IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අන්ධ පුද්ගලයාගේ සමෘදිය කපලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

උපතින්ම දෑස් නොපෙනෙන පුද්ගලයකුට වසර විස්සකට අධික කාලයක් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් දීමනාව ඔහු පොල් කැඩිමේ රැකියාවක නියුතු අයකු බව සඳහන් කරමින් ව්‍යාජ වාර්තාවක් ලබා දී එම දීමනාව අහිමි කිරීමේ සිද්ධියක් බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වේ.

මෙලෙස අසාධාරණයට ලක්ව ඇත්තේ ධර්ගා නගරය, දංවත්තගොඩ ග්‍රාම සේවා වසමේ පදිංචිව කේ. එල්. ඩි. සිරිපාල (69) අවිවාහක පුද්ගලයකුටය

වර්ෂ 1960 සිට වසර නමයක කාලයක් රත්මලාන අන්ධ විද්‍යාලයේ බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපනය ලබා ඇති සිරිපාල මහතා මේ වන විට ඔහු ගේ සහෝදරියගේ පුතුගේ රැකවරණය මත කල් ගෙවන්නේය

මේ පිළිබඳ බේරුවල ප්‍රාදේශීය ලේකම් රන්ජන් පෙරේරා මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය

අපේ නිලධාරීන් පිරිසක් ගිහිල්ලා තිබ්බා මේ කියන්නේ ඇත්තක්ද කියලා, ඔවුන් යනකොට මේ ඇස් පේන්නැති පුද්ගලයා පොඩි ළමයෙක් වඩාගෙන තමයි ඉඳලා තියෙන්නේ

ඥාති පුතෙක් ඉඳලා තියෙනවා රනිල් කියලා. එයා කියලා තියෙනවා අපිට මාමාව බලාගන්න පුළුවන්.මාමා පොල් කඩනවා ගැටළුවක් නැහැ කියලා.එයාගෙ ඉඩකඩම්වල තමයි එයාලත් ඉන්නේ ඒවායේ ආදායමක් තියෙනවා කියලා.ඒ තත්ත්වය එක්ක තමා අපි ඕක නතර කරලා තියෙන්නේ .

 



අදහස් (5)

අන්ධ පුද්ගලයාගේ සමෘදිය කපලා

sharm warn Thursday, 20 October 2022 08:48 AM

එකෙන්ම තේරෙන්නේ නැද්ද කතාව පිලි ගන්න බැහැ කියලා.

:       0       14

sam Thursday, 20 October 2022 11:54 AM

මුන් ඔක්කොටම හෙනම ගහන්ඩ ඕනි. ‍ අන්ද උනනොත් තෙරයි. . ඒ මනුස්සයගෙ සමුර්ධිය කපන්ඩ.

:       0       3

pakeer Thursday, 20 October 2022 12:21 PM

රනිල් කියල ඥාති පුතෙක්...හිනත් යනව.

:       0       3

ගමේ එකාලා Thursday, 20 October 2022 01:22 PM

නැති බැරි අහින්සක මිනිසුන්ට නම් ඔක්කොම පාට් දානවා. .දියවන්නාවේ ඉන්න දූෂිත දේසපාලුවෝ දෙන වරප්‍රසාද ,දීමනා නම් වැඩිකර ගන්නවා.

:       0       5

අබිලින් Thursday, 20 October 2022 02:24 PM

ප්‍රාදේශීය ලේකම් හෝ ඔහුගේ නිළධාරින් රනිල් නම අහපු හැටියෙම සමෘර්ධි කපන්න තීරණය කරන්න ඇති .මොකද සමෘර්ධි නිළධාරින් බොහොමයක් පොහොට්ටු කට්ටිය නිසා .අතීතයේ කියමනක් තිබුනා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය කියලා .මෙම ප්‍රාදේශීය ලේකම්ට තිබුනා කියපුකෙනා කිව්වෙ ඇත්තද බලන්න සිරිපාල පොල්කඩන්නෙ කොහොමද කියලා බලන්න. ප්‍රාදේශීය ලේකම් තියා දිස්ත්‍රික් ලේකම් කිව්වත් අන්ධ කෙනෙකුට පොල් කඩන්න බැහැ එහෙම නැතත් සිරිපාල සිටින වයස අනුව ඇස් තියෙන අයෙකුවත් පොල් කඩන්න යැවීම ඉතාමත් භයානකයි.මෙහෙමත් නිළධාරින් ඉන්න රටක් හදන්නෙ කොහොමද

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site