IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අන්තවාදී ක්‍රියාකාරකම් ගැන බොදු බලේ ජනපතිට ලියයි

විවිධ අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මෙරට සාමයට හා සංහිඳියාවට බාධාවක් බවත් අයිඑස්අයිඑස් ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ බලපෑම යටතේ රට තුළ ත්‍රස්තවාදී පරිසරයක් නිර්මාණයවීමට ඉඩ ඇති බවත් දන්වමින් බොදු බල සේනා සංවිධානය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලිපියක් යවා ඇත.

ලිපියේ සඳහන් කරුණු ගැන පර්යේෂණ හා විමර්ශන සිදු කිරීම, රජයේ නායකයින් දැනුවත් කිරීම, තර්ජන පිළිබඳ සොයා බැලීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම, එම තර්ජන පිළිබඳ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය නිතර දැනුම්වත් කිරීම හා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බොදු බල සේනා සංවිධානයට අවස්ථාවක් දෙන ලෙසද ජනපති හා අගමැතිගෙන් එම සංවිධානය ඉල්ලා ඇත.

 

 



අදහස් (0)

අන්තවාදී ක්‍රියාකාරකම් ගැන බොදු බලේ ජනපතිට ලියයි

ස්මිත් Thursday, 08 October 2015 05:25 AM

මේ වගෙයි අන්තවාදී ව්‍යාපාර තහනම් කරලා දාන්න, කොයි ආගමකින් වුනත්, මොවුන් තමයි රටෙත් නැති ප්‍රශ්න ඇති කරන්නේ (බ)

:       0       0

ගුණපාල Thursday, 08 October 2015 05:25 AM

දැන් හලාල් ප්‍රශ්නය ඉවර කරලා අයි එස් ප්‍රශ්නයක් පටන් ගන්න වගේ. ජනතාව දුන්න ඡන්ද ටිකෙන්ම තේරුම් ගන්න තිබුන. බොරු ප්‍රවෘත්ති මවල සාමාන්‍ය මිනිස්සුන් නොමග යවන්නේ නැතුව රටේ පවතින කුඩු, බැංකු මංකොල්ල, අපරාධ, දුෂණ, ළමා අපචාර නවත්වන්න පාසල්, පන්සල් මට්ටමින් වැඩ පිළිවෙලක් හදන්න. කව්රුත් ඔබ වහන්සේව පිළිගනීවි, (බ)

:       0       0

දයාන් Wednesday, 07 October 2015 11:16 AM

කරුණාකරලා බොදු බල සේනා සංවිධානය පාඩුවේ ඉන්න.ඔය කියන දේවල් ගැන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය බලා ගනීවි. (බ)

:       0       0

චමල් Thursday, 08 October 2015 05:31 AM

ලංකාවට විශාල අනතුරක් තියෙනවා කියල මට හිතුන දේ නෙමෙයි මම කිවුවේ. සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන් දේ. එම අනතුර ලංකාවේම ඉන්න අයට එච්චර නොපෙනෙන්න පුළුවන් පිටින් ඉඳන් බලන අයට පේනවා. පකිස්ථානය සහ හයිද්‍රබාදයේ කට්ටිය එකතු වෙලා ලංකාවට විසබීජ දාන හැටි. (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 08 October 2015 06:05 AM

සිවිල් සංවිධානයක් ලෙස බොදුබල සේනාව ක්‍රියාත්මකවීම සහ රටට අහිතකර ක්‍රියාකාරකම් සිදුවෙනවානම් ඒවා පෙන්වාදීම වගකීමක්. රජයේ අවධානය සඳහා බලපෑම් කිරීම වරදක් නෙවෙයි. නමුත් නිල නොලත් හමුදා කාණ්ඩ මෙන් කඩා පැනීම නොකළ යුතුය. (බ)

:       0       0

ප්‍රංශයේ - සුජීව Wednesday, 07 October 2015 06:24 PM

හොද දෙයක් ගැන කතා කරන්න අපේ හාමුදුරුවනේ. (ර)

:       0       0

චමල් Wednesday, 07 October 2015 11:48 AM

ලංකාවට විශාල අනතුරක් අත ළඟයි කියා මට සිතෙනවා. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 07 October 2015 12:15 PM

වියළුම ත්‍රස්ත සංවිධාන ගැන රජය හොද සෝදිසියකින් හිටියොත් හොදයි. විශේෂයෙන් මේ අවස්ථාවේදී ත්‍රස්තවාදය පතුරුවන අය ගැන මීටත් වඩා සැලිකිලිමත් විය යුතුයි. (ර)

:       0       0

ලාල් Wednesday, 07 October 2015 01:32 PM

ලංකාව තුළ අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් රහාසිගතව ක්‍රියාත්මක වනබව නැහැයි කියන්න බැහැ.කෙසේවෙතත් බොදු බල සේනා සංවිධානය අවදියෙන් සිටීම ගැන ස්තූතිවන්ත වියයුතුයි.එවැනි සංවිධානයක්වත් ක්‍රියාත්මක නොවී සිටියහොත්...?ලංකාවත් අන්තවාදීන්ගේ කුරිරු ක්‍රියාකාරකම්වලට ලක්නොවී නොසිටියිකියා සහාතිකවිය නොහැකියි.සියළුම ශ්‍රී ලාංකිකයින් අවධානයෙන් සිටිය යුතුයි. (බ)

:       0       0

සත්‍යයා Thursday, 08 October 2015 03:28 AM

ඩොලරය දැන් හුඟක් ගණන්. ඇමෙරිකන් සල්ලි නියමෙට වැඩ කරනවා. (ම)

:       0       0

දිලිප් Thursday, 08 October 2015 03:35 AM

බොදු බලය බිහි වුණේ එම අසීමාන්තික ත්‍රස්ත ක්‍රියාකාරකම් හමුවේ. රජයේ ඇමතිවරුන් . අමාත්‍යංශ ප්‍රධානින්, හා අදාළ ආයතන නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසයි (ම)

:       0       0

දිලිප් Thursday, 08 October 2015 03:34 AM

බොදු බලය බිහි වුණේ එම අසීමාන්තික ත්‍රස්ත ක්‍රියාකාරකම් හමුවේ. රජයේ ඇමතිවරුන් . අමාත්‍යංශ ප්‍රධානින්, හා අදාළ ආයතන නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසයි (ම)

:       0       0

මෙවන් Wednesday, 07 October 2015 02:15 PM

ඉසුරන්දි නිවැරදියි. (අ)

:       0       0

සේනක Wednesday, 07 October 2015 02:17 PM

බොදු බලේටත් ටිකක් හරි ඇහුම්කන් දිය යුතුයි කියන එකයි මගේ නම් විස්වාසය.(හේ)

:       0       0

නිමල් Wednesday, 07 October 2015 02:44 PM

විදේශික අන්තවාදීන්ට සහාය දක්වන දේශිය ද්‍රෝහීන් එදත් සිටියා අදත් සිටිනවා.(හේ)

:       0       0

ධම්මික රණවීර Wednesday, 07 October 2015 03:04 PM

බොදු බල සේනාව කියන කරනවා අන්තවාදී විදියට දකින්න එපා..මේ රටට අනතුරක් තියනවා...සිංහල ප්‍රදේශවලින් පිට ප්‍රදේශවල ඉන්න කොට එ්ක තේරෙනවා....ජනාධිපතිගේ අවධානය මේකට යොමු විය යුතුමයි (බ)

:       0       0

හුසේන් Wednesday, 07 October 2015 10:18 AM

ඉතා දුර දිග දකින කෙනෙක්. ජය වේවා (ම)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්දු Wednesday, 07 October 2015 10:20 AM

මෙයාලා ආයේ චණ්ඩිකම් පටන්ගන්න වගේ (බ)

:       0       0

කලණි Wednesday, 07 October 2015 03:19 PM

ගැටලුව තියෙන්නේ, හාමුදුරුවන්ගේ ආවේගශීලී කථාවේ මිසක් කියන දේ හිතන්න දෙයක් තියෙනවා.(හේ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 07 October 2015 10:34 AM

එතකොට බොදු බල සේනා සංවිධානයේ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා ගැන කවුද කතාකරන්නේ, එයාලා පහුගිය කාලේ හොඳ නාඩගන් ටිකක් නැටුවානේ? (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 07 October 2015 10:47 AM

පසුගිය මැතිවරණයෙන් බොදු බල සේනාවට ජනතාව දුන් පණිවුඩය අමතක වෙලා වගෙයි. (ර)

:       0       0

කරුණාපාල Wednesday, 07 October 2015 04:09 PM

මේක දැනගත්ත වෙලාවේ ඉඳලම ගොඩක් දෙනෙකුට ඇඟ සිතල වෙලා උණ අරගෙන.. මේ වන විටත් රෝහල් වල උණ රෝගීන් ගෙන් පිරිලා තියනවා කියල අපිටත් ආරංචි වුණා අනේ!(අ)

:       0       0

රෙහාන් Thursday, 08 October 2015 05:08 AM

බොදු බල සේනාව හරියට ඇමෙරිකාව වගේ (බ)

:       0       0

ලසන්ත Saturday, 10 October 2015 02:06 AM

මේ හාමුදුරුවෝ කොච්චර කෑගැහුවත් අපේ සිංහලයන්ට තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

සිංහපුත්‍ර Thursday, 08 October 2015 05:10 AM

බොදු බලේ නැතිනම් ද මේ සිංහල රටේ අපි කන්නේ හලාල් කෑම. බොදු බල සේනාවට මගේ සුබ පැතුම් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site