IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අනතුරෙන් දරුවන් සුරකින සතියක්

වළක්වාගත හැකි අනතුරු වලින් වසරකට මිය යතියි කියන 1000ක් පමණ ළමා ජීවිත රැක ගැනීමේ සතියක් අද (28) සිට ක්‍රියාත්මක කරන බව නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍ර‍තිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකා ළමා ආරක්ෂක සංවිධානය, ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ මානව ක්ෂමතාව පිළිබඳ විද්වත් කමිටුව, යුනෙස්කෝ සංවිධානය හා ස්වදේශ අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන රට පුරා ක්‍රියාත්මක කරන බව කියයි.

අනතුරු සිදුවන ආකාරය හා ඒවා වළක්වාගැනීම සම්බන්ධයෙන් පාසල් සිසු දරු දැරියන් දැනුම්වත් කිරීමේ වැඩසටහන්, හෙල්මට් නොමැතිව යතුරුපැදිවලින් දරුවන් රැගෙන යාම වරදක් බව දැක්වෙන ස්ටිකර් බෙදාදීම, අනාරක්ෂිත ළිං හා වතුර වළවල් ආවරණය කිරීම, පොලිසිද සහාය කරගනිමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලාව අසළින් ඔක්තෝබර් 04 (ඉරිදා) ජාතික පාගමනක් සංවිධානය කිරීම මෙම වැඩපිළිවෙළට අයත්වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍ර‍ජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පවසන්නේ පැය 15ට වරක් මෙරට දරුවකු හදිසි අනතුරු හේතුවෙන් මියයන බවයි. සෑම විනාඩි දෙකකට ම වරක් දරුවකු හදිසි අනතුරුවලින් තුවාල ලබා රෝහල්ගත වන බව ද ජයරත්න මහතා පවසයි. 

20542 35210 52422 12547896 64552 654879 1236548



අදහස් (0)

අනතුරෙන් දරුවන් සුරකින සතියක්

ධම්ම Monday, 28 September 2015 04:37 AM

දරුවන් අනතුරුවලට ලක්වීම දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව සිදුවන වන අතර ඔවුන් එයින් මුදවා ගැනීමට සිත් පහලවීමද දෙවියන් වහන්සේගේ කැමැත්ත වේ. (බ)

:       0       0

රූපවති Monday, 28 September 2015 06:58 AM

දරුවන් වගේම ..දෙමාපියන්ට අණතුරු වලක්වා ගැනීම හා ඉන් ජීවිත බේරා ගන්න ආකාරය ගැන මාස තුනක පාටමාලාවක් හැදෑරීමට රජයෙන් කටයුතු සලසන්නේ නම්..? මේ මාරක සියල්ලෙන්ම ජය ගන්න ලැබෙනවා දරුවන් මෙන්ම කාන්තාවන්ට? වැඩි හිටි නොසැල කිල්ල තමයි ලොකුම කිල්ල? (අ)

:       0       0

වසන්ත Monday, 28 September 2015 07:08 AM

කවුද බන් ඔය කියන දෙයියා.. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site