(මුදිතා දයානන්ද සහ ඉන්දිකා රාමනායක)
වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට හා ත්‍රස්ත පනත අහෝසි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන් ගාලු මුවදොරට ඇතුලු වීම වලක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) තහනම් නියෝගයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මෙම විරෝධතා පා ගමන ලිෆ්ටන් වටරවුමට රැස් වී පෙළපාලියකින් යුනියන් පෙදෙස ඔස්සේ ගාලුමුවදොර වෙත පැමිණීමට සැලසුම් කර ඇති බවට කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපතිවරයා ලැබුණු තොරතුරු අනුව එය තහනම් කරන ලෙසට ඉල්ලා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එ අනුව විරෝධතාකරුවන්ට ගාලු මුවදොරට ඇතුලු වීම වලක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අන්තරේ පා ගමනට ගෝල්ෆේස් තහනම්