IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අන්තර්ජාල ළමා අපරාධවලට වැට

(ගයාන් සූරියආරච්චි)

දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට හෝ සමාජ මාධ්‍ය හරහා විසුරුවාහරින පුද්ගලයන් හඳුනාගත හැකි අන්තර්ජාතික දත්ත පද්ධතියක් සමඟ එකතුවීමට ශ්‍රී ලංකා පොලිසියට හැකිවූ බව නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය අද19) පැවැසුවාය.

මීට මාස 2 කට පමණ පෙර  මෙම දත්ත පද්ධතිය හා එක්වීමට ශ්‍රී ලංකා පොලිසිය හැකි වූ බවත්  එමගින්  අන්තර්ජාලය ඔස්සේ නිතර අසභ්‍ය වීඩියෝ නරඹන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබාගත හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිනිය කීවාය.

අන්තර්ජාල සේවා සපයන ආයතන මෙම අන්තර්ජාතික දත්ත පද්ධතිය හා සම්බන්ධවී එම තොරතුරු හුවමාරු කරගන්නා අතර මෙමගින් ඉතා පහසුවෙන් එවැනි පුද්ගලයන් හදුනාගැනීමට හැකියාව ඇති බවද ජයසුන්දර මහත්මිය පැවැසුවාය.

2023 වසරේ අන්තර්ජාලය ඔස්සේ දරුවන් අපයෝජයට ලක්වන සිද්ධි 98,000ක් ලැබී ඇති බවත් 2022 වසරේ නව මාධ්‍ය ඔස්සේ දරුවන් 146,000 ක් අපයෝජනයට ලක්වී ඇති බවත් රේණුකා ජයසුන්දර මහත්මිය පැවැසුවාය.



අදහස් (1)

අන්තර්ජාල ළමා අපරාධවලට වැට

බක්මීගොල්ල Wednesday, 20 December 2023 09:08 AM

දුරස්ථ අධ්‍යාපනය කරන්න ළමයි අතට පෝන් එකක් දෙනකොට මේ කිසිම කෙනෙකුට මේකේ බරපතල කම තේරුනේ නැද්ද. කිසිම අධීක්ෂණයකින්, පාලනයකින් තොරව මේවා ළමයි ට ලබා දුන්නා. දැන් පාසල් ළමයි දැන් ගන්න දෙයක් නෑ. අද්‍යාපනය කෙසේ වෙතත් ළමයි දැන් පෝන් නැතුව සියදිවි හානිකරගන්න තත්වෙට එකට ඇබ්බැහිවෙලා. අධ්‍යාපන අමාත්‍යංශය වගේ රටක වටිනා, අනාගතය බාරගන්න ඉන්න පිරිසක් බිහිකරන තැනකට උගත්, බුද්ධිමත් ඇමතිතුමා ඇතුළු නිලධාරීන් යොදවන්න ඕනේ.විභාග විතරක් ගැන හිතන අයගෙන් මේ වැඩේ වෙන්නේ නෑ. ලොකුවට කියනවා මෙච්චර පාස් කියලා. කෝ හැදියාව. විශ්වවිද්‍යාල වල ළමයි පවා දැන් පාතාලේ වගේ වෙලා. හැබැයි විභාග පාස්. මෙතන වරදක් තියෙනවා කියලවත් වැටහෙනවා නම්.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site