IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අනතුරින් දෙදරු පියා මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිතුරා ගේ විශ්‍රාමික සාදයට ගොස් යලි රැකියා ස්ථානය කරා පැමිණෙමින් සිටි දෙදරු පියෙකු සේවය කරන කර්මාන්ත ශාලාව ඉදිරිපිටදි කන්ටේනර් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි  හොරණ  මූලස්ථාන පොලීසිය කියයි

අනතුරින් මියගොස් ඇත්තේ බැල්ලපිටිය වැලිපත පදිංචිව සිටි ගුරුගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවක කැපුම් කරුවකු ලෙස සේවය කරන  ඩබ්ලිව්  ඒ  උපාලි වීරකෝන් නැමැති (49) හැවිරිදි දෙදරු පියෙකි

මියගිය අය සේවය කරන කර්මාන්ත ශාලාවේ  පුද්ගලයෙකු මීට දින කිහිපයකට ඉහත දී විශ්‍රාම ගොස් තිබූ අතර ඒ වෙනුවෙන් පෝරුවදණ්ඩ ඔහුගේ නිවසේදී  මිතුරන් වෙනුවෙන් සාදයක් පවත්වා ඇතැයි, පොලිසිය කියයි

මියගිය පුද්ගලයා එම සාදයට සහභාගි වී රාත්‍රී වැඩමුරය සඳහා යළි කර්මාන්තශාලාව වෙත පැමිණීමේ දී බියගම සිට කර්මාන්ත ශාලා වෙත ඇඟලුම් රැගෙන පැමිණ  එහි ඉදිරිපිට නවතා තිබූ  කන්ටේනර් රථයේ පිටුපස දකුණු පස ගැටී බරපතළ තුවාල ලබා අනතුරට ලක්වීමෙන් අනතුරුව 1990 සුවසැරිය ගිලන් රථයෙන් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ බව පොලිසිය කියයි

මියගිය අයගේ මුහුණ සහ හිසට බරපතළ තුවාල සිදුවී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය

 

 

 



අදහස් (0)

අනතුරින් දෙදරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site