IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අධිවේගී මඟේ අනතුරින් මියගියි කොස්තාපල් සැරයන් නිලයට උසස් කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී ඊයේ (25)  සිදුවූ මාරක අනතුරින් මියගිය ඇමති ආරක්ෂක කොට්ඨාසයට අයත් පොලිස් කොස්තාපල්වරයා  පොලිස් සැරයන්  නිලයට උසස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල්  තල්ලුව මහතා පැවසීය

 මෙලෙස උසස්වීම් ලබා දී ඇත්තේ පොලිස් කොස්තාපල් (72542) ජේ.ඒ.ඒ ජයකොඩි නිලධාරියාටය

කොස්තාපල්වරයා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමග සුඛෝභෝගී ජීප් රථයෙන් ගමන් කරමින් සිටියදී  කිලෝමීටර් එකොළහයි දශම එක ප්‍රදේශයේදී කට්ටේටර් රථයක ගැටී  අනතුරෙන් දෙදෙනාම  ජීවිතක්ෂයට පත් විය

මියගිය පොලිස් කොස්තාපල්වරයා රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන අංක 23/93 පරිදි පශ්වාත් උසස් වීම් පදනම යටතේ  පොලිස්පතිතුමා විසින් 2024  ජනවාරි 25 වැනි දින සිට සැරයන් තනතුරට උසස් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය



අදහස් (3)

අධිවේගී මඟේ අනතුරින් මියගියි කොස්තාපල් සැරයන් නිලයට උසස් කරයි

සුරංග Saturday, 27 January 2024 05:51 AM

එතකොට රාජ්‍ය ඇමැති තනතුරකට උසස් කරන්නේ නැද්ද ඔය චක්‍රලේඛය අනුව අනෙකුත් නිළධාරි සඳහා උසස්වීම් දෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන් සේවයේ යෙදී සිටිද්දී මරණය වුණොත් අවුරුදු දහයක වැටුප් වන්දියක් හැටියට ගෙවීමට හැකියාව තියෙනවා...!

:       0       4

Lakmal Saturday, 27 January 2024 11:16 AM

කරුණාකර දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම නැවත අරඹන්න. මේ කන්ටේනර්, ලොරි ප්‍රමාණය මාර්ග වලට දරාගත නොහැකිය...!

:       1       11

මාර පුත්තරයා Sunday, 28 January 2024 08:50 AM

දැන්මම කිසි වෙනස්කමක් කරන්න එපා. සමාජ මාධ්‍ය මර්දනයට ගෙනාපු පනතට අත් උස්සපු අය තව 107ක් පණපිටින් ඉන්නවා. ඔවුන් ටිකටත් බුරු පුතාට වුණා වගේ මහපාරේදීම "ස්වීප් ටිකට් එකක්" ඇදිලා අපායට යනකම් මේ විදිහටම යමු. පව්කාරයෝ නැති ශ්‍රී ලංකාවක අපි වෙනස්කම් සිදුකරමු...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site