(යොහාන් භාසුර සහ මුදිතා දයානන්ද)
ශ‍්‍රී ලංකාවේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ පසුගිය 8 වැනිදා සිට 14 වැනිදා දක්වා දින හත තුළ රුපියල් කෝටි 21 කට (රුපියල් මිලියන 210.33) අධික ආදායමක් උපයා ඇතැයි අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු සහ කළමණාකරණ වැඩබලන අධ්‍යක්‍ෂ නිහාල් ලොඩිවික් මහතා පැවසීය.
දිනක ඉහළතම ආදායම ලෙස පසුගිය 10 වැනිදා රුපියල් කෝටි හතරකට ආසන්න ආදායමක් ලැබී ඇති බවත් පසුගිය 13 වැනිදා ලැබුණු රුපියල් කෝ්ටි දෙකකට ආසන්න ආදායමක් ලැබී ඇති අතර එම දින හත තුළදී දිනක අඩුම ආදායම එය බවත් නිහාල් ලොඩිවික් මහතා පැවසීය.
වැඩිම ආදායම ඉපයූ පසුගිය 10 වැනි දා වාහන 141,187 ක් අධිවේගී මාර්ග පද්ධතියේ ධාවනය වී ඇති බවත් අඩුම ආදායම ලැබූ 13 වැනිදා වාහන 64,937 ක් පමණක් ධාවනය කර ඇති නිහාල් ලොඩිවික් මහතා පැවැසීය.
සිංහල සහ දමිල අලූත් අවුරුදු සතිය ආරම්භ වූ පසුගිය 8 වැනිදා සිට 11 වැනිදා දක්වා රුපියල් කෝටි 14 කට ආසන්න ආදායමක් ලැබී තිබේ.
සිංහල හා දමිල අලූත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව සිය ගම් බලා යාම සහ විනෝද චාරිකා සඳහා අධිවේගී මාර්ග යොදා ගැනීම මෙම ආදායම වැඩි වීමට හේතුව බව ලොඩිවික් මහතා කීය.
දක්‍ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ සහ කටුනායක අධිවේගී මාර්ගය, සහ පිටත වටරවුම් අධිවේගී මාර්ගය සමස්ත අධිවේගී මාර්ග පද්ධතියට ඇතුළත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්සව කාලෙට ඔහොම වෙනවා. අධිවේගී පාරේ යනගමන් මේවා හදන්න රට ණයකලා කියලා ජෙප්පෝ බැන බැන යනවා.
එක දිගට මාසයක් විතර අවුරුදු කාපල්ල කියලා කියයිද දන්නේ නෑ.
රටේ සල්ලි එක තැනකට ගොඩ ගැහැව්වාම එක රටකට ආදායමක් වෙන්නේ නැහැ. පිට රටින් ආයෝජන අපනයනය වගේ ඒවා තමයි ආදායම් ගනයට වැටෙන්නේ