IMG-LOGO

අධිවේගයේ දී කෙසෙල් ලොරිය පෙරැළෙයි

බිමල්  ෂ්‍යාමන් ජයසිංහ 

කෙසෙල් තොගයක් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙමින් තිබූ ලොරියක් අද අලුයම කිලෝමීටර් 9.3  හේන්ගොඩ ප්‍රදේශයේ  දී පෙරලී යාමෙන් රියදුරු සහ සහායකයා සුළු තුවාල ලැබූ බව දක්ශිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි.

අනතුරින්  ලොරි රථයට අලාභ සිදුවී ඇති අතර අධිවේගී මාර්ගයෙහි දේපල වලට  කිසිදු අලාභයක් සිදුවී නැති බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

අඟුණකොළපැලැස්සෙ සිට කොට්ටාවට කෙසෙල් තොගය රැගෙන ඒමේදී ලොරියට මාර්ගය මැද පෙරලී මෙම අනතුර වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

ලොරි  රථයට අධික බරක් යෙදීම හේතුවෙන් එය පෙරැළී ඇති බව පොලිසිය කියයි.


 



අදහස් (4)

අධිවේගයේ දී කෙසෙල් ලොරිය පෙරැළෙයි

janahitha Tuesday, 21 April 2020 08:26 AM

රාළහාමිට හොදට කන්න බොන්න දෙන්න ඕන. බලදාරින්ගේ අවධානයට බඩ හිස් කෙහෙල්කන් පළමුව, යටවෙලා ඉන්න රියදුරු නාට්ටාම්බි එළියට ගන්නේ නැතිද ?

:       17       0

janabala Tuesday, 21 April 2020 08:29 AM

අපි ඉන්නේ යු ඒ ඉ පාරේ පළල ජාත්‍යන්තර නිර්මාණ වලට අනුකුල නැති බව පෙනෙනවා. මෙහෙ ඇවිත් බලන්න පැයට කි.මි 80 වැඩි මාර්ගවල පළල බලාගන්න ඉගෙන ගන්න පුළුවන්. හැබැයි සෞක්‍ය ප්‍රශ්න තියෙනවා.

:       141       14

hasiTuesday, 21 April 2020 08:45 AM

පිටරට දේවල් වලට ආවඩනවා වගේම අපේ රටේ දේවලුත් අගය කරන්න පුරුදු වෙන්න

:       0       0

Walter WhiteTuesday, 21 April 2020 11:00 AM

මෙහෙ පාරේ ප්‍රමිතිය අඩු එක ඇත්ත, නමුත් ඇක්සිඩන්ට් වෙන්න ප්‍රධාන හේතුව ඒක නොවේ, අපේ එළවලු ලොරි වල ප්‍රමාණය ඉක්මවලා බඩු පටවන හැටි ඒවා යන හැටි බලාගන්න මෙහෙ එන්න මේ ලොරියේත් ටයර් කට්ට ගෙවිල තට්ටේ පෑදිලා, එහෙම එකේ බරත් පටවාගෙන ගියාම පාලනය කරගන්න බැරිව පෙරළෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site