වසර හතකට පසුව පැවැති අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියේ ශූරතාව වෙළෙඳසේවා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.
කුරුණෑගල වෙලගෙදර ක‍්‍රීඩාංගනයේදී අද (2 වැනිදා) නිමාව දුටු තරගාවලියේ අවසන් මහ තරගයේදී රාජ්‍ය සේවා කණ්ඩායම ලකුණු 63-49ක් ලෙසින් පරාජය කරමින් අන්තර් සංගම් දැල්පන්දු කුසලාන දිනා ගැනීමට වෙළෙඳසේවා කණ්ඩායම සමත්විය.
අත්දැකීම් පිරිපුන් ජාතික මට්ටමේ ක‍්‍රීඩිකාවන් රැසක්ම දෙපිල නියෝජනය කළ බැවින්, අවසන් මොහොත දක්වාම අවසන් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය. එහිදී වට හතරේදීම වෙළෙඳසේවා ක‍්‍රීඩිකාවෝ ලකුණු 15-11, 17-16, 14-13, 17-09 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් තරගය ජය ගත්හ.
වෙළෙඳසේවා කණ්ඩායම වඩාත් ප‍්‍රබල මට්ටමක පසුවුයේ හිටපු ජාතික දැල්පන්දු නායිකාවන් පස් දෙනෙකුම එම කණ්ඩායමට ක‍්‍රීඩා කළ බැවිනි.
අවසන් පූර්ව වටයේදී ජයග‍්‍රාහී වෙළෙඳසේවා කණ්ඩායම විසින් ජනසතු සේවා කණ්ඩායම ද (37-25) රාජ්‍යසේවා කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම ද (27-12) පරාජය කරන ලදී. අවසන් මහ තරගය පැයක කාලයක් පුරා පැවැත්විණි.
තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී පාසල් කණ්ඩාම පරදවා ජනසතු සේවා කණ්ඩායම ලකුණු 23-21ක ජයක් ලැබීය. එසේවුවත් එහිදී ළාබාල පාසල් ක‍්‍රීඩිකාවන්ගේ සටන්කාමිත්වය කැපී පෙනුණි.
වසර ගණනකට පසුව පැවැති තරගාවලියට දැල්පන්දු සංගම් 19ක් සහභාගි වූහ. එහෙත් ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ අනුබද්ධ සංගම් ගණන 35ක් වන බව එහි තරග ලේකම් පී.ඞී. ප‍්‍රසාදි මහත්මිය ”ලංකාදීප”යට පැවසුවාය. ඒ අනුව මෙම තරගාවලියට කණ්ඩායම් 16 ක් සහභාගි වී නැත.
දැල්පන්දු රැජින සම්මානය රාජ්‍ය සේවා කණ්ඩායමේ විරාජි චාමරිකා දිනා ගත්තාය. එම කණ්ඩායමේම ගයා ජයවීර අවසන් මහ තරගයේ දක්ෂතම පන්දු විදින්නිය ලෙස සම්මාන ලැබුවාය.
ජයග‍්‍රාහී වෙළෙඳ සේවා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ කුමරිනී ද සිල්වා හා ජයලිය කුමාරි දක්ෂතම පන්දු රකින්නිය හා මැද පෙළ ක‍්‍රීඩිකාව සම්මාන ලැබූහ.
තරගාවලියේදී දක්ෂතම නැගී එන ක‍්‍රීඩිකාවට ද මෙවර සම්මානයක් ප‍්‍රදානය කළ අතර එය හිමි කර ගත්තේ මාතර දිස්ත‍්‍රික් කණ්ඩායමේ ගයාත‍්‍රි ජී. වික‍්‍රමගේය.
මේ අතර මිශ‍්‍ර තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තේ ද වෙළෙඳ සේවා දැල්පන්දු සංගමය විසිනි. රාජ්‍ය සේවා කණ්ඩායමට එරෙහිව ලකුණු 12-11ක තියුණු ජයක් ලැබීමට එහිදී බැංකු සේවා කණ්ඩායම සමත් විය.
(ඡයාරූප: පුෂ්පකුමාර ජයරත්න)
තර්ජනීට තර්ජනයක් නැත... වෙළඳ සේවා කණ්ඩායමේ තර්ජනී පන්දුව දැල තුළට විදින අවස්ථාවක්...
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අන්තර් සංගම් දැල්පන්දු ශුරතාව වෙළෙඳ සේවා පිලට