IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අනතුරට ලක්වූ පොලිස් කාරය කොස්තාපල්වරයකුගේ වියදමින් හදවලා

රජයෙන් ලැබුණු වාහනය අනතුරට පත්වූ පසු ඒ බව පොලිස් දෙපාර්තමේන්තුවට වාර්තා නොකර පොලිස් කොස්තාපල්වරයකුගේ වියදිමින් අලුත්වැඩියා කරවීම ඇතුළු පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට අනියුක්ත කර විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් ආරංචි කියයි.

පොලිස් පරීක්ෂකයකු ලවා විදුලිබිලක් ගෙවීම, පොලිස් නිලධාරියකු ලවා කාන්තාවකට ආහාර ගෙන්වා ගැනීම ඇතුළු පැමිණිලි කිහිපයක්ම ඔහුට එරෙහිව ලැබී ඇතැයි පොලිස් ආරංචි සඳහන් කරයි.

එම පැමිණිලි සම්බන්ධයෙන් දකුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමරත්න මහතාගේ නියෝගයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර විමර්ශන අවසන් වන තුරු ඔහු තාවකාලිකව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට නියුක්ත කර ඇත.

මාධ්‍යවේදියකු අතුරුදන්වීම සම්බන්ධ පැමිණිල්ලක් නිසි ලෙස විමර්ශනය නොකළැයි ද මේ නිලධාරියාට එරෙහිව නඩුවක් ගොන් කර තිබේ.

ඔහු සහකාර පොලිස් අධිකාරීවරයකු වීමට පෙර සිදුකළැයි කියන සිද්ධිය කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකක විමර්ශන තුනක් පැවැත්වූ අතර පසුගිය ආණ්ඩුවේ ප්‍රභල ඇමැතිවරයකුගේ මැදිහත්වීමෙන් ඒ විමර්ශන අතරමග නැවතුණ බව ද උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.



අදහස් (0)

අනතුරට ලක්වූ පොලිස් කාරය කොස්තාපල්වරයකුගේ වියදමින් හදවලා

මුරුගා Sunday, 21 June 2015 05:06 PM

කාගේ ගෝලයෙක් වෙන්න ඇද්ද කියලා හිතාගන්න පුලුවන් (නි)

:       0       0

හැරල්ඩ් Sunday, 21 June 2015 05:31 PM

ඒ කියන්නෙ ප්‍රභල දේශපාලන අය කිව්වොත් ඕනෑම අපරාධයක් යටපත් කරනවද? ඒකනෙ මේ වෙලා තියෙන්නෙ... (නි)

:       0       0

සඳුන් Sunday, 21 June 2015 08:13 PM

හම්බන්තොට නම් මොනවද වෙන්න බැරි. (නදී)

:       0       0

ද සිල්වා Sunday, 21 June 2015 09:52 PM

මේ මනුස්සය කරලා තිබෙන්නේ පොලිසියේ සහ ජනතා මුදල් ඉතුරුවෙන වැඩමනේ. ඉතින් ඔහුට ලෙඩ දැමීම සාධාරණද ? ඔය කොස්තාපල්ලා මිනිස්සුන්ගෙන් නිතරම ජරාව ගන්න එකේ ඉඳල හිටලා අතින් වියදම් කරලා පොලිස් කාර් එකාක් අලුත් වැඩියා කරහම මොකද ,වෙන්නේ ? පොලිස් නිලධාරියෝ නිතරම අපට බිල් දමන එකේ ඉඳ හිට විදුලි බිලක් ගෙවුම නරකද ? පොලිස් කාරයෝ නිතරම පිනටම ගිලින්න බලාගෙන ඉන්නේ ඉඳ හිට අසරණ ගැහැණු මනුස්සයෙකුට කෑම එකක් ගෙනත් දුන්නම නරකද ?(නදී)

:       0       0

කැනඩා දිසා Monday, 22 June 2015 01:03 AM

මම මිනිහව දන්නවා. නමුත් ප්‍රසිද්ධියේ නම කියන එක ශ්‍රේෂ්ට පොලිස් දෙපාර්තමේන්තුවට අගෞරවයක්. (නදී)

:       0       0

මනෝජ් Monday, 22 June 2015 02:30 AM

මේ වගේ උසස් නිලධාරීන් තමා පොලිසිය කන්නේ. පොඩි අය නෙමෙයි (නි)

:       0       0

ඉසුරන්දි Monday, 22 June 2015 06:22 AM

ඉහළ සිට පහළටම දුෂණය රජයන සමයක මේවාට පිළියම් සෙවීමෙන් ඇති පලක් නැත.(ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 June 2015 06:52 AM

හම්බන්තොට කියල කියද්දීත් තව මොන පරීක්ෂණද? (ර)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 June 2015 07:29 AM

"මාධ්‍යවේදියකු අතුරුදන්වීම සම්බන්ධ පැමිණිල්ලක්" හතර පෝයට සිල්ගන්න,පිරිත් නුල් 100 ක් විතර බැදගෙන ඉන්න,අපිට පේන්න බන අහන,අපිට පේන්න මල්වට්ටියක් උස්සන් ඉන්න අපේ සත්ගුණවත් උපාසක මහත්තයගේ කාලේදී නෙමෙයි වෙන්න ඇති. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 June 2015 07:32 AM

"මාධ්‍යවේදියකු අතුරුදන්වීම සම්බන්ධ පැමිණිල්ලක්".....ලංකාවේ මාධ්‍යවේදියකු වෙනවා කියන්නේ කොයි වෙලේ,කොහොම,කාගෙන් ටොපිය කටට වැටේවිද කියල දන්නේ නැති රැකියාවක් වෙලා තිබුන යුගයක් තිබුන. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 June 2015 07:35 AM

හම්බන්තොට කියන්නේ තවමත් මුදා නොගත්තු ප්‍රදේශයක්ද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 113 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site