IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අධිවේගේ පොලිසිය නිවාඩු නැතිව වැඩ

කඩුවෙල, කොට්ටාව, කහතුඩුව, ගැලනිගම, දොඩංගොඩ, වැලිපැන්න, කුරුඳුගහහැතැප්ම, බද්දේගම, පින්නදුව, කොක්මාදුව, මාතර, ගොඩගම යන දක්‍ෂිණ අධිවේගී මාර්ග පිවිසුම් පොලිස් මුරපොළ මෙන්ම පෑලියගොඩ, ජාඇල, සීදුව , කටුනායක යන අධිවේගි මාර්ග පිවිසුම් වල 600 කට අධික පොලිස් නිලධාරීහු පිරිසකගේ රාජකාරි නිවාඩු කපා හැර ඇතැයි කියති.

2011 නොවැම්බර් 25 වැනි දින විවෘත  කරන ලද අධිවේගී මාර්ග සේවා කටයුතු වල නිරත වූ පොලිසියට සේවා දින 09 කට එක් නිවාඩු දිනයක් බැගින් මාසයකට නිවාඩු දින 03 ක් ලැබුණ බවත් එම නිවාඩු වෙන් වෙන් වශයෙන් හෝ එකතු කර ලබා ගැනීමේ අවස්ථාව ඉකුත් අගෝස්තු 15 වන දින දක්වාම තමන්ට හිමිව තිබූ බවත් ඉන් පසුව කිසිම චක‍්‍ර ලේඛයක් නැතිව එහි වැඩ බලන අධ්‍යක්‍ෂක පොලිස් අධිකාරී වරයාගේ කට වචනය මත සිය නිවාඩු අහිමි කිරීමට පොලිස් මුරපොළ ස්ථානාධිපතිවරුන්ට සිදුව ඇති බවත් අධිවේගී මාර්ග පොලිස් සාමාජිකයෝ කියති.

අගෝස්තු 14 වැනි දින ගැලනිගම පොලිස් මුරපොළ වෙත අධිවේගී මාර්ග පිවිසුම් වල රාජකාරී කරන සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් පොලිස් පරික්‍ෂකවරුන් උපපොලිස් පරික්‍ෂකවරුන් ඇතුළු පරික්‍ෂක ශ්‍රේණියේ සියලුම නිලධාරීන් කැඳවා දක්‍ෂිණ අධිවේගී මාර්ග වැඩ බලන අධ්‍යක්‍ෂක සහකාර පොලිස්  අධිකාරී ඩබ්.ඞී.ඒ.ධනංජය මහතා දැනුම් දී ඇත්තේ කි‍්‍රයාකාරී පොලිස් සේවාවේ යෙදෙන සියලුදෙනාගේම දින 09 කට වරක් ලැබෙන විවේක දින නිවාඩුව ලබා නොදෙන බවයි.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වැඩ බලන  අධක්‍ෂක සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඩී.ඒ.ධනංජය මහතා පැවසූවේ අධිවේගී මාර්ග පොලීසියත් පොලිස් මූලස්ථානයේ එක් අංශයක් බවත් ඒ අයට හිමි විය යුතු යැයි කියන නිවාඩු ඔවුන්ට ලැබෙන බවයි. දින 09 කට වරක් එක නිවාඩුවක් බැගින් මාසයකට දින 03 ක නිවාඩුවක් ඔවුන්ට හිමිව නැහැ.

‘ඒවා පොලිස් චක‍්‍ර ලේඛවල සඳහන් වෙනවා. මට චක‍්‍ර ලේඛයේ අංකය මතක නැහැ. ඔය කියන අයට පොලිස් දෙපාර්තමේන්තුවේ නීති රීතී ගැන දැනගන්න කියන්න.‘

 



අදහස් (0)

අධිවේගේ පොලිසිය නිවාඩු නැතිව වැඩ

පුෂ්පා Sunday, 23 August 2015 10:39 AM

ලංකාව හරියට මිනිස්සුන්ගේ අයිතිවාසිකම් නැති කරන ආයතන තියෙන රටක්. වෙනත් හොඳ රටකට ඇවිත් බලන්න මිනිස්සුන්ට සලකන ආකාරය. ලංකාවේ විවිධ ආයතන වල වැඩ කිරීම ගැන විවේචන තියෙන්න පුළුවන්. එ්ක වෙන ප්‍රශ්නයක්. නමුත් මිනිස්සුන්ගේ ජීවිතේ වැඩ නෙවෙයි. මිනිස්සුන්ට විවේකය අත්‍යවශ්‍යයි හොඳ මානසික තත්වයකින් වැඩ කරන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site