(ඩයනා උදයංගනී සහ මාධවී ධර්මරත්න)
මේ දිනවල පවතින අධික ශීතල සහ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළයාම සමඟ වයිරස් උණ, ළමා හතිය හා ස්වසන පද්ධතිය ආදී රෝගී තත්වයන්ගේ ඉහළයාමක් දක්නට ලැබෙන බව බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
වයස අවුරුදු 2ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන් සම්බන්ධයෙන් මෙන්ම ගර්භනී මව්වරුන්, දියවැඩියා රෝගීන්, දීර්ඝකාලීනව ස්වසන රෝගවලින් පීඩා විඳින්නන් ආදීන් තම සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් මෙම කාලයේ දී සැලකිලිමත් විය යුතු බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.
හතියට ගන්නා ඖෂධ මේ දිනවලදී එයාකාරයෙන්ම නොකඩවා ලබා ගත යුතු අතර, ඉන්හේලර් භාවිත කරන රෝගීන් සිටී නම් ඔවුන්ද එය නොකඩවා වෛද්‍ය උපදෙස් මත ලබාගත යුතු බව ඔහු කීවේය.
සීතල සහ දූවිලි අංශු වැඩි ප්‍රදේශවල දරුවන් නිවසින් බැහැරට ගෙනයාමේදී සිරුරේ උණුසුම රැකෙන පරිදි ඇඳුම් ඇන්දවීම සහ වැඩිහිටියන් මුහුණු ආවරණ පැළඳීම වැදගත් බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
වයිරස් රෝග කුඩා දරුවන් අතර ඉක්මනින් පැතිර යා හැකි නිසා කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග තත්ව පවතින දරුවන් පාසල්, පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට නොයැවිය යුතු අතර, ඔවුන් විවේක ගැන්වීම කළ යුතු අතර, ශීතල කාලගුණයක් ඇති අවස්ථාවල රෝගීන්ගේ කාමරයේ දොර ජනෙල් වසා තැබීම සුදුසු බව ද වෛද්‍යවරයා කීවේය.
නුවරඑළිය වැනි ප්‍රදේශවල දරුවන්ට මෙම තත්වය හුරු වුවත් සීතල නුහුරු පැතිවල වෙසෙන අය ඉතාම ඉක්මනින් රෝගීවිය හැකි බව ද හෙතෙම පැවසීය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අධික ශීතල සමග ශ්වසන රෝග ඉහළට
බද්රානි Sunday, 11 December 2022 07:53 PM
"පාස්කු ප්‍රහාරයේ ශාපය" මේ භුමිය තුළ පතිත වෙලා ඉවරයි. ප්‍රහාරය සැලසුම් කළ අය පමණක් නොවෙයි, ඔවුන්ට ආශිර්වාද කළ බහුතර ජනතාවක් මේ රටේ සිටිනවා. එයට දඬුවම් දැන් ලැබීමට පටන්ගෙන තියනවා... ප්‍රහාරයෙන් මරණයට පත්වුණු අයට පින් අනුමෝදම් පිණිස වැඩ සටහන් සහ ප්‍රහාරයෙන් අබාධිත තත්වයට පත්වූවන්ට නොසැලකුවහොත් තත්වය මීට වඩා බරපතල වෙනවා. ජාති ආගම් බේදයකින් තොරව මේ වෙනුවෙන් රටේ ජනතාව එකටඑක විය යුතුයි. ඒ වගේම මේ ප්‍රහාරයට සම්බන්ධ මහමොල කරුවන්ව නීතිය ඉදිරියට නොගෙනාවොත්, ස්වභාව ධර්මයා මේ රටේ සියලුම ජනතාවට දඬුවම් දෙන දවස වැඩි ඈතක නැහැ. මේ ගැන කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට රටේ සියලුම ජනතාව රජයට බලකළ යුතුයි. නැත්නම් උඹලා අනිවාර්යයෙන්ම විනාශ වෙනවා. පෞද්ගලිකව මම දන්නා කියන කිසිවෙකුටවත් මේ ප්‍රහාරයෙන් සීරීමක්වත් සිදුවී නොමැති බව සතුටින් දන්වමි.