IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අධ්‍යාපනය ඩිජිටල් කරන්න කාර්ය සාධක බලකායක්

(අංජුල මහික වීරරත්න)

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාව ඉහළ ප්‍රතිශතයකින් පාසල් වලට සිසුන් ඇතුළත් කිරීම සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම පිළිබඳව ප්‍රශංසනීය ප්‍රගතියක් අත් කරගනු ලැබ ඇතැයි රජය කියයි.

 එහෙත්, මේ වන විට 42,000කට අධික ගුරු හිඟයක් පැවතීමක්, ග්‍රාමීය සහ අඩු පහසුකම් සහිත ප්‍රදේශවල වැඩි වෙමින් පවතින අසමානතාවන් නිසාත් අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි පීඩනයකට ලක්ව තිබේ. මෙම තත්ත්වය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා පද්ධතිමය පරිවර්තනයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව පැන නැගී ඇත. 

බොහෝ රටවල් තම අධ්‍යාපන පද්ධතීන්වල විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා ධිජිටල් ප්‍රතිලාභ කාර්යක්ෂමව උපයෝගි කර ගනු ලබයි. ශ්‍රී ලංකාව ද විවිධ ඩිජිටල් අධ්‍යාපන මුල පිරීම් ආරම්භ කර ඇති නමුත් ඒවායේ පවතින අසංවිධිතාව හේතුවෙන් අපේක්ෂිතප්‍රතිඵල ලබා ගැනීමට හැකි වී නොමැත. එබැවින්, වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා බද්ධ වූ ඒකාබද්ධ උපාය මාර්ගික ධිජිටල් ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්ගේ සාමාජිකත්වයෙන් හා අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ නියෝජිතයින්ගෙන් සමන්විත අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය පිළිබඳ කාර්ය සාධක බලකායක් ස්ථාපිතකිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

අධ්‍යාපනය ඩිජිටල් කරන්න කාර්ය සාධක බලකායක්

මාලිමාගැත්තා Tuesday, 03 June 2025 01:18 PM

අන්තිමට අපි ජනතාවම ඩිජිටල් කරණය කරනවා. පාස්පෝර්ට් නැති වුණාට , වාහන අංක තහඩු නැති වුණාට , සියලුම කර්මාන්ත වැසී ගියාට , මූලිකම අවශ්‍යතාව ලෙස හඳුනාගෙන ඇත්තේ මේ ඩිජිටල් කරණයයි. මොකද මාලිමා හිතවතෙක් නේ ඒකෙ ඉන්නෙ.

:       0       2

තෙනුර Saturday, 07 June 2025 12:34 AM

ඩිජිටල් වුණාම ගුරුවරු ඕනෙත් නැහැ. ඉස්කෝල ඕනෙත් නැහැ. සල්ලිත් ඉතුරුයි. ඒකද ඔය කරන්න යන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site