
(රෝෂන් තුෂාර)
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ "ආරච්චි"වරයකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍යය ජාවාරම් කිරීමේ සැකයට අත්අඩංගුවට ගත් කාර්යාල කාර්ය සහායක තරිඳු නිමන්ත ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(15) නියෝග කළේය.
වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ආර්.ඒ.තරිඳු නිමන්ත රසික නැමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනගාර ගත කළේය.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ බෝඩිමක නතර වී සිට ඇති සැකකරු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10800 සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කළේය.
සැකකරු බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ලබාගෙන රත්නපුර ප්‍රදේශයේ ජාවාරම් කරන්නේද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින්, විමර්ශන ප්‍රගතිය ලබන විසි හතර දින අතිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.