IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අධිවේගයේ පෞද්ගලික බස් පිරික්සයි

දක්ෂිණ අධිවේගී පොලිසිය හා මාර්ග මගී ප‍්‍රවාහන අධිකාරියේ නිලධරයෝ අද දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස්රථ පින්නදුව පිවිසුම අසළදී විශේෂ පරික්ෂාවකට ලක් කළහ.

එම බස්රථ වල මාර්ග බලපත් පරීක්ෂාව හා වැඩිපුර මගීන් පටවාගෙන යන්නේදැයි පිරික්සීම මෙහිදී සිදුවිය.

පොලිසිය සමග එක්ව මෙළෙස බස්රථ පරීක්ෂා කළ ප‍්‍රථම අවස්ථාව මෙය බව මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති එම්.ඒ.පී.හේමචන්ද්‍ර මහතා පැවසුවේය.

අඩුපාඩු හඳුනාගත් බස්රථ වල හිමිකරුවන්ට පොලිසිය සමග එක්ව නඩු පවරන බවද ඔහු කීවේය.

HGWYBCHK-0220-01 HGWYBCHK-0220-02 HGWYBCHK-0220-03 HGWYBCHK-0220-04

 



අදහස් (0)

අධිවේගයේ පෞද්ගලික බස් පිරික්සයි

ගයානාත් Sunday, 21 February 2016 06:16 AM

ඉතාම හොඳ වැඩක්. හැබැයි මේක නිතර කලයුතුයි. (ර)

:       0       0

සහන් Sunday, 21 February 2016 07:46 AM

සති අන්තයට ,විශේෂයෙන් සිකුරාදා හෝ සදුදා නිවාඩු නම් මහරගම ඉදල අමුතු බුස් දුවනවා මේවා හොයන්නේ නැද්ද ,කොට්ටාවෙන් ඇතුල් කරන බස් ගැන හොයන්න එතකොට අල්ලගන්න පුළුවන්. (ර)

:       0       0

ආර්.සම්පත් Saturday, 20 February 2016 12:51 PM

මොනවා කරලා හරි කමක් නැහැ සල්ලි තමයි හොයාගන්න ඕනෑ. නැත්නම් රට ගොඩගන්න අමාරුයි වගේ (නි)

:       0       0

ජයන්ත Saturday, 20 February 2016 01:13 PM

බොහොම හොඳයි (නි)

:       0       0

තරිඳු Saturday, 20 February 2016 01:24 PM

ඕක කරන්න ඕනෑ පින්නදුවේ නෙමෙයි ගොඩගමදී. මොකද මාතරට පානදුරේ ඉඳලා එන සීටීබී බස් වැඩිපුර දාගෙන එනවා මම දවස් දෙකක් දැක්කා (නි)

:       0       0

පැට්රික් Saturday, 20 February 2016 02:01 PM

මීගමුව කොළඹ බස් පරීක්ෂා කළා නම් හොඳයි. මගීන් වැඩිපුර ගෙනයාම, සීට් ළඟින් සවිකර තිබීම, එන්ජිම උඩ පවා මගීන් රැගෙන යාම නිතරම සිදු වේ (නි)

:       0       0

අමා Saturday, 20 February 2016 02:44 PM

පොලිසිය නොයොදා කිසිදෙයක් කරන්න බැරි හැඩයි. (නි)

:       0       0

චාරක Saturday, 20 February 2016 03:22 PM

වායු සමීකරණ නැද්ද? මොකටද විදුලි පංකා? (නි)

:       0       0

චමල්කා Saturday, 20 February 2016 03:30 PM

මේක නම් බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

සජිත් Saturday, 20 February 2016 04:26 PM

අධිවේගෙයේදී එහෙම වුණාට, මෙහෙනම් ඇල්ලුවා... මොනවහරි කිව්වා... ගානක් ගත්තා. නැත්නම් නඩු. (නි)

:       0       0

කමල් Saturday, 20 February 2016 04:52 PM

බොහොම කාලෝචිත වැඩක් (නි)

:       0       0

ලසන්ත Saturday, 20 February 2016 05:22 PM

මේවා කියනවා විතරයි. අද මහරගමින් මාතරටත් නැවත මහරගමටත් ආවා. බස් දෙකේම ඉතා අධික ශබ්දයෙන් සිංදු අසන්නට සළස්වනවා. මහා පීඩාකාරි තත්වයක්. (නි)

:       0       0

විරාජ් ගමගේ Sunday, 21 February 2016 12:15 PM

බස් පරික්ශා කරන එක නම් හොද දෙයක්. හැබැයි නොර්මල් පාරේ වගේ මිනිස්සුන්ගේ කාලේ කන්න එපා. (ර)

:       0       0

පුෂ්ප Sunday, 21 February 2016 01:47 AM

මොනවද මේ සීට් වල තිබෙන ඉටි කවර? ලෝකයේ කිසිම රටක කරන්නේ නැති විකාර. ඕවටත් එක්ක තමයි මිනිස්සු ගෙවන්නේ. බස් රථ වල ඇතුළ සහ පිට මාසයකට වරක්වත් පිරිසිදු කරන්න නීති පනවන්න. සමහර බස් වල ගඳට වමනේ යනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site