IMG-LOGO

2025 අගෝස්තු මස 23 වන සෙනසුරාදා


අධ්‍යාපන ලේකම්ගේ නමට ලියාපදිංචි වාහන 140 ක් අස්ථානගතවෙලා

(ජේ.ඉඳුරුවගේ)

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව 2023 වර්ෂය වෙනුවෙන් නොබෝදා නිකුත් කළ විගණන වාර්තාවේ වත්කම් කළමනාකරණ විගණන නිරීක්ෂණ යටතේ මේ බව සඳහන් කර ඇත.

අස්ථානගතව ඇති වාහන 141 ක් පිළිබඳව තොරතුරු මේ වන විට නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වීම නිසා දැනට මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයිද අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණන කාර්යාලය වෙත පිළිතුරු ලබාදී ඇත.

මෙම වාහන නිවැරදිව හඳුනාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම හා අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම කලයුතු බව විගණන කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී තිබේ.

 



අදහස් (7)

අධ්‍යාපන ලේකම්ගේ නමට ලියාපදිංචි වාහන 140 ක් අස්ථානගතවෙලා

Rata Perata Thursday, 09 January 2025 10:41 PM

ඔන්න පලපුරුදු කාලකණ්ණින්ගේ වැඩ.

:       0       7

sunil Friday, 10 January 2025 05:14 AM

මෙවැනි අක්‍රමිකතා වීමට එක හේතුවක් තමයි අමාත්‍යංශ ලේකම් කෙනෙක් යම් අමාත්‍යාංශයක සේවය කරන කාලය කෙටි වීම. එවිට ඔහුට එම අමාත්‍යංශයේ වග වීමක් අඩුවනවා. ලිපිකරුවෙක් මෙන් ඉතා කෙටි කලකදී මාරු වනවා. අමාත්‍යංශයේ කිසිම දෙයක් සබැඳිව හරි හැටි අවබෝධයක් නොමැතිව ලිපි ගොනු ටික එහාට මෙහාට යවා මාරු වනවා. පසු විපරම වන විට වෙන ලේකම් කෙනෙක්. එයත් ගොනුව අරගෙන මොනවහරි කරලා පාස් කරනවා.

:       1       2

nanda Friday, 10 January 2025 06:21 AM

මේවා හැමදාම කියනවා කෝ මේවාට වගකිව යුත්තන්ට දඬුවම්

:       0       4

Nimal Friday, 10 January 2025 06:22 AM

අස්ථානගතවෙලා වුනත් එම වාහන ලංකාවෙ ඇති.රාජ්‍ය ගිණුම් කාරක සභාවට එම වාහන විස්තරාත්මකව අරගෙන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙතින් විමසා බැලුවොත් හොරු අල්ලන්න පුලුවන් වේවි

:       0       6

රසික Friday, 10 January 2025 07:05 AM

කරපු පොරොන්දු ඉෂ්ට කිරීමට බැරුව රට වැසියන් ගේ අවධානය වෙනතකට යොමු කරමින් දුන් පොරොන්දු වලින් මග ඇරලා මීළඟ චන්ද යෙදී කෙඳිරි ගාන්න එපා හරිද

:       6       4

සාලිය Friday, 10 January 2025 07:24 AM

සමහර ඉස්කෝල තියනවා ළමයෙක් ලෙඩ උනාම බේතක් ගන්න යන්න විදියක් නෑ. මේක ඉදින් අරයලැයි හදපු රටනේ.

:       2       3

Gimhan Friday, 10 January 2025 11:24 AM

ඔය අහුවෙන්නෙ හොරු

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 3347 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 209 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 179 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site