IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


අන්තර්ජාල අලෙවිකරණයේ දැවැන්ත වර්ධනයක්

Online

 

කටාර් රාජ්‍යය තුළ ස්ථාපිත කර ඇති ව්‍යාපාරික ආයතනවලින් ලබාදෙන අන්තර්ජාල අළෙවිය සහ පාරිභෝගික සේවාවන් පසුගිය වසර තුනක කාලය ඇතුළත විශාල වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව ප්‍රවාහන සහ සංනිවේදන අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කළිූ්ඒර’ි ෂක්‍ඔ ඛ්බාිජ්චැ 2016ථ ඊමිසබැි’වාර්තාවේ දැක්වේ. 


ව්‍යාපාරික ආයතනවල අන්තර්ජාල ව්‍යාප්තය 2010 වසරේ සිට සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරන අතර වර්ථමානයේදී එය සියයට 70 ක් බවද 2015 වසර වෙනුවෙන් නිකුත් කළ දත්තවල දැක්වේ. මෙම අංශයේ පරිගණක ව්‍යාප්තිය සියයට 76 ක ස්ථාවර මට්ටමක පවතී.


වෙබ් ව්‍යාප්තිය 2010 වසරේදී සියයට 20 ක් වූ අතර එය 2015 වසර වන විට සියයට 39 දක්වා දෙගුණයකින් වර්ධනය වී ඇත. කෙසේ වෙතත් එය 2012 වසරේ සිට ස්ථාවර මට්ටමක පවතී. අන්තර්ජාල අළෙවිකරණය පාරිභෝගික සහයෝගය භාවිතා කිරීම, ඊ-බැංකුකරණය, සමාජජාල සහ ඊ-ගවර්මන්ට් සේවා වැනි අන්තර්ජාල ක්‍රියාකාරකම් හරහා එම අංශයේ වැඩි දියුණුවක් ලබාගත හැකිය.


ව්‍යාපාර ආයතනවල අන්තර්ජාල ක්‍රියාකාරකම්වල විශාල වර්ධනයක් දකින්නට ලැබෙන අතර එය 2012 වසරේදී සියයට 27 සිට 2015 වසරේදී සියයට 42 ක් දක්වා වර්ධනය වී තිබේ. අන්තර්ජාල පාරිභෝගික සේවා සැපයීම මෙම කාලය තුළදී සියයට 15 සිට සියයට 36 දක්වා ඉහළ ගොස් තිබේ.


ඉහත වාර්තාවට අනුව කටාර් හි ව්‍යාපාරික ආයතන 44,439 ක් (විශේෂිත රාජ්‍ය ආයතන හැර)ස්ථාපිත කර ඇති අතර ඒවායේ පුද්ගලයන් මිලියන 1.2 ක් සේවය කරති. අන්තර්ජාලය පාවිච්චියට ගන්නා ආයතනවලින් අඩුම තරමින් හරි අඩක්වත් අන්තර්ජාල සේවාවන්හි වේගය සහ විශ්වාසනීයත්වය පිළිබඳව සෑහීමකට පත්වන බවද ඉහත වාර්තාවේ දැක්වේ.


තොරතුරු තාක්ෂණ නිෂ්පාදන (ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 31 ක් තෘප්තිමත්ය), අභිමත විදුලි සංදේශ සේවා (ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 33 ක් තෘප්තිමත්ය) සහ අන්තර්ජාල සේවාවන්ගේ පිරිවැය (සියයට 38 ක් තෘප්තිමත්) සම්බන්ධයෙන් ව්‍යාපාරික ආයතන අතර අවම තෘප්තියක් දකින්නට ලැබෙන බවද පෙනී යයි. අනාගතයේදී රජයේ සහයෝගය ලැබිය යුතු යැයි ව්‍යාපාරික ආයතන විසින් හඳුනාගෙන ඇත්තේ තොරතුරු සහ සංනිවේදන යටිතල පහසුකම් (ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 54 ක්) සහ තොරතුරු සහ සංනිවේදන නිපුණතා සංවර්ධනය (සියයට 37 ක්) යන ක්ෂේත්‍රයන්ය.

 



අදහස් (0)

අන්තර්ජාල අලෙවිකරණයේ දැවැන්ත වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 272 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 758 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site