
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරියන් භාෂා ගුරුවරියක් ගමන්ගත් සුඛෝපභෝගී ජීප් රථයක් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 16 දශම 1 සපුගස්කන්ද ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රීෙය් ටයිල් පැටවූ ලොරියක ගැටීමෙන් ගුරුවරිය එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි අතුරුගිරිය රථවාහන පාලක මධ්‍යස්ථානය සඳහන් කරයි
ජීප් රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇත
අනතුරින් මියගොස් ඇත්තේ කඩවත රම්මුතුගල ගෝනහේන පාර පදිංචිව සිටි ගිතානි මානෙල් ප්‍රියන්ති (47 ) එක් දරු මවකි
ටයිල් පැටවූ ලොරිය මාතර දෙස සිට කඩවත දෙසට ධාවනය වීමේ දී එම දිසාවටම පිටුපසින් ධාවනය වෙමින් තිබු සුඛෝපභෝගී ජීප් රථය ලොරියේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබූ බව පොලිසිය සඳහන් කරයි
ජීප් රථය ලොරියෙ ගැටීමත් සමඟ ම එය සුන්බුන් ගොඩක් බවට පත්වී ඇති අතර ගුරුවරිය හඳුනාගත නොහැකි ලෙස බරපතළ තුවාල සිදුවී තිබූ බව පොලිසිය කියයි
අනතුර සිදුව ඇත්තේ කඩවත පිටවීමේ හුවමාරු මධ්‍යස්ථානයට කිලෝමීටර් දෙකක් පමණ තිබියදී බවත් පොලිසිය කියයි
ජීප් රථ රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය සහ අධික වේගය අනතුරට හේතුව වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
අතුරුගිරිය රථවාහන පාලක මධ්‍යස්ථානය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එස් අශෝක කුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ


2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිවේගී අනතුරින් කොරියන් භාෂා ගුරුවරිය මරුට
බස්තියන් Wednesday, 24 August 2022 03:23 PM
ධාවනය වෙමින් තිබුණු ලොරියේ පිටිපස්සේ ජීප් එක හැප්පිලා, ජීප් එකේ සිටිය ගුරුවරිය මියගියාම ඉස්සර වෙලා ගිය ලොරියේ රියදුරු මොනවා කරන්නද? මූණට මූණ පැමිණි එකක් නම් අනතුරක් වළක්වා නොගත්තා කියන්න තිබුණා... පස්සෙන් යන වාහනය ඉස්සරහ වාහනයට සීමිත දුරක් තබාගෙන යායුතුයි.. එහෙම නොකර ඇත්තටම පිටිපස්සෙන් ඇවිත් හැප්පීම ඉදිරියෙන් ගිය වාහනයේ රියදුරු වළක්වා ගන්නේ කොහොමද? නොදන්නා නිසා අහන්නේ කියලා දෙන්න...!
de silva berlin Wednesday, 24 August 2022 03:48 PM
රියදුරෙක් මාර්ග නීතිවලට අනුකූලව වාහනය පදවමින් සිටිනවිට කෙනෙකු අධික වේගයෙන් අපරික්ෂාකාරීව පැමිණ තමන්ගේ වාහනයේ පසුපස වෙන වාහනයක් හැප්පුවොත්, නීත්‍යානුකූලව රිය පදවපු මනුස්සයාවත් හිරේ දමනවා. කරුණාකර මේ නීති දැන්වත් වෙනස් කරන්න. මනුස්සයෙක් නිරපරාදෙ රිමාන්ඩ් කරනවා කියන්නේ එම මනුස්සයාට සිදුවන විශාල මානසික පීඩාවක්... අපරාධකාරයින් එක්ක හොඳ මිනිස්සු හිරේ දැම්මාම ඔවුන් නරක වැඩට පෙළඹෙන එක නිකන්ම සිදුවෙනවා.