(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධිවේගී මාර්ග වල ප්‍රවේශපත්‍ර කවුළුවල රාජකාරි සඳහා ලෝකයේ දියුණු රටවල මෙන් ආබාධිත පිරිස් යොදවන්නැයි ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවසමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය.
ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර හිතුමතේ පාරවල් හැදීම හේතුවෙන් ආර්ථික බංකොලොත්භාවයට පාර කැපුණු බවද ඔහු කීවේය.
රටේ ගොඩක් පාරවල් හැදුණේ ජනතාවගේ ප්‍රමුඛත්වයට නොව ජනාධිපතිවරයා අගමැතිවරයා හෝ ඇමතිවරුන්ගේ ප්‍රමුඛතාවයට බව පැවසූ මන්ත්‍රීවරයා කාලයක් පාරවල් හැදුණේ හම්බන්තොට පමණක් බවද ප්‍රකාශ කළේය.
ජයමහ මහතා මෙසේ පැවැසුවේ ප්‍රවාහන මහාමාර්ග නාගරික සංවර්ධන සහ නිවාස යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
නලින් බණ්ඩාර ජයමහ මහතා මෙසේද පැවසීය.
නගර ලස්සන කරන ව්‍යාපෘතිය රටට අවශ්‍යයි. චීනයේ අද අලුත් නගර නිර්මාණය කරනවා. අපි බංකොලොත් රටක්. ඒක වෙනම කතන්දරයක්. නමුත් අපිට අලුත් නගර අවශ්‍යයි. හෙටට ගැලපෙන්න රට පෙළ ගස්සන්න ඕන. කොළඹ වතුනිවාස තවමත් තියෙනවා. මේ නිවාස ව්‍යාපෘතිවලට විදේශ ආයෝජන පාවිච්චි කරන්න පුළුවන්.
අපේ රටේ මහාමාර්ග හදන්නේ ජනතාවගේ ප්‍රමුඛතාවයට නොවෙයි.
ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ ප්‍රමුඛතාවයට. කාලයක් හම්බන්තොට පාරවල් විතරක් හැදුවා. මහාමාර්ග ඇමතිවරයා ඉන්නේ කොහෙද. එහේ පාරවල් ටික හැදෙනවා. අධිවේගී මාර්ග වල මුදල් අයකරන කුටිවල වැඩ කිරීමට ආබාධිත අය යොදවන්න පුළුවන්. අතපය අඩු කන් එහෙම ඇහෙන්නේ නැති දුර්වල අය පාවිච්චි කරන්න පුළුවන්. ඒ අයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්. ඒ ආබාධිත අයට එවැනි ඉඩකඩක් ලබා දෙන්න.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අධිවේගී මාර්ග ටිකට් කවුළුවලට ආබාධිතයන්
Bamunuarachchi Wednesday, 29 November 2023 05:48 PM
ඔව් ඒක නියම අදහසක්. ප්‍රශ්නය ආබාධිත අයට වැඩකරන්න පුළුවන් විදිහට ඔය ස්ථාන ඉදිවෙලා තිබෙනවද කියන එකයි.
Keerthi Thursday, 30 November 2023 01:28 AM
සංවර්ධිත රටවල මිනිසුන් සහ කවුන්ටර නොමැත. ඔවුන් කැමරා සවි කර ස්වයංක්‍රීයව හඳුනාගැනීමේ සංවේදක සවි කර ඇති අතර වාහනයට ඇතුළු වන විට සහ පිටවන විට එහි බිල්පත සහ ලස්සන පින්තූර විද්‍යුත් තැපෑලෙන් හෝ පළ කරනු ලැබේ. මිනිසුන්ට අන්තර්ජාලය හරහා ගෙවිය හැකිය. මේ මන්ත්‍රීවරයා දන්නේ නැතුව ඇති ඒකයි දියුණු රටවල් කියලා කියන්නේ. සමාවෙන්න මන්ත්‍රීතුමනි, අහිංසක මිනිස්සු කීපයකට උදවු කරන්න ඔබේ අදහස අපේ රටට හොඳයි.
ABARAB Thursday, 30 November 2023 04:59 AM
බලන් යනකොට ගැලරි ටෝල්ක් දෙන්න උපන් හපනේක්නේ ඔයත් . මේ කියන්නේ ආබාධිත මිනිස්සු ඉක්මනින් මරාදමන වැඩක්. ඇත්තටම ඒ මිනිස්සුන්ට කරන්න පුළුවන් වැඩක් ගැන කතාකරන්න ඔයාගේ මොලේට එන්නෙම් නැතිද . අනික දියුණු රටවල හයිවේ වල ටිකට් කඩන මිනිස්සු නැති බව ඔයා දන්නේ නැතිද. ඔහේ චුන් උනාම ඉවක් බවක් නැතිව කියෝනව . අබාධිත යට කලින් අනිත් යට රැකියා දීල ඉන්න
Sugath Thursday, 30 November 2023 06:17 AM
ඉතා හොඳ යෝජනාවක්. ආබාධිත අයට ඒක හොඳ අවස්ථාවක්.