ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව පිහිටැවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ස්වාධීන කොමිෂන් සඳහා සාමාජිකයන් පත් කර ජනපතිගේ අනුමැතියට යවා දින 14කට පසු ජනපති අනුමැතිය නොලැබුණ ද එම සාමාජිකයන් අදාල කොමිසමට පත් වූ බව සලකන්නේ යැයි නීති විශාරදයෝ කියති.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව 41 (ආ) ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියෙන් එසේ සිදු වන බව ඔවුහු පවසති.
41 (ආ) ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය මෙසේය.
(4) පත් කිරීම් සඳහා සභාවේ නිර්දේශය ලැබුණු දින සිට දින දාහතරක් ඇතුළත ජනාධිපතිවරයා විසින්, මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයන් පත් කරනු ලැබිය යුත්තේ ය.
එකී දින දහහතරක කාල පරිච්ඡේදය තුළ අවශ්‍ය පත් කිරීම් කිරීමට ජනාධිපතිවරයා අපොහොසත්වූ විටක, එකී කාල පරිච්ඡේදය අවසන් වන දින සිට
බලපැවැත්වෙන පරිදි :-
(අ) කොමිෂන් සභාවක සාමාජිකන් ලෙස පත්කරනු ලැබිය යුතු බවට (3) වන අනු ව්‍යවස්ථාව යටතේ නිර්දේශ කරනු ලැබූ තැනැත්තන් කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත්කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුත්තේ ය. සහ
(ආ) කොමිෂන් සභාවක සභාපතිවරයා ලෙස පත්කරනු ලැබිය යුතු බවට (3) වන අනු ව්‍යවස්ථාව යටතේ නිර්දේශ කරනු ලැබූ නම් සඳහන් ලැයිස්තුවේ පළමුව නම දැක්වෙන තැනැත්තා අදාළ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් පත්කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුත්තේ ය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අනුමැතිය ඇතත් නැතත් දෙසතියෙන් නම් අනුමතයි‘
නිවන්තක Friday, 16 October 2015 08:32 AM
මේක නම් සුබ ආරංචියක් (නි)
අජිත් කරුණාරත්න Friday, 16 October 2015 04:44 AM
ඒකනේ කියන්නේ. ඔය තියෙන්නේ... (නි)
කිත්සිරි Friday, 16 October 2015 05:15 AM
සුබ ආරංචියක් (නි)
ධර්ම ජයවික්‍රම Friday, 16 October 2015 05:29 AM
නව හිරු උදාවෙන්නේ යහපත් අරමුණු ඇති මිනිසුන්ගේ ලෝකයටයි. (නි)
සනත් Friday, 16 October 2015 05:32 AM
ජනාධිපති මොකද කරන්නේ? (ම)