IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අධ්‍යාපනපති 2011 විභාගයේ වංචාවක්

ජාතික අධ්‍යාපන ආයතනයේ මීට දෙවසරකට පෙර පැවැත්වූ අධ්‍යාපනපති විභාගයේ දී  විභාග වංචා සිදු කළැයි  පසුගිය මාසයේ අවසන් කළ විමර්ශනයකින් තොරතුරු හෙළිවීමෙන් පසු එම ආයතනයේ අධ්‍යක්ෂවරයකුගේ සහ උපාධි අපේක්ෂිකාවක වූ ගුරුවරියකගේ වැඩ තහනම් කර ඇත.

අධ්‍යාපනපති උපාධියේ  2010/2011 අධ්‍යයන වර්ෂ සඳහා 2011 වසරේ දෙසැම්බර මස 22 සහ 23 දෙදිනයන්හි මේ විභාගය පැවැති අතර එම විභාගයේ එක් ප්‍රශ්න පත්‍රයක් වූ ‘පර්යේෂණ ක්‍රම ප්‍රශ්න පත්‍රය‘ සම්බන්ධයෙන් මතු වූ ගැටළුවක් ගැන කළ විමර්ශනයකදී එම විභාගයේ සිදුවූ බව කියන අක්‍රමිකතා රැසක් හෙළි වී තිබේ.

2013 පෙබරවාරි 22 දෙවැනිදා සිට 2013 ජුනි 15 වැනිදා දක්වා 16 දෙනකුගේ වාචික ප්‍රකාශ සහ ලිඛිත සාක්ෂි 33ක් ද, වෙනත් ලියැවිලි 15ක් ද උපයෝගී කරගෙන මේ විමර්ශනය පැවැත්වීය.

එම දීර්ග විමර්ශනයට අනුව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයකු එම විභාගයට පෙනී සිටි කොළඹ පාසලක ගුරුවරියකට විභාග වංචා කිරීම සඳහා වාතාවරණය සක් කර දී ඇතැයි විමර්ශන මණ්ඩලය නිගමනය කර ඇත.

එමෙන්ම එම විභාග අපේක්ෂකවරිය විභාග අවස්ථාවෙන් බැහැර වේලාවකදී හා බැහැර ස්ථානයකදී අධ්‍යාපනපති විභාගයේ අවසන් පරීක්ෂණයට ලියන ලද පිළිතුරුපතක් එම අධ්‍යක්ෂවරයා විසින් ඇය විභාග ශාලාවේ ලියන ලද පිළිතුරුපතක් ලෙස ආදේශ කර ඇගැයීම් ශාලාවට භාර දී ඇතැයි ද,  වෙනත් ස්ථානයකදී ලියන ලද ප්‍රශ්න පත්‍රය අදාළ පිළිතුරුපත් ගොඩට එක් කිරීමේදී වෙනත් විභාග අපේක්ෂිකාවකගේ පිළිතුරුපතක් අස්ථාන ගත වී ඇතැයි ද, ඉන් පසු එම අධ්‍යක්ෂවරයා අස්ථාන ගත වූ ප්‍රශ්න පත්‍රය වෙනුවට වෙනත් පිළිතුරුපතක් ලියා දෙන ලෙස එම විභාග අපේක්ෂිකාවගේ නිවසට ගොස් දන්වා ඇතැයි ද විමර්ශනයේදී හෙළිවූ කරුණු වලට ඇතුළත්ය.

මෙම විමර්ශනය කරගෙන යාමේදී එම විමර්ශන මණ්ඩලයට නිරීක්ෂණය වී ඇත්තේ පෙර කී විභාග අපේක්ෂිකාව එම විභාගයේ ප්‍රශ්න පත්‍ර හතරටම විභාග ශාලාවෙන් බැහැරව හා විභාග දිනයෙන් පසු දිනක පිළිතුරු ලියා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයකුට භාර දී ඇති බවයි.

එම අධ්‍යක්ෂවරයා තමාගේ වුවමනාවට හෝ වෙනත් අයකුගේ වුමනාවට එක් විභාග අපේක්ෂිකාවක එයින් සමත් කරවීම සඳහා විභාගය අවිධිමත් ලෙස හා අසංවිධිත ලෙස පවත්වා ඇතැයිද කියති.

මෙලෙස වංචාවන් ජාතික අධ්‍යාපන ආයතනය පිළිබව අපකීර්තියක් මහජනතාව තුළ ඇති කර ඇති බව ද විමර්ශන කමිටුවට නිරීක්ෂණය වී තිබේ.

 



අදහස් (0)

අධ්‍යාපනපති 2011 විභාගයේ වංචාවක්

ලුම්බිණි Tuesday, 23 July 2013 07:23 AM

වංචා නැතුව කිසිම දෙයක් අද කාලේ කරන්න බැරි නිසා මේක අපි ලොකු දෙයක් ලෙස ගණන් ගත යුතු නැහැ. (නි)

:       0       0

උපාලි Tuesday, 23 July 2013 07:42 AM

අනේ ඉතින් ඊට පස්සේ ඒ දෙන්නාට මොකද වුණේ? (නි)

:       0       0

රන්ජිත් සිල්වා Tuesday, 23 July 2013 11:01 AM

ඔය තැන ඉන්න අය ඕක කන බව අපිට හුඟක් කලින්ම දැන ගන්න පුළුවන් උනා. ඇමති තුමා දන්නෙත් දැන් තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site