(අංජුල මහික වීරරත්න)
අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍ය බස් රථ ඇණියෙන් 52%කට ආසන්න ප්‍රමාණයක් සහ සුඛෝපභෝගී බස් රථ ඇණියෙන් 94%කට ආසන්න ප්‍රමාණයක් ආර්ථික ආයු කාලය ඉක්මවා ගොස් ඇති බැවින්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) බස් රථ ඇණියට නව බස් රථ හඳුන්වා දීමේ හදිසි අවශ්‍යතාවක් පවතී.
අධිවේගී මාර්ග වල මගී ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බස් රථ නොමැතිකම හමුවේ ශ්‍රී ලංගම විසින් දැනට පෞද්ගලික අංශයට අයත් සුඛෝපභෝගී බස් රථ 61 ක් ලාභ බෙදා ගැනීමේ පදනම මත ධාවනයේ යොදවනු ලබයි. අධිවේගී මාර්ග සඳහා අධි සුඛෝපභෝගී බස් රථ 200 ක් තම අරමුදල් යොදා ගනිමින් මිල දී ගැනීමට ශ්‍රී ලංගමය විසින් තීරණය කර ඇත. ඒ අනුව, මූල්‍ය හැකියාව ඇති ඩිපෝ මඟින් අධි සුඛෝපභෝගී බස් රථ 291ත් සෘජුවම මිල දී ගැනීමටත්, ශ්‍රී ලංගමයේ අරමුදල් භාවිත කරමින් මූලික ගෙවීම සිදු කර, ඉතිරි මුදල වසර 5 ක් තුළ මාසික වාරික වශයෙන් උපයන ආදායමෙන් ගෙවීම හරහා සෙසු බස් රථ ප්‍රමාණය මිල දී ගැනීමටත් ප්‍රවාහන -මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අධිවේගී පාරට අලුත් සැප බස් 200ක්
Hasith Wednesday, 25 June 2025 01:10 PM
අලුත් බස් යොදවනවානම්, ඒවා වෙනම කළමනාකාරිතාවක් යටතේ පිහිටුවන්න. නැත්තං තියෙන ඩිපෝ වලට දුන්නාම, ඕවයේ නඩත්තුව හරියට කරන්නේ නෑ. අපරාද විනාශ වෙලා යනවා. අධිවේගී මාර්ග වල ධාවනය වන බස් වෙනම තියාගන්න පුළුවන්.
Chathura Wednesday, 25 June 2025 04:10 PM
බස් එකම බ්‍රෑන්ඩ් එකකින් ගේන්න. එතකොට අමතර කොටස් පවත්වාගෙන යන්න ලේසියි. ස්පෙයාර් පාර්ට්ස් එකක් ගැහුවා නම් තවත් හොඳයි. ඉන්දියන් ඒවාට වඩා චීන බස් හොඳයි
Lalla Wednesday, 25 June 2025 06:21 PM
මොන බස් ගෙනාවත් නිසි නඩත්තුව නොකරන තාක් බස් රථ වල ආර්ථික ජීවිත කාලය වැඩ ගන්න බෑ. පෞද්ගලික බස්රථ සුලු දෝෂ ආවත් හදනවා. ලංගම සහ ලංකා දුම්රිය සේවය නඩත්තුව නොසලකා ධාවනය කරවනවා. අලුත් දුම්රිය මැදිරි පරීක්ෂා කර බලන්න.
යෝගා Wednesday, 25 June 2025 05:21 PM
ඇඹුල්තියල් ගේන්න ඔච්චර බස් ඕනද කියලා පච අනුර ඇහුවේ නැද්ද?