IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අන්තර් සමාජ රග්බි තරග විදුලි ආලෝකය මධ්‍යයේ

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන මෙවර ‘ඩයලොග්’ ලීග් රග්බි තරගාවලියේ තරග කීපයක් පළමු වරට දිවා/රාත‍්‍රි තරග ලෙස විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබේ. ක‍්‍රීඩාංගණ තුනක් මේ වන විට දිවා/රාත‍්‍රි තරග පැවැත්වීමට සූදානම් කරන බව ද වාර්තා වේ. ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා අද (30) පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ දිවා/රාත‍්‍රි තරග පැවැත්වීමට ක‍්‍රීඩා සමාජ දෙකක් මේ වන විටත් එකඟතාව පළකර ඇති බවයි. වැලිසර නාවික හමුදා රග්බි පිටිය මේ වන විටත් රාත‍්‍රි තරග පැවැත්වීය හැකි ලෙස සංවර්ධනය කර තිබේ. හැව්ලෝක්ස් රග්බි පිටිය ද මේ දිනවල රාත‍්‍රි තරග පැවැත්විය හැකි ආකාරයට සංවර්ධනය කරමින් පවති. කොළඹ පැරණි තුරඟ තරග පිටිය රාත‍්‍රි තරග පැවැත්විය හැකි ආකාරයට සංවර්ධනය කරන බව ද වාර්තා වේ.



අදහස් (0)

අන්තර් සමාජ රග්බි තරග විදුලි ආලෝකය මධ්‍යයේ

ගමගේ Wednesday, 30 May 2012 07:20 PM

මෙන්න විදුලිය ඉතිරිකර ගන්න නව ක්‍රමයක් .....වැදි බණ.

:       0       0

වරකාගොඩ Wednesday, 30 May 2012 07:22 PM

මේව කාගේ අදහස්ද කියල හිතාගතහැකි..

:       0       0

ජයවීර Thursday, 31 May 2012 03:11 PM

රොෂාන් ඔයා හරි . මෙයාලට ඕන කැන්ඩි අය නැති කරන්න. වැඩකාරයෝ ඉන්නේ කැන්ඩි ටීමි එකේ .

:       0       0

උපුල් Wednesday, 30 May 2012 10:17 PM

කෝ මේ ඇමතිලා?

:       0       0

රත්නායක Thursday, 31 May 2012 10:02 AM

ඈයි කැන්ඩි නැත්තේ ?මේව කාගේ අදහස්ද?

:       0       0

රොෂාන් Thursday, 31 May 2012 11:00 AM

මෙයාලට ඕන මහනුවර රගර් නැති කරලා නෙවි එක උස්සන්න ..ක්‍රීඩා ඇමතිත් මහනුවර.. එත් ?????

:       0       0

කළණ ජේ. Thursday, 31 May 2012 01:09 PM

ගමගේ, හැම එකේම වැරැද්දක් දකින්න එපා. මෙච්චර කල් රෑට ක්‍රිකට් මැච් ගහනකොට කොහෙද ඔය කට තිබ්බෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site