IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අනතුරින් පසු ඕඅයිසී පැන යයි

රඹෑවේ දී රිය අනතුරකින් පසු එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබීමෙන් පසු වාහන නොනවත්වා පදවාගෙන මිහින්තලේ පොලිසියට ගිය බව කියන අනුරාධපුර පොලිසියේ විශේෂ අපරාධ අංශයේ ස්ථානාධිපති කුමාරසිංහ අද (1) පස්වරුවේ අනුරාධපුර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමටනියමිතව සිටියේය.

ඔහු පැදවු පෞද්ගලික වෑන්රියට යටවී මියගිය බව කියනුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරඟ කරන දුමින්ද දිසානායක ඇමැතිගේ ආධාරකරුවෙකි.

ඔහු වෙනුවෙන් ඔහුගේ ආධාරකරුවන් ඡන්ද වැඩසටහනකට සහභාගී වෙමින් සිටියදි මේ අනතුර සිදුවිය.

අනතුරක් සිදු වීමෙන් පසු පොලිස් නිලධරයකු වාහානයක් නොනවත්වා ගමන් කිරීම බරපතල සිද්ධියක් බව පොලිසියේ උසස් නිලධාරියක් කීය.



අදහස් (0)

අනතුරින් පසු ඕඅයිසී පැන යයි

අසංක Sunday, 02 August 2015 03:34 AM

රිය අනතුරකින් පසු පාරෙ ඉන්න මිනිස්සු නීතිය අතට අරන් රියදුරුට ගහන නිසා තමයි ළඟම පොලිසියට යන්න ගොඩක් අය ට්‍රයි කරන්නේ (ම)

:       0       0

සමන්ත සුගතවංස Sunday, 02 August 2015 06:20 AM

මේ දවස්වල අපේක්ෂකයන්ට උදවු කරන ආදාර කරුවන් මහපාරේ හැසිරෙන්නේ පාර තමුන්ට බද්දට පවරාගත් සේය. රියදුරෝ හැටියට අපිත් මහපාරේ ගමන් කරන්නේ හරිම අසීරුවෙන්. මේ කියන අපේක්ෂකයාගේ ආදාරකරුවකුට මා වාහනේ නලාව නාද කරමින් ඉඩ ඉල්ලු විට ඔහු මට අසබ්‍ය වචනයෙන් බැන මගේ වාහනයට පයින් ගැසුවා. මා ඉතා ඉවසීමෙන් ගමන් කල නිසා මටත් ඔහුටත් අනතුරක් වුයේ නැහැ. මේ සිදුවීමටත් හේතුව මෙය වන්නට ඇති. (නදී)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Sunday, 02 August 2015 06:36 AM

මහජනයාගේ ආරක්ෂාව අඩු වේ ඇති බව දැන් වත් සිතමු (ම)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Sunday, 02 August 2015 06:37 AM

මහා කකුළුවා ඇදේට ගිහින් පොඩි උන්ට කෙලින් යන්න කියන කාලයක් දැන්!(ම)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Sunday, 02 August 2015 06:39 AM

පොඩි එකෙක් අතින් වුණා නම් පොරව මෙලහකට සුප් එකක් කරලා !(ම)

:       0       0

බන්දුල Sunday, 02 August 2015 09:00 AM

පොලිසියේ උනත් ගහයි කියලා බය වෙන්න ඇති අනේ. සාමාක්‍යෙයනුත් වාහන අනතුරක් උනාම ලංකාවේ සිස්ටම් එක ඉස්සෙල්ලාම රියදුරාට පහර දෙන එකනේ. විශේෂයෙන්ම දේශපාලන අාදාරකරුවෝ ඉන්නකොට තත්වේ හිතාගන්න පුළුවන් නේ. පවු අනේ බයටනේ නොනවත්වා ධාවනය කරන්න ඇත්තේ. දේශපාලකයා නීතියට උඩින් නේ ලංකාවේ සලකන්නේ. (නදී)

:       0       0

රූපවතී Saturday, 01 August 2015 03:53 PM

ඔන්න ලංකාවේ නීතිය ක්‍රියාකරන උතුමෝ! (නි)

:       0       0

මොහොමඩ් Sunday, 02 August 2015 09:27 AM

බන්දුල ඔයා ඇත්ත කිව්වේ. ලංකාවේ සිස්ටම් එක එ්කයි. පොලිස් නිලධාරියා බයවෙන්න ඇති (නදී)

:       0       0

අමිල සුගන්ද Saturday, 01 August 2015 05:01 PM

ඔන්න වැඩ අපේ අයියලාගෙ (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 05:04 PM

අකුරටම වැඩ වගෙයි... (නි)

:       0       0

රවීන් Saturday, 01 August 2015 06:17 PM

ඔහු පොලිස් දෙපාර්තමේන්තුවටත් අපහාසයක් කළේ. නළවන්න එපා. දැඩි පියවර ගන්න. (නි)

:       0       0

අමා Saturday, 01 August 2015 07:45 PM

මහජනයාගේ ආරක්ෂාවට ඉන්න අයට ආරක්ෂාව දෙන්න වෙලා තියෙන්නේ මහජනයාටමය (නි)

:       0       0

අමා Saturday, 01 August 2015 07:47 PM

මම නම් අහලා තියෙන්නේ පොලිසියට බඳවාගන්නේ නිර්භීත අය කියලයි (නි)

:       0       0

ප්‍රභාත් Saturday, 01 August 2015 09:38 PM

මිනිසුන් ඉදිරියේ අපහසුතාවයට පත්වෙනවාට වඩා පැනල යන එක හොඳයි කියලා රාළහාමිට හිතෙන්න ඇති (නි)

:       0       0

විකුම් Saturday, 01 August 2015 11:36 PM

පොලිසියේ නිලධාරී මහත්වරුත් මෙහෙම නම් සාමාන්‍ය මිනිසුන් ගැන කවර කතාද? (නි)

:       0       0

පද්මප්‍රිය Sunday, 02 August 2015 01:09 AM

ඔහු ඔහුගේ වගකීම පැහැර හැර ඇත. ඔහු තව දුරටත් රාජකාරියේ සිටීමට නොහැකිය. ඔහු නීතියට යටත්ය. මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළයුතුය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site