IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


අනුර සේනානායකට ඇප

(ෂෙහාන් චාමික සිල්වා, මනෝප්‍රිය ගුණසේකර)

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අනුබල දීමට සැකපිට වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(2) නියෝග කළේය.

ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදා හැරිණි. එක් ශරීර ඇපයක් සඳහා ළඟම ඥාතියකු ඉදිරිපත් විය යුතු බවට ඇප කොන්දේසිවල ඇතුළත් කෙරුණු අතර සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද ඔහුට නියම කෙරිණි.

ඊට අමතරව අනුර සේනානායක මහතාට විදෙස් ගමන් තහනම් කෙරුණු අතර ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැබීමටත් නියෝග කෙරිණි. සාක්කිකරුවන්ට බලපෑම් කිරීම ද තහනම් කෙරුණු අතර දැඩි කොන්දේසි මත ඔහුට ඇප ලබාදීමට නීතිපතිවරයාගේ විරුද්ධත්වයක් නැති බව ප්‍රකාශ කෙරිණි.



අදහස් (13)

අනුර සේනානායකට ඇප

nimalrajapaksha Friday, 02 June 2017 07:13 AM

කළ හොඳ පස්සෙන් එනවා කියන්නේ ඕකට තමා....මොනවා කළත්..., නුඹ නාඩන් නුඹ නාඩන්..., නුඹට ඕව හොඳ පාඩම්...

:       4       22

sisira Paris Friday, 02 June 2017 07:27 AM

පුද්ගලයෙක් පැහැරගෙන මරණීය තර්ජන එල්ල කරපු අයට ක්ෂණිකව ඇප... අහක ගිය මිනී මැරුමකට සාක්කිත් නැතිව මෙයා රිමාන්ඩ් භාරයේ හිටියා අවුරුද්දකට ආසන්න කලක්... මේකද යහපාලනය..? මිනිස් අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය කිරීම හා දේශපාලකයන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම අප දකින්නේ යමපාලනය හැටියටයි...

:       602       460

Chandra Friday, 02 June 2017 07:40 AM

ඇයි මෙතරම් ප්‍රමාද වෙන්නේ ඇප ලබාදෙන්න?

:       3       50

sirisena withana Friday, 02 June 2017 08:15 AM

හරිම සතුටුයි. රටට විශාල සේවයක් කළ පොලිස් නිලධාරියෙක්. අපේ අය දකින්නේ කෙනෙකුගේ නරක විතරයි.

:       825       744

susantha Friday, 02 June 2017 08:22 AM

අයෙත් ඡන්දයක් ලංවෙලා තාජුඩින් නාටකය 2 කොටස පටන් ගන්නකන් දැනට පොඩි විරාමයක්... තව අවුරුදු 6-7 කින් ඡන්දයක් තියන්න අදහසකුත් නැති නිසා (බොරු සීමා නිර්ණයක් පෙන්වමින් ප්‍රාදේශීය, පළාත් පාලන ඡන්ද දැන් අවුරුදු 2 කට ලංවෙන්න කල් දමමින් ඉන්නවා. වගේම ජනාධිපතිවරණේ, මහා මැතිවරණෙත් ඔය වගේම 2025 විතර වෙනකන්ම කල් දමන්න දැන්ම යහපාලනය සැලසුම් කරගෙනයි තියෙන්නේ...

:       180       230

rohan Friday, 02 June 2017 08:58 AM

හරිනම් දිය යුත්තේ ඇප නොවෙයි... දැඩි දඬුවම් තමයි.

:       1260       1565

sisira ParisFriday, 02 June 2017 11:06 AM

දඬුවම් දෙන්න වැරැද්ද ඔප්පුවෙන්න ඕනෙ නේද ?

:       0       49

Deepal Friday, 02 June 2017 09:08 AM

කොලඹ ආරක්ෂා කලේ මෙතුමා .. නැත්නම් කොටි සමහර දැන් ඉන්න කයිවාරු කාරයන්වත් මෙලහකටත් මරලා..

:       284       367

සමන් Friday, 02 June 2017 09:51 AM

මෙතුමා කලේ පසුගිය රජයේ ඕනෑ එපාකම් තමයි. ඒ කාලයේ රණවිරුවන්ටත් අසාධාරණයන් වුණා කියලා ආරංචියි.

:       416       330

anilFriday, 02 June 2017 10:07 AM

නැතුව නැතුව .... ඒ කාලයේ රණවිරුවන්ට පුදුම අසාධාරණයක් නේන්නම් වුණේ. අනේ මෙහෙමත් ජාතියක්....

:       3       173

senarath Friday, 02 June 2017 11:24 AM

මෙතුමා අත්අඩංගුවට ගත්ත හේතුව දේශපාලන න්‍යායපත්‍රයට අනුව සිදුවූ එකක්... අවශ්‍ය උත්තරය මෙතුමාලා නොදුන් නිසයි මෙතුවක් කල් ඇතුලේ හිටියේ.... ඔබතුමාට අපේ ප්‍රණාමය !!!

:       107       275

පිටිගල මිලානෝ Friday, 02 June 2017 12:05 PM

දැන් ඉතින් තියෙන සාක්ෂි වලටත් දෙයියන්ගේම පිහිට තමයි. මදැයි හොරු අල්ලන්න කියලා අපිත් ගහපු කතිරේ....

:       156       0

Chanak Los angeles Friday, 02 June 2017 02:01 PM

තාජුදීන්ගේ මිනීමරුවන් රටට හෙළිකර ඔවුන්ට දඬුවම් දෙන්න නොහැකි නම් රටට කුමකටද පොලිසියක්... අධිකරණයක් ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site