IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අනධ්‍යයන සේවක වර්ජනයට දින 44 තවමත් විසඳුම් නෑ

(සුජිත් හේවාජුලිගේ)
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ දීර්ඝ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල රැසක  ප්‍රායෝගික පරීක්ෂණ අඩාලවීමෙන් සිසුන් විශාල පිරිසක් ගැටලුකාරී තත්වයකට මුහුණ දී සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ තත්වය මතුව ඇත්තේ අනධ්‍යයන සේවකයන් අතින් ක්‍රියාත්මක කෙරෙන විශ්ව විද්‍යාල  රසායනාගාරවල වැඩ කටයුතු බොහොමයක්  අඩපණවීම නිසා බව ද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ අනධ්‍යයන සේවකයන්ගේ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණවලට යම් බාධාකාරී තත්වයක් මතුවී ඇතැයි පිළිගන්නා බවයි.
මේ තත්වය දිගටම පැවතුණහොත් ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන්  කුමන හෝ විකල්ප ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවන බව ද අමරතුංග මහතා කීවේය.
අනධ්‍යන සේවකයන් වර්ජනයක නිරත වුව ද අධ්‍යයන කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීමේ කිසිදු ගැටලුවක් නැතැයි පැවැසූ සභාපතිවරයා වැටුප් නියමිත පරිදි ගෙවා ගෙන යන බව ද සඳහන් කළේය.
වැඩ වර්ජනයේ නිරත අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පමණක් වැටුප් නොගෙවුණු බව ද ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ අනධ්‍යයන සේවකයන් වර්ජනයක නිරත වුව ද ඉගැන්වීම් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවයි.
අභ්‍යන්තර ඉගැන්වීම් කටයුතු මෙන්ම සූම් තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් ද සාමාන්‍ය පරිදි කෙරෙන බව ඔහු සඳහන් කළේය.



අදහස් (4)

අනධ්‍යයන සේවක වර්ජනයට දින 44 තවමත් විසඳුම් නෑ

Lankabarana Thursday, 13 June 2024 05:23 AM

ඕක ඉවරයක් වුණාම අධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ අය පටන්ගනීවි කොහොම වුණත් ආණ්ඩුව මේ ප්‍රශ්නය නොසළකා දරුවන්ගෙන් පළිගන්නවාද කියලා දෙමාපියන් වන අපිට හිතෙනවා මෙහෙම ගියොත් නම් මෙහෙම අදූරදර්ශී කාළකණ්නි (කාලය කාදමන ) දේශපාලුවො එක්ක නම් අවුරුදු 76 නොවෙයි 760 ක් ගියත් වැඩක් නම් කරන්න ලැබෙන්නේ නැහැ

:       1       1

Warnasinghe Thursday, 13 June 2024 05:38 AM

ඉගෙනීම පමණද?. මගේ දියණියගේ විභාගය අභියස වර්ජනය ආරම්භ කලේ. දැන් දින 50 ක් පමණ නිවසේ. දරුවන් ට විතරක් නෙවෙයි දෙමාපියන් ටත් දිවි එපා කරවනවා මේ දුෂ්ට රජය සහ යුජිසී එක

:       1       1

Dasanayake Thursday, 13 June 2024 07:07 AM

ඕකුන් හරියට වැඩක් කියල කරන්නේ වෙලාවට fingerprint එක තියන එක විතරයි. මේ වගේ රස්සා දෙන්න ඕන විශ්‍රාමික හෝ ආබාධිත නමුත් තාම කාර්යාල වැඩ කල හැකි සොල්දාදුවන්ට

:       0       5

Prabath Thursday, 13 June 2024 09:06 AM

මුන් ගොඩක් එවුන් හොරු කිසිම වැඩක් කරන්නේ නැ. විශේෂයෙන් නඩත්තු අංශයේ සේවක සංඛ්‍යාව ද වැඩියි

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site