පියුම් හසංමාලි කියන්නේ අද සමාජ වෙබ් අඩවිවල මෙන්ම බොහෝ වෙබ් අඩවිවල විවිධ පුවත් මවන්නියකි. නිරූපණ ශිල්පිනියක වන ඇය, ඉදිරියේදී චිත්‍රපට සඳහා එක්වීමට නියමිතයි. මේ ඇය සමග "සාරවිට" තබන සටහනකි.
අලුත් වැඩකටයුතු මොනවාද?
ඉදිරියේදී රූපවාහිනි නාට්‍ය දෙකක් සඳහා වැඩකටයුතු පටන් ගන්න නියමිතව තිබෙනවා. තව මාස දෙකකින් චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කරන්න තියෙනවා.
නිරූපිකාවක් කිව්වාහම අද ලංකාවේ බොහෝ දෙනා තිබෙන්නේ වැරදි ආකල්පයක්. ඉතිං මේ පිළිබඳව ඔබ දකින්නේ කොහොමද?
අද ලංකාවේ බොහෝ දෙනා මිනිස්සුන්ව මනින්නේ ඇඳුම්වලින්. ඉතිං මම නම් හිතන්නේ කෙනෙක්ගේ ඇඳුම් විලාසිතාවක් තුළින් කෙනෙක්ව මනින්න පුළුවන්කමක් තියෙනවා කියලා. ඒකනිසා මම විලාසිතා කරන්නේ තැනට ඔබින විදිහටයි. ඉතිං බොහෝ දෙනා නිරූපිකාවන්ව මනින්නේ ඇඳුම්වලින් කියලා තමයි මට නම් හිතෙන්නේ.
ලංකාවේ බොහෝ වෙබ් අඩවිවලින් වැරදි ප්‍රචාරයන් සිදුකරනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
මම නම් කවදාකවත් වෙබ් අඩවිවලින් කරන කිසිදු ප්‍රචාරයක් ගණන් ගන්නෙ නැහැ. එවැනි දේවල් හද හද ඉන්නෙ මිනිස්සුන්ට වැඩ නැතුව ඇති. මට සමහරක් දේවල් දැක්කාමත් හිනා යනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අද ලංකාවේ බොහෝ දෙනා මිනිස්සුන්ව මනින්නේ ඇඳුම්වලින්