
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධ්‍යාපනයට සීයට හයක් දෙනවා කියා බලයට පැමිණි ආණ්ඩුව අධ්‍යාපනයට ලබා දී ඇත්තේ සියයට දෙකක් පමණක් බව මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිනී කවිරත්න මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී කීවාය.
"අධ්‍යාපනයට සීයට හයක් දෙනවා කියන එකේ ප්‍රකාශිකාව ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිණිය වගේම පෙළපාළි විරෝධතා පා ගමන් ගිය අය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ කතා කිරීමට ලැබීම ගැන සතුටුයි.2009 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක් වෙන් කරන්න කියා මහාචාර්ය සුමනසිරි ලියනගේ කළ සංකේතීය ඉල්ලීම පදනම් කරගෙන 2012 වසරේදී පෙළපාලි ගියා. මාස ගණන් විශ්වවිද්‍යාල වසා දමා තිබුණා. එදා මෙදා තුර එම ඉල්ලීම වෙනුවෙන් විශ්වවිද්‍යාල දරුවන්ගේ සහ ආචාර්යවරුන්ගේ මිනිස් පැය දහස් ගණනින් මිලියන ගණනින් විනාශ කළා.එහෙම කිව්ව උදවිය ඔවුන්ගේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ සීයට දෙකයි.
2024 ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් අධ්‍යාපනයට ක්ෂේත්රයේ සියයට අසුවක් පමණ දෙනා ඡන්දය දුන්නේ සියයට හයක ප්‍රතිශතය ලබාගෙන අධ්‍යාපනයේ ගැටලු විසඳා ගැනීම සඳහායි යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.
2025 නොවැම්බර් මස 21
186
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1139
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අධ්‍යාපනයට දෙනවා කිව්ව සීයට හය කෝ!
KARU Tuesday, 25 November 2025 12:30 PM
එක වරටම නොව, ක්‍රමානුකුලව වැඩි කරමින් 6% දක්වා වැඩිකර ලබාදෙන බවයි කිව්වේ. ඒ වෙනුවෙ වසර්ස් කිහිපයක් ගතවෙන බවත් කිව්වා. අවසන් පේළිය අල්ලා ගෙන එය ට විතරක් තර්ක කරන්න එපා.. හිටපු ගුරුවරියක් නේද?
ලොක්ක Tuesday, 25 November 2025 12:43 PM
මෙයා වතු කම්කරුවන්ට පඩි වැඩි කරනවට විරුද්දව, මහ හයියෙන් පාර්ලිමේන්තුවෙ කැගහල අල්ලස් කොමිසමටත් ගියා. වතු කම්කරුවො පොල් ගහන කොට ගොලු වුනා, කට විතරයි . රජයට තාම අවුරුද්දයි, බලය නැතිවුනාම ඔලුව අන්ජ බජල්
Ariyathilaka Tuesday, 25 November 2025 12:45 PM
වත්මන් ආණ්ඩුව දැනට තිබෙන අධ්‍යාපනයට මුදල් වෙන් කිරීමේදී පෙර පැවැති ආණ්ඩුවලට සාපේකෂව මුදල් ප්‍රතිපාදන අඩු කිරීමට හේතුව නිසි ලෙස පැහැදිලි කර ගැනීමට අවශය නම් කළ යුත්තේ, 1847 දී පෙඩරික් එංගල්ස් විසින් ප්‍රකාශිත " කොමියුනිස්ට් පක්ෂයේ මූලධර්ම" නම් ලියවිල්ල අවම වශයෙන්වත අධ්‍යනය කළ යුතු වේ. එයට හේතුව වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන ධාරාව වන්නේ, ජනතා විමුක්ති පෙරමුණ බැවිනි. ජනතා විමුක්ති පෙරමුණ මාක්ස් ලෙනින්වාදය මූලධර්ම කර ගත් කොමියුනිස්ට්වාදී පක්ෂයකි. කොමියුනිස්ට්වාදී පක්ෂයක් ක්‍රියා කරනුයේ "කොමියුනිස්ට්වාදයේ මූලධර්ම" හා කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් යන කොමියුනිස්ට් න්යායාචාර්යවරු දෙදෙනා විසින් ප්‍රකාශිත " කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකශය" නම් ලියවිලි දෙක පාදක කර ගත් දේශපාලන ව්‍යාපාරය මත ය. ඔවුන්ගේ පක්ෂ ඉගැන්වීම් හා ආණ්ඩුබලයක් ලත් විට කිසි ලෙසකින් මෙම ප්‍රකාශන දෙක අතික්‍රමණය කරන අධ්‍යාපන කමයක් ඇති නො කරයි. ඒ සඳහා ආධාර අනුබල දීම අනුමත නො කරයි. හේතුව කොමියුනිස්ට්වාදයට එය විරුද්ධ බැවිනි. "කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම" න ප්රකාශනයේ ආරම්භය අංක 1 ලෙස දක්වන්නේ මෙසේ ය. කොමියුනිස්ට්වාදය යනු කුමක් ද?
ගමේ එකාලා Tuesday, 25 November 2025 12:53 PM
මේ ආණ්ඩුව දරුවන්ගේ අධයාපනය වෙනුවෙන් කටයුතු කරන බව අපි දන්නවා..අහින්සක වතුකම්කරුවන්ට රු.200 ක් දෙනවටත් විරුද්ද වෙචිචි ගෑණි ගැන මොන කතාද?
Ariyathilaka Tuesday, 25 November 2025 01:05 PM
"පිළිතුර:- කොමියුනිස්ට්වාදය යනු නිර්ධන පංතිතිය විමුක්තිය කරලීමේ තත්වයන් පිළිබඳ ඉගැන්වීම ය." කොමියුනිස්ට්වාදය පිළිබඳ මෙම නිර්වචන්ය සමඟ බැදී ඇත්තා වූ මාක්ස්වාදී දේශපානයට පිටින් ඇති සියලු දේශපාන, ආර්ථික, සමාජ- සංස්කෘතික, ආගමික සියලු භාවිතාවන් සියල්ල ප්රතික්ෂිප්ත ය. එසේ ම එම භාවිතාවන් පිළිබඳව උගන්වන සියලු අධ්‍යාපණ ක්‍රම ද ප්‍රතික්ෂේප කරයි. පොදුවේ දැනට ලෝකයේ ඇති විද්‍යා තාක්ෂණ හා ආර්ථික භාවිතාවන් කොමියුනිස්ට්වාදීන් අධ්‍යනය කිරීම හා භවිතාවේ යොදවන්නේ කොමියුනිස්ට් රාජ්‍ය මූල ධර්මවල බල පුළුවන් කාර කමට යටත්ව ය. උදාහරණ ලෙස රුසියාව, චීනය, උතුරු කොරියාව, වියට්නාමය, කිව්බාව, ලාඕසය දැක්විය හැක. මෙතක් කාලයක් ලංකාවේ අතීතයේ පටන් මේ දක්වා ඇති අධ්‍යාපණ ක්‍රම සියල්ල ම කොමියුනිස්වාදයට විරුද්ධ ය. කොමියුනිස්ට්වාදය ස්ථාපිත කිරීමට ඇති ප්‍රධාන බාධකය වී ඇත්තේ දැනට ඇති මේ අධ්‍යාපණ ක්‍රමය ය. පෙර පැවැති සියලු ඉගැන්වීම ය. ඒ නිසා වත්මන් ආණ්ඩුව කොමියුනිස්ට්වාදයට විරුද්ධ වත්මන් අධ්‍යාපන ක්‍රමය පෝෂණයට මුදක් වෙන් කිරීම නො කරන බව පැහැදිලි ය. පවතින අධ්‍යාපන ක්‍රමය බලගැන්වීම යනු කොමියුනිස්ට්වාදයේ සතුරා බල ගැන්වීම ය.
ගුණරත්න Tuesday, 25 November 2025 01:06 PM
මාස ගාණක් කැම්පස් වහගෙන පඩි වැඩි කරගත්තාට පස්සේ හරිනිලාට 6% අමතක වුනා. ඒ කාලේ 6% ගැන කිව් කතා කිව්වම ක්‍රමානුකූලව... අපිට අං කුර වලිග තියෙනවා කියල හිතන් වෙන්න ඇති
කෞෂිTuesday, 25 November 2025 01:44 PM
ගුණරත්න, 21 නටල මහන්සිද? ඒ වුනාට ලස්සනට තිබුණ ටීවී එකට.
ඒ.එම්.ඒ. කුමාර Tuesday, 25 November 2025 01:12 PM
6% ඉල්ලන්න පටන් ගත්තේ ඔය නෝනලා ගේ කාලේ නේද? ඒ කාලේ වැහිලා තිබුණ කටවල් දැන් ඇරෙන්න පටන්ගන. කලබල වෙන්න එපා. ඒක ක්රමාණුකූලව වැඩිකරගන යනවා. ඔයාලා කාබාසිනියා කරපු ආර්ථිකය ගොඩගන්න ගමන් තමයි අනෙක් සංවර්ධන වැඩ කරන්න වෙලා තියෙන්නේ.ඒ නිසා හදිස්සි වෙන්නේ නැතුව පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්න.
Ariyathilaka Tuesday, 25 November 2025 01:27 PM
දැන් වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය සම්බන්ධ අභියෝග දෙකකි. 1 . පවතින අධ්‍යාපන ක්‍රමය එකවර වෙනස් කළ නො හැකි බැවින් පවතින අධ්‍යාපන ක්‍රමය බිඳවැටීම නො දෙන වග පෙන්වා යම් දුරකට ඉදියට ගෙන යෑම. ඒ සඳහා මුදල් වෙන් කිරීම, 2 . දැනට රටේ ජනතාව භාවිතා කරන කොමියුනිස්ට් නො වන සියලු භාවිතාවන් රටේ ජනතාව කෙරෙන් ඉවත් කිරීමට එකවර නොහැකි බැවින් ඉදිරි ළමා හා තරුණ පරපුර ඉලක්ක කොට නව අධ්‍යාපන ප්රතිසංස්කරණයක් ඇති කිරීම. ඒ සඳහා මූලය සපයනුයේ "කොමියුනිස්ට්වාදයේ මූලධර්ම" ලියවිල්ලේ 18 වගන්තියේ 8 වන අනුවගන්තියේ ය. ඒ මෙසේ ය. "සියලු ළමයින්ට මව්වරුන්ගේ ආධාර නැතිව සිය කටයුතු කර ගැනීමට හැකි වූ විට, එතැන් සිට රජයේ වියදමින් රාජය විවාස හා පාසැල්වල ඔවුන් ඇති දඩි කොට අධ්‍යාපනයක් ලබාදීම, පුහුණු කම්හල්වල ශ්‍රමය සමඟ එක් කිරීම" යන ලෙස ය. මෙයින් කියවෙන්නේ කොමියුනිස්ට් ක්‍රමය පෝෂණය පිටින් කිසිදු අධ්‍යාපනයක් දරුවන්ට ලබා ගැනීමට ඇති හැකියාව අහිමි කිරීම හා කොමියුනිස්ට් පාලනය අවශ්‍ය මානව බල ගැන්විම ඇති කිරීම ය. එවිට කොමියුනිස්ට්වාදය සමඟ විද්‍යා තාක්ෂණ ආර්ථි හැසිර වීම, වෛද්‍ය ක්ක්‍ෂේත්‍රය, නිෂ්පාදන, ප්‍රවාහණ හා අලවිකරණය හා කොමියුනිස්ට්...
නජීමා Tuesday, 25 November 2025 01:35 PM
KARU, මෙයා ජනසවිය ගුරු කෙනෙක්ද? අර වතු කම්කරුවන්ට 200/- දෙන්නත් එපා කියල කොමිසමට බඩ ගෑවෙත් මෙයා තමයි.
Ariyathilaka Tuesday, 25 November 2025 01:48 PM
පාලනයට ඇවැසි ඉගැන්වීම් හැර රාජ්‍ය අනුග්‍රහ කිසි ලෙසකින් ආගම දහම ඉගැන්වීම, ඉතිහාසය, අතීතයේ ඔඅටන් වැවත එන සංස්කෘති හර පද්ධති, මෙරට පෙර පැවත ආ ස්වාධිපත්‍යයේ උරුම් කම් ද ඒ හා බැදුනු ඉතිහාසය, පුරා විද්‍යාත්මක වටිනාකම් ඇති භූමි හා සියලු දැද, ඉගැන්වීම් අහෝසි කරනු ඇත්තේ ය. ඒ සියලු ඉගැන්වීම් කොමියුනිස්ට්වාදයට පටහැනිව පවතින බැවින් ඒ මත ළමා පරපුරෙන් දියකර නොහරින තාක් මේ රටේ කොමියුනිස්ට්වාදය ස්ථාපිත කිරීම බොරු ය. මේ හේතු මත වත්මන් ආණ්ඩුව පවතින අධ්‍යාපනය මුදල් වෙන් කිරීම අඩු කරනවා ඇත. ආණ්ඩුවේ මතු කොමීයුනිස්ට් සිහිනය සැබෑ කරගැනීමට ඇවැසි අධ්‍යාපන ප්රතිසංස්කරණයක් ඇති කළ විට පැවැති සියලු රජයන් අධ්‍යාපනයට දුන් මුදල් ප්‍රතිපාදනවලට වඩා සිය ගුණයෙන් මුදල් වෙන් කරනවා ඇත. ඉතිහාසය හා ආගම කොමියුනිස්වාදය වස ය. මුලින් ම අධ්‍යාපනයෙ දිය කර හැරීමට උත්සාහ කරන්නේ ඒ දෙක ය. මේවා තේරුම් ගැනීමට ජාතිමාමක සැම දෙම විසින් "කොමියුනිස්වාදයේ මූල ධර්ම" හා කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනය" ද ඒ හා බැදුනු කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඉලක්ක, උපාය උපක්‍රම, හා හැසිරීම සම්බන්ධව ඇති ලිපි ලෙඛණ, පොත්, ප්‍රකාශන අධ්‍යනය කළ යුතු ය.
Ariyathilaka Tuesday, 25 November 2025 02:07 PM
එසේ නො මැතිව මෙය තේරුම් ගැනීම අසීරු ය. 1971 හා 1987/88/89 කැරළි දෙකක් මෙයහ වීමට තරුණ පිරිස් ඒකරාශී කළ යාන්ත්‍රණය කොමියුනිස්ට් අධ්‍යාපන ක්‍රමය ය. එයට "පංති පැවැත්වීම" ලෙස හදුන්වයි. ලෝකයේ සියලු ම කොමියුනිස්ට් රාජ්‍ය බිහි කර ඇත්තේ එසේ ය. කොමියුනිස්ට් අධ්‍යාපනය මගින් විප්ලවයට අවශ්‍ය හෙවත් දේශපාලන හා සංනද්ධ ක්‍රියාකාරීන් බිහි කෙරේ. දැනට ඇති සියලු කොමියිනුස්ට් රාජ්‍ය ඇති වීම් හා පවත්වා ගෙන යන්නේ ඒ මගිනි. දැනට ලෝකයේ තම සාමාජිකයන්ට එක ම දේශපාලන න්‍යායක් මත අධ්‍යාපනය දෙන දේශපාලන ව්‍යාපාරය වන්නේ කොමියුනිස්ට් පක්ෂ දේශපාකන ව්‍යාපාරය ය. පූර්ණකාලීන් ගොඩ නැගීම, එහි මූලික ම පදනම ය. ඒ මගින් දේශපාලන හා සංන්ද්ධ අංශ පෝෂනය කරයි. කොමියුනිස්ට්පක්ෂයක හදවත මේ පූරණකාලීන සාමාජිකයන් වේ. ඔවුන් කිසි ලෙසකින් කොමියුනිස්ට් දේශපාලනයෙන් පිට ඉතිහාසය ගරු නො කරයි. ඒ මාක්ස්-ලෙනින්වාදයේ ඉගැන්වීම ය. ඔවුන් කිසි ලෙසකින් කිසිදු ආගමක් ගරු නො කරයි. පිං පව්, කුසල්, අකුසල්, සත්ව ඝාතනය, කොමියුනිෂ්වාදී ඉලක්කය සපුරා ගැනීම සඳහා අනුන්ගේ දේපොළ කොල්ලකෑම, මනුෂ්‍ය ඝාතන , අනුන්ට හිරිහැර කිරීම, දේපොළ් විනාශ කිරීම වැරැදි යැයි නො සිතයි.නොකියයි
Ariyathilaka Tuesday, 25 November 2025 02:27 PM
මේ හේතුව නිසා තමයි 1971 හා 1987/88/89 ජනතා විමුක්ති පෙරමුණ් කැරළි දෙකේදී, ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් අතින් ඉහත කියන ලද මිනී මැරුම්, කොල්ල කෑම් , පැහැරගැනීම, පහර දීම්, දේපොල ගිනි තැබීම ආදී අපරාධ සිදු වූයේ; එම කැරළි දෙකටම සම්බන්ධ බහුතර ය සිංහල බෞද්ධ කුල තරුණ තරුණියෝ වෙති. ඉතා අල්ප ප්‍රමාණයක් කතෝලික, හා හින්දු ආගම අදහන අය වූහ.
Ariyathilaka Tuesday, 25 November 2025 02:43 PM
කර ගැනීම උත්සාහ කිරීම ද රට කොමියුනිස්ට් රාජ්‍යක් අනාගත සිහිනය සමඟ බැදීඇති බැව කිව යුතු ය. ළමයින් දෙමාපියන්ගේ අවනත භාවය ගිළිවුණ පමණින් කොමියුනිස්ට්වාදීන්ට ජය මගුල්බ්ය. 1971 හා 1987/88/89 යන කැරළි දෙකට තරුණ තරුණියන් බැදී ක්‍රියා කළේ දෙමාපිය සම්බ්න්ධව නම් කරුණු දෙකක් මත ය. 1. දෙමාපියන්ගේ අදහසට එකඟ නොවී දෙමාපියන්ට අකීකරුව ය. දෙමාපියන්ට වසන් කර ක්‍රියා කිරීම ද දෙමාපියන්ට අකීකරු වීම ය. 2. ජනතා ව්මුක්ති පෙරමුණූ සැබෑ කොමියුනිස්ට් ව්‍යාපාරය ගැන නොදන්නා කමින් දෙමාපියන් ද එම දේශපාලන ත්‍රස්තක්‍රියා කිරීම පිළිබඳව එකඟ බව. මේ දෙයාකර වූ කුමන ක්‍රමයෙන් ගත්තක් ඒ මගට 1971 හා 1987/88/89 කැරළ දෙකහිදී ම තරුණ තරුණියන් ඒ සඳහා ක්‍රියාත්මක වූයේ කොමියුනිස්ට් මත වාදය අදියරෙන් අදියර පංති ක්‍රමයෙන් ඉගැන්වීම නිසා ය. එසේ නොවන්නට එම දේශපාන කැරලි දෙක සිදුවන්නේ නැත. දැන් මේ ආණ්ඩුව අධ්‍යපනය මුදුල් කප්පාදු කරන්නේ කොමියුනිස්ට්වාදී හේතු ඇතිව කරන ක බව ජනතතාව පැහැදිළි කර ගත යුතුය.
KARUTuesday, 25 November 2025 05:13 PM
ආරියතිලක, 87-89 ට පෙර 83 දී ජවිපෙ තහනම් කෙරුවේ ඇයි ..? හේතුව කියන්න කෝ..
විපරමා Tuesday, 25 November 2025 03:12 PM
ආරියතිලක දාලා තියෙන පල්ලැහිලි දැක්කම පණ්ඩිතයෙක් කියලනම් පේනවා.
ආයු Tuesday, 25 November 2025 04:19 PM
පණ්ඩිත තමයි හැබැයි "බක" මොඩල් එක.
Ariyathilaka Tuesday, 25 November 2025 06:02 PM
බටලන්ද කොමිසුම වාර්තා පිටපත්, නීතිපති වෙත යොමු කිරීම ද යහපත්, ව්‍යවස්තා නීතිය එකසිය පනස් හත්, "අ" වගන්තිය සමඟින් හොඳට යා වෙත්. බටලන්ද වාර්තා සමප්ති සටහන, සැමගෙ චරිතය හොඳින් කියවෙන, ව්‍යවස්තා නීතිය සමඟ ගලපන දිනය ඈතක නොව බලනු මැන!
Ariyathilaka Wednesday, 26 November 2025 01:00 PM
1965 මැයි මස 14 වෙනි වෙසක් පුන් පෝය දින ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කෙරෙණි. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් මැතිවරණයකට ඉදිරිපත් වීමට කල් නොගෙනම, එහි නායකයා ඇතුලු පක්ෂ ක්‍රියාකාරීහු, රාජ්‍ය බලය සන්නද්ධ කැරැල්ලකින් ඇල්ලීමට 1971 කැරැල්ල දියත් කළහ. දේශපාලන පක්ෂයක් ඇති කරනුයේ ඒ රටේ පවතින නීති රාමුව ඇතුළත දේශපාලන කිරීමටයි. එසේ නොකොට රටේ නීතිය උල්ලංඝනය කර රාජ්‍ය විරෝධී කැරැල්ලක් ඇති කිරීමට, ජනතා විමුක්ති පෙරමුණට තිබුණු උවමනාව කුමක්ද? අවි ආයුධ අතට ගැනීමට කැරැල්ලක් ඇති කිරීමට කිසිදු හිමිකමක් අයිතිවාසිකමක් රටේ නීතිය අනුව ජනතා විමුක්ති පෙරමුණ නැත. ඒ වුවත් ඔවහු කැරැල්ලක් ඇති කළහ... ඒ කොමියුනිස්ට්වාදයේ හැටි ය. කොමියුනිස්ට්වාදය ගොඩ නගන්නේ පවතින කොමියුනිස්ට් නොවන සියලු රාජ්‍ය බලයට විරුද්ධවයි. කොමියුනිස්ට් නොවන කිසිදු ආණ්ඩුකම ව්‍යවස්ථා, නීති අණපනත්, පොලිස් හමුදා, යුධ, ගුවන්, නාවික හමුදා, ආර්ක්ෂක බලසේවා, සියලු අධිකරණ පද්ධති, රාජ්‍ය පරිපාලන කටයුතු කොමියුනිස්ට්වාදින් පිළිගන්නේ නැත. එසේම ප්රජාතන්ත්රවාය, ලිබරල්වාදී ප්‍රතිපත්ති පිළිගන්නේ නැත.
Ariyathilaka Wednesday, 26 November 2025 01:24 PM
KARu ට පිළිතුර ඉතිරි... කොමියුනිස්ට්වාදයට බාධක පිණිස පවතින, සියලු දේශපාලන දර්ශන, සියලු ආගමික දර්ශන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති කොමියුනිස්ට්වාදයා පිළිගන්නේ මැත. කොමියුනිස්ට්වාදි පක්ෂයක එක ම අරමුණ පවතින රාජ්‍ය බලය පෙරළ්ලා දමා රාජ්‍ය බලය අල්ලා ගැනීම ය. එය කිසි ලෙසකින් හිස් අති කළ නො හැක. ඡන්දවලින් කළ නො හැක. දැනට ලෝකයේ බිහි වි ඇති කොමියුනිස්ට්වාදී පාලනය ඇති සියලු රාජ්‍ය, ආයුධ සංනද්ධ සටන් මගින් බලය පිහිට වූ රාජ්‍ය බව කිව යුතු ය. කාල් මාක්ස්, පෙඩ්රික් එංගල්ස්, වි අයි ලෙනින් , ලියෝන් ට්‍රොස්කි, ආදී කොමියුනිස්ට න්යායාචාර්යවරු ස්ථීර ලෙස ම කොමියුනිස්ට් විප්ලවවාදියා පවතින රජයට විරුද්ධව ආයුධ සංනද්ධ විය යුතු බව කියති. අවධාරණය කොට උගන්වති. පවතින රජය ඡන්ද බලයෙන් ගෙන කොමියුනිස්ට්වාදී ආණ්ඩුවක් ස්ථාපිත කළ නො හැක. එසේ නම් ආණ්ඩුව සංනද්ධ අරගලයකින් ගැනීම මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොස්කි කියා සිටිත්. ඒ මඟ ගොස් චීනය, කිව්බාව, වියට්නාමය, ලාඕසය, කොමියුනිස්ට්වාදීහු පැවැති රාජය බලය සංනද්ධ අරගල වලින් පෙරළා දැමූහ. එසේ කීමට, කිරීමට කොමියුනිස්ට්වාදය ඇති අයිතිය කුමක් ද? කිසිදු අයිතියක් නැත.
Ariyathilaka Wednesday, 26 November 2025 02:16 PM
KARU ට පිළිතුර... සාධාරණ ද යන්න ගැටලුකාරී ය. සත්‍ය වශ්යෙන් ම "කළු ජූලිය " ට ජන්තා විමුක්ති පෙරමුණ සම්බන්ධ නැත්නම් තහනම් කිරීම වැරදි බව අපගේ අදහස ය. ඒ එදා දේශපාලන බල අධිකාරියේ වරද නම් ඒ හේතුවෙන් ආයුධ අතට ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට අයිතියක් ඇතයැයි කියන්නේ ද? එසේ අයුධ අතට ගැනීමට කිසිදු අයිතියක් නැත. ඒ වන විට දණ්ඩනීති සංග්‍රහයේ ඉහතින් දැක්වූ නීතිවලට අමතරව තවත් නීතී අණ පනත් සම්මත කොට තිබීමත් ආණ්ඩු ක්රමව්යවස්ථාවට හයවන ව්‍යවස්ථා සංශෝධනයෙන් 157(අ) ව්‍යස්ථාව සම්මත කොට තිබීමත්, 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත, 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික) විධි විධාන පනත, 1982 අංක 12 දරණ පොදු දෙපොළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනත ( මේ පනත 1999 අංක 28 දරණ පනතින් සංශෝධනය කළ) යන පනත් ද උල්ලංඝනය කරමින් විශේෂයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 114,115, 116, 117, 118, 119, 120, 121,122 යන වගන්ති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) ව්‍යවස්ථාවෙන් කියවෙන දේශපූර්ණත්වය උල්ලංඝනය කිරීම යටතේ ජනතා විමුක්ති පෙරමුණ 1977/88/89 යන කාලයේ ඇති කළ රාජ්‍යද්‍රෝහී කැරැල්ලක් ඇති කිරීමට හිමි කමක් නැත.
Ariyathilaka Wednesday, 26 November 2025 03:00 PM
KARU ට පිළිතුර ඉතිරියි.. සන්නද්ධ කැරැළි එක ම ඉලක්කයක් හඹා යයි එනම්:- ශ්‍රී ලංකා රාජ්‍යයයේ බලය බලහත්කාරයෙන් අල්ලා ගැනීම ය. එය ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය උල්ලංඝනය කිරීමක් බව කිව යුතු ය. කොමියුනිට්වාදියාට මේ එකක්වත් වලංගු නැත. ඒ නිසා "කැලේ මාරු වුණත් කොටියාගේ පුල්ලි මාරු නොවන්නා සේ" කොටියාගේ තවත් එක් දෙයක් මාරු වන්නේ නැත. ඒ තමයි "කොටියාගේ දඩයම් අභිප්‍රාය" ඒ ලෙස කොමියුනිස්ට්වාදී පක්ෂයක ද අත් නොහරින දඩයම් අභිප්රායක් ඇත. ඒ තමයි " කොමියුනිස්ට්වාදී රාජ්‍ය සිහිනිය " මාක්ස්වාදී චින්තනය පිං පව් කුසල් අකුසල් නොතකන අධ්‍යාත්මික කාන්තාරයක් නිර්මානය කළ කොට ලෝකයේ ජන්තාව අධ්‍යාත්මිකව අතරමං කොට අති බව ද කණගාටුවෙන් වුව ද කිව යුතු ය.