IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අන්තර්ජාතික කනිෂ්ඨ ටෙනිස් තරගාවලියේදී ෂාමල් දෙවැනි ජයත් ලබයි

කොළඹදී පැවැත්වෙන අන්තර්ජාතික ටෙනිස් සම්මේලන වයස 18 න් පහළ කනිෂ්ඨ ටෙනිස් තරගමාලාවේ (IV වැනි ශ්‍රේණිය) දෙවැනි සතියේ තරගාවලියේද පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ෂාමල් දිසානායක අද (19) සමත්විය. ෂාමල්, ඉකුත් දා පැවැති මෙම තරගමාලාවේ පළමු සතියේ තරගාවලියේදී ද ශූරතාව දිනාගත් ක‍්‍රීඩකයා විය. ඔහු එහිදී පිරිමි කේවළ සහ යුගල ඉසව් දෙකම ජය ගනිමින් දස්කම් දැක්වීය. කොළඹ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථානයේ කෘතිම ටෙනිස් ක‍්‍රීඩා සංකීර්ණයේදී අද නිමා වු  පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී කුවෙට් ක‍්‍රීඩක නසීර්  ඕ බ්ඞ්ලි පරාජය කිරීමට ෂාමල් සමත්විය. තරගයේ ලකුණු 4/1 ක් ලෙස ෂාමල් ඉදිරියෙන් සිටියදී කුවෙට් ක‍්‍රීඩකයා තරගයෙන් ඉවත්විය. ෂාමල්, ලෝක කනිෂ්ඨ ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ 515 වැනි ස්ථානයේ පසුවෙයි. ඔහුට මෙම ජයග‍්‍රාහණයත් සමගින් තවදුරටත් ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට ඒමේ අවස්ථාව හිමිවනු ඇත. රුසියාව, ඉන්දියාව, හොංකොං, කුවෙට්, චීන තායිපේ, ඉන්දුනීසියාව, තායිලන්තය, සිංගප්පුරුව යන රටවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තරගාවලියට සහභාගිවෙති. ෂාමල් දිසානායක



අදහස් (0)

අන්තර්ජාතික කනිෂ්ඨ ටෙනිස් තරගාවලියේදී ෂාමල් දෙවැනි ජයත් ලබයි

චන්ද්‍රසිරි Saturday, 20 October 2012 02:04 PM

හරි මගේ පුතා...ඉස්සරහටම යමු (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site