දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකරට දඩ කොලයක් දුන් බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන් ගුණසේකරට සහ උප පොලිස් පරීක්ෂක දුෂාන් කුමාර බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුව දෙසැම්බර 10, 11 සහ 16 විභාගයට ගැනීමට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා සාක්කිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළේය.
2009 මැයි 25 වැනි දා කොස්තාපල් සුමින්ද රුපියල් දහසක සහ උප පොලිස් පරීක්ෂක බණ්ඩාර රුපියල් දස දහසක අල්ලසක් ගත්තැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පසුගිය දා නඩු පැවරීය.
විත්තිකරුවෝ ඇප පිට සිටිති.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අධිවේගී මගේ පීසීගේ නඩුවට දින දෙයි
ජයාත් Wednesday, 03 September 2014 10:24 AM
ප්‍රසංග ගේ කතාවේ ඇත්තකුත් තියනවා. හැබැයි හුඟක් වෙලාවට "ක්‍රම සහ විධි " භාවිතයෙන් ගැලවිලා යන්න පුළුවන්.මේ මගේ පුද්ගලික අත්දැකීම් ! (නි)
රත්න Monday, 01 September 2014 07:47 AM
දඩ කොලේ නඩුවට මොකද වුණේ? (නි)
හංසි Monday, 01 September 2014 05:17 PM
මට නම් තවම මොකුත් හිතාගන්න බැහැ (නි)
නුවන් Monday, 01 September 2014 07:53 AM
අනේ මන්දා, මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
ඉසුරන්දි Monday, 01 September 2014 08:05 AM
එතකොට දඩ කොලයයි, අල්ලස් ගැනිල්ලයි අතර යම් සම්බන්ධයක් තිබේද? (නි)
බණ්ඩාර Monday, 01 September 2014 08:05 AM
ලංකාවේ දේශපාලක උත්තමයන්ට ඔහොම කරන එක මමත් අනුමත කරන්නේ නැහැ (නි)
චමින්ද Monday, 01 September 2014 08:11 AM
එතකොට දුන්න දඩ කොලයට මොකද වුණේ දන්නෙ නැහැ නේද .....? (නි)
කුමාර් Monday, 01 September 2014 07:12 PM
අපි මේ රට ආසියාවේ ආශ්චර්යවත් රටක් බව අමතක නොකළ යුතුයි (නි)
ජයාත් Tuesday, 02 September 2014 10:07 AM
රෙජී, පහුගිය කාලෙ දේශපාලකයන් සම්බන්ධව තිබුන නඩු වලදී පොලිසිය "අපක්ෂපාතීව " ක්‍රියා කළ අන්දමට මේකත් කරයි. අහිතක් හිතන්න එපා (නි)
හැරිස් Monday, 01 September 2014 08:12 AM
මම නම් මේ ගැන පුදුම වෙන්නේ නැහැ (නි)
චින්තක Monday, 01 September 2014 08:28 AM
අපිත් බලාගෙන ඉන්නේ වෙන්නේ මොකක්ද කියලා තමයි (නි)
චානක. Monday, 01 September 2014 08:39 PM
පී සී හරි දේ කළා. තවත් සමහරු හිතාමතාම ඔහුට විරුද්ධව කටයුතු කරනවා.ඕක තමා ලංකාවේ සංස්කෘතිය. මේ සංස්කෘතිය කවුරුන් හෝ අනුමත කරනවාද? (නි)
පෙරුමාල් Tuesday, 02 September 2014 10:36 AM
නොදැක්කා වගේ හිටියා නම් ඉවරනේ. (නි)
නුවන් Monday, 01 September 2014 09:53 PM
පීසීට දැන් මොනවා හිතෙනවද දන්නෙ නැහැ (නි)
රොෂාන් ප්‍රනාන්දු Monday, 01 September 2014 10:21 PM
ලංකාවේ කොන්ඩය බැදපු චීන්නු ඉන්නවා කියලා කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ඒක වැරදියි (නි)
චන්ද්‍රානි Monday, 01 September 2014 09:07 AM
කලබල නොවී බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
හේරත් Monday, 01 September 2014 09:24 AM
පීසීට සාධාරණයක් ඉටුවෙන බව මට විශ්වාසයි (නි)
සත්‍යයා Monday, 01 September 2014 11:54 PM
අල්ලස් හා දුෂණ කොමිසම කියන්නේ ජනතා සුභ සිද්ධිය සඳහා යොදාගත හැකි උගුලක් වැනි දෙයක් (නි)
අජිත් කරුණාරත්න Monday, 01 September 2014 09:23 AM
මොනවා කරන්නද? දැන් ඉතින් එන හැටියකට මුහුණ දෙනවා මිසක් (නි)
හැරිසන් Monday, 01 September 2014 09:24 AM
මම නම් මේ දේවල් වලට මොකුත්ම කියන්නේ නැහැ (නි)
රූපවතී Monday, 01 September 2014 09:27 AM
ඒ පුද්ගලයා රැකියාවෙන් ඉල්ලා අස්වෙනතුරුම හිටියේ ඇයිද මන්දා නීතිය ක්‍රියාත්මක වෙන්න? ඇයි 2009 සිදුවීමක් 2014 වෙනතුරුම හිටියේ? (නි)
බණ්ඩාර Tuesday, 02 September 2014 12:22 AM
එතකොට ඒ රාළහාමිට ගහලා වාහනය ගිනිතියපු අය සම්බන්ධයෙන් ගත් පියවර කුමක්ද? (නි)
වාසනා Tuesday, 02 September 2014 12:30 AM
අපිත් බලා ඉන්නේ තීන්දුව දෙනතුරුයි (නි)
රෙජි-සිඩ්නි Tuesday, 02 September 2014 12:30 AM
මේ රටේ නම් වරදක් කළොත් පොඩි මිනිහත් එකයි,ලොකු මිනිහත් එකයි.දෙන්නාටම බෙදන්නේ එකම හැන්දෙන්. (නි)
හේවාවිතාරණ Monday, 01 September 2014 10:09 AM
පොලිස් මහත් වරුනි නීතිය අනුව තමන්ගේ රාජකාරිය කරන්න ගියොත් දේශපාලකයන්ගෙන් ගැලවීමක් නැත. ප්‍රවේසම් වන්න. (ස)
ඇසළ Monday, 01 September 2014 10:57 AM
එතකොට හොර අංක තහඩුවක් ගහගෙන ගිය දේශපාලකතුමාගේ නඩුවට මොකද වුණේ? 2009 ඉඳලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අවුරුදු 5 කටත් වැඩිය මොකද කළේ මේ නඩුව දාන්න? (නි)
නිමල් Tuesday, 02 September 2014 02:40 AM
ආශ්චර්ය දෝරේ ගලනවා (අ)
සේරම් Tuesday, 02 September 2014 02:51 AM
මේවා ජනතාව මතක තියාගෙන හිටියොත් මෙවැනි දේවලට දිය හැකි හොඳම පිළිතුර එයයි. නමුත් ජනතාවට බත් පාර්සලය ඉදිරියේ අතීතය මැකෙනවා දේශ පාලනය කරන අය පළමුවෙන් ඉගෙන ගන්නේ ඒක. එයාල ඒක දන්නවා. (නදී)
ටිකිරි බණ්ඩා Monday, 01 September 2014 11:52 AM
කාට අයිති රටකද අප්පා අපිට අපේ දරුවන් සමග ජීවත් වෙන්න සිද්ද වෙලා තිබෙන්නේ. (නදී)
තිලක්-ඩුබායි Monday, 01 September 2014 11:51 AM
මේ විදිහට එක එක පුද්ගලයා බලල නීතිය ක්‍රියාත්මක වෙනකොට හිතට පුදුම බියක් දැනෙන්නේ. (නදී)
නිමල් Monday, 01 September 2014 12:31 PM
වැටත් නියරත් ගොයම් කාපි නම් කාට පවසම් ඒ වගත් (අ)
ජොනතන් Monday, 01 September 2014 12:39 PM
මේක තමයි අන්තිමට වෙන්නේ. ඇමති කියයි "මම මෙයාල චෙක් කරන්න තමයි අල්ලස් දුන්නේ" කියල. කල වැරැද්දට දඩ කොලේ ලියනකොට ඇමති කටවහන් හිටියේ නැනේ. අනිවාර්යෙන් කියනවා මන් අහවල් ඇමති කියල. එහෙම කියනකොටත් දඩ කොලේ ලියන්නේ අර මනුස්සය නීතිය හරියට කරන නිසානේ. දැන් කට්ටිය සාක්කි එක්ක ම ඔප්පු කරලා පෙන්නයි අල්ලස් දුන්න කියල. ඒ වෙලාවේ ඇමතිගේ වාහනේ ඕනෑතරම් කට්ටිය ඉන්නැති නේ. ඕව කියනවල චීන්නුන්ට. මෙයාලට චන්දෙ දෙන්න තරම් මෝඩ මිනිස්සු ඉන්නවනේ මේ රටේ. (අ)
නිහාල් Monday, 01 September 2014 01:10 PM
අසරණ පොලිස් නිලධාරියාට බුදු සරණයි! (නි)
දර්ශන Tuesday, 02 September 2014 04:29 AM
අපි නම් හිතුවා ඔහොම වෙයි කියලා (නි)
දර්ශන Tuesday, 02 September 2014 04:29 AM
ඔය වැඩේ කරන්න ප්‍රමාදද මන්දා නේද? (නි)
හිරාන් Monday, 01 September 2014 01:58 PM
ඒකනේ අපි කියන්නේ දැක්කත් නොදැක්කා වගේ ඉන්න කියලා (නි)
ලක්ෂපාන Monday, 01 September 2014 01:57 PM
මෙවැනි පුද්ගලයන් නැවත ජනතාව හොයාගෙන එන දවසක් ළඟ ළඟම එනවා බලමු එතකොට. (නි)
කමල් Monday, 01 September 2014 02:06 PM
රාළහාමිට සාධාරණය ඉටුවේවා! (නි)
ප්‍රේමසිරි Wednesday, 03 September 2014 08:52 AM
වෙන කෙනෙක් අල්ලගන්න තිබුනනේ (නදී)
කිංස්ලි Monday, 01 September 2014 02:20 PM
මට කියන්න ඕනෑ දේ මම කියන්නේ නැහැ (නි)
සුමිත් Monday, 01 September 2014 02:50 PM
බලමු මොකද වෙන්නේ කියලා. උඩ ඉන්න දෙවියන්වත් බලා ගනිත්වා! (නි)
ප්‍රසංග Tuesday, 02 September 2014 09:14 PM
කෙහෙල් ගහට කොටලා හොට පැටලුනාට මොකුත් කරගන්න බැරි අහිංසකයින් කී දාහකට නම් පුංචි වරදටත් හැංගිලා ඉඳලා අමාරුවේ දානවද? (නි)
නලීන් Monday, 01 September 2014 03:08 PM
එතකොට පීසීගේ කාර් එක ගිනි තියපු නඩුවට මොකද වෙන්නේ? (නි)
එරංග Monday, 01 September 2014 03:12 PM
පීසී මහත්තයා හොඳට නඩුවට සූදානම් වෙලා යන්න (නි)
නෙහාරා Monday, 01 September 2014 03:36 PM
පීසී මහත්තයාට සාධාරණය ඉෂ්ට වේවා! (නි)