IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අනතුරින් ගාලු බාලදක්ෂ කොමසාරිස් මරුට

(එම්.සුසිල් පියන්ත)

ගාලු පාරේ බළපිටිය බේරතුඩුවේදී යතුරු පැදියක් බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයකු මිය ගොස් ඔහුගේ දියණිය තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මේ අනාතුරින් මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රජාපතීගෝතමී බාලිකා විදුහලේ ආචාර්යවරයකු හා ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයකු වන බළපිටිය සිරිසේන මාවත පදිංචි අගම්පොඩි ගාමිණී සේපාල ද සොයිසා නමැති පනස් හය හැවිරිදි තිදරු පියෙකි.

පෞද්ගලික නිවසක පැවති උපකාරක පංතියකින් සිය දියණිය රැගෙන නිවස බලා යතුරු පැදියෙන් යමින් සිටියදී ක්‍රියා විරහිතව නතර කර  තිබූ බස් රථයක ගැටී මේ අනතුර සිදුව ඇතැයි  පොලීසිය කියයි.

මේ අනතුරින් තුවාල ලැබූ මිය ගිය තැනැත්තාගේ දියණිය මේ වනවිට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලීසිය කියයි.

 



අදහස් (4)

අනතුරින් ගාලු බාලදක්ෂ කොමසාරිස් මරුට

සමීර ශාන්ත Saturday, 13 May 2023 11:00 AM

අනේ මගේ සර්. දෙවියෙක් වගේ ගුරු පියාණන් කෙනෙක්. මා දකින ලෝකයේ හොඳම ගුරුපියාණන් ඔබයි... ආදරණීය ගාමිණී ගුරුපියාණනි...! අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයේ සිසුන්ට ඔබ තාත්තා කෙනෙක් වගේ. සිසුන් වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය, වාහන, මුදල් ඔබ වැය කළා. කෘෂිකර්ම විෂය, පරිසර නියමු භට, බාලදක්ෂ, සෙන්ජෝන් ගිලන්රථ, හස්ත සංඥා කණ්ඩායම්, ආදි විෂය පරිබාහිර ක්‍රියාකාරකම් සඳහා දරුවන්ට නායකත්වය දුන්නා. එකවරක් ඔබ වාහන අනතුරක් වෙලා කකුල කැඩිලා ගෙදර හිටියා. එත් ඔබට පාසල් දරුවන් නොදැක ඉන්න බැහැ. ඔබ බාලදක්ෂ කඳවුරක් ගෙදර ඇතිකරලා ළමයින්ට කන්න බොන්න දීලා මාසයක් බාලදක්ෂ ක්‍රියාකාරකම් ඉගැන්වූවා. තමන්ගේ දරුවන් වගේ අනිත් දරුවන්ට සැලකුවා. නායකත්ව ගුණාංග කියලා දුන්නා. ඔබ සිටින අවධියේ එකදිගට වර්ෂ ගණනාවක් ප්‍රධාන ශිෂ්‍ය නායකයින් ඔබේ බාලදක්ෂ කණ්ඩායමෙන් ඔබ බිහිකළා. සමාජ සේවා රැසක් ඔබ අතින් ඉටු වුණා. රැයක්, දහවලක් නැහැ පාසලේ ගතකළා.. අනේ සර් මොකද වුනේ මේ... 2005 වර්ෂයේ දී බලපිටිය කොට්ඨාසයේ ප්‍රථම ජනපති බාලදක්ෂයා ඔබ බිහි කළා... ලබන ආත්මයෙත් මගේම ගුරුපියාණන් වෙලා එන්න සර්...!

:       2       13

Bunny Preena Saturday, 13 May 2023 12:33 PM

කණගාටුදායක පුවතක්... සමහර දෙමව්පියන්ට රෑට නින්දට යනකන් දවස පුරාම වැඩ. රටේ වෙන දේවල් දැක්කාම දෙමව්පියන් තම දරුවන් තනියෙන් උපකාරක පන්තිවලට යවන්න අකැමැතියි. නතර කර තිබූ වාහනයක ගැටී මිය ගියා කියන්නේ, එතකොට මෙතුමාට නින්ද ගියාවත්ද? නැතිනම් හෘදයාබාධයක් හැදුණාවත්ද? ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

:       1       0

ලුම්බිණි Saturday, 13 May 2023 05:40 PM

ඉතාම කණගාටු දායකයි...!

:       3       1

රන්ගන Saturday, 13 May 2023 07:12 PM

සර්... හොඳ කෙනෙක්. හොඳ ගුරුවරයෙක්. හොඳ මනුස්සයෙක්. මමත් පාසල් කාලේ ඉතා ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. නිවන්සුව පතනවා සර්ට. අවාසනාවන්ත සමුගැනීමක්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site