් කළ යුත්තක්. › ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුව හමුවට කැ`දවීමත් ප්‍රතික්ෂේප කළේ 2001  2004 එජාප රජයයි. හැබැයි අපේ රජය ගෙනාවා. මේ ගැන අපේ උනන්දුව තිඛෙනවා. බොරුවෙන් බලයට එන්න හදන අයට මෙවර අවස්ථාව ලැඛෙන්නේ නෑ. අපි මැතිවරණයට එන්නේ දින 100 වැඩපිළිවෙලකට නෙවෙයි. අපි හො`ද ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගේනවා. පස් අවුරුදු යථාර්ථවාදී සැලැස්මක් හදනවා.  

ප්‍රශ්නය - 

      නාමයෝජනා සැකසීම පිළිබ`දව ඔබතුමාට වසර 10ක අත්දැකීම් ඇති බව කීවා. ඒත් මෙවර ප්‍රශ්නය වෙනස්. හිටපු ජනාධිපතිතුමාට නාමයෝජනා භාර දුන්නාද? ඒ කොහෙන්ද?

සුසිල් ප්‍රෙමජයන්ත මහතා  - 

      තව පැය කිහිපයක් ඉවසන්න. වත්මන් ජනාධිපතිතුමා අපේපඬයේ නායකයා ලෙස යම් ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය සම`ග එතුමා ඉන්නවා. ඒ ගැන අපිටත් දැඩි විශ්වාසයක් තිඛෙනවා. අපි බොරු කියලා නැහැ.ඒ බව ලබන 13 වැනිදා දහවල් 12.00 වන විට පෙනේවි.

ප්‍රශ්නය - 

ඒත් ඇතැමුන් එතුමාට නාම යෝජනා නොලැඛෙන බව කියනවා.?

අනුර ප්‍රියදර්ශන යාපා මහතා - 

ඔය ගැන දැන් කතා කළ යුතු නැහැ. 13  වැනිදාට බලමු.



අදහස් (0)

‘අනුශාසකයන් අතර ප්‍රශ්න ඇතිවෙනවා‘

සත්‍යයා Thursday, 09 July 2015 12:33 AM

සැබවින්ම ජනතාව නියෝජනය කරන අප ජනාධිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂට හෝ ඔහුගේ ගැත්තන් කිසිවෙකුට මෙවර මහා මැතිවරණය සඳහා නාමයෝජනා නොදෙන ලෙසයි. (නි)

:       0       0

හේරත් Wednesday, 08 July 2015 01:18 PM

අනුශාසකයොත් තරහවෙලා ඉන්න පක්ෂයකින් අපිට නම් ඇති වැඩක් නැහැ (නි)

:       0       0

යෙනුර Wednesday, 08 July 2015 01:42 PM

හැබැයි හොඳ පිළිතුරු ටිකක් නම් දීලා තියෙනවා (නි)

:       0       0

අශාන් Wednesday, 08 July 2015 09:53 AM

අනේ මෙහෙම රටක්! (නි)

:       0       0

චින්තා Wednesday, 08 July 2015 10:06 AM

ඔයාලා එදා ඉදන් කලේ බොරුව. යුද්දේ විකුණන් කාපු එක තමා කලේ. මහින්ද සල්ලි වෙනුවෙන් කොටි තහනම් පවා ඉවත් කරගත් කෙනෙක්. තවත් ඔයාලා එපා. අහිංසක කොල්ලොන්ගේ මහන්සිය ඔයාලා මර්කෙට් කලා.(නදී)

:       0       0

හේමන්ත රණවක Wednesday, 08 July 2015 10:27 AM

අනුර ප්‍රියදර්ශන යාපා මහතා - නාමයෝජනා ලැයිස්තු ආවම බලන්න. සමහර දේවල් දැන්ම කියන්න බැහැ. අපි දූෂිත කියන වචනය පිළිගන්නේ නැහැ. දූෂණ චෝදනා අධිකරණයක ඔප්පු වුණොත් පමණයි දූෂිත කිව හැක්කේ. එහෙම නැතිව අපිට චෝදනා කරන්න බැහැ. හොරෙක් වෙන්න නඩු තීන්දුවක් අවශ්‍යනම් හොරා කියන තත්වය දෙන්නේ අධිකරණය ද? මේක දැක්කම පොඩි දරුවෝ ඇති තරම් හොරකමට යාවි. උසාවි පොලිසි නොයා හොරකම් කිරීම වලංගු ද? (නදී)

:       0       0

අජිත් Wednesday, 08 July 2015 10:34 AM

ප්‍රශ්න ඉතින් හැම තැනම තියෙන දෙයක්නේ.(හේ)

:       0       0

රුවන් Wednesday, 08 July 2015 12:20 PM

කොහොම වුණත් සාමාන්‍යයෙන් ආයතනයක හොරකමක් වංචාවක් වුණොත් පරීක්ෂණ අවසන් වෙනතුරු අදාළ පුද්ගලයාව වැඩ තහනම් කරනවා. දේශපාලනයේ ඕනෑ හොරකමක් වංචාවක් කරලා බේරිලා ඉන්නත් පුළුවන්. නැවත වරක් පත්වෙන්නත් පුළුවන්.... (නි)

:       0       0

ගාමිණී දුලාවේ Wednesday, 08 July 2015 12:52 PM

කවුරුත් මේ ගැන දන්නවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site