IMG-LOGO

'අද රංගනය උදෙසා ඉතිරීවී තිබෙන එකම තැන වේදිකාවයි'

2016-07-07-ent-88

රිතාංග රංගනය වෙතින් නිරන්තරයෙන් පේ‍්‍රක්ෂක මතකයේ රැුඳෙන චරිත සමග හමුවන මේ ප‍්‍රවීන රංග ශිල්පියා ගැන ඔබට අමුතුවෙන් යමක් කිවයුතු නොවේ. ඔහු ජනක කුමුකගේය. අද දවසේ ජනක ගැන වැඩි පේ‍්‍රක්ෂක අවධානය යොමුව තිබෙන්නේ හිරු ටීවි ඔස්සේ විකාශනය කෙරෙන උරුමක්කාරයෝ, ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කෙරෙන සිහින විමන් සහ සිරස ටීවී ඔස්සේ විකාශය වන සල්සපුනා නාට්‍යවල රඟපාන චරිත නිසයි. ඊට අමතරව සුපුරුදු පරිදි වේදිකාව වෙත ලබාදෙන දායකත්වය නිසාත් බොහෝ දෙනා ජනක ගැන නිරන්තරයෙන් කතාබහ වන බව සඳහන් කළ හැකියි. මේ ප‍්‍රවීන රංග ශිල්පියා සඳැල්ලට පැමිණි මොහොතකි මේ.

 

උරුමක්කාරයෝ (හිරු ටීවී) සිහින විමන් (අයිටීඑන්) සල්සපුනා (සිරස) විකාශය කෙරෙන මේ චරිත ගැන ඔබට හැෙඟන්නේ කොහොමද?

2016-07-07-ent-87එක් එක් කාලවලදී විවිධ චරිත සඳහා ලැබෙන ප‍්‍රතිචාර වෙනස්. උරුමක්කාරයෝ ගැන වැඩිදෙනා ඉහළින් කතා කරන බව දැනෙනවා. එහි ශ‍්‍රියන්ත ඇතුළු ප‍්‍රවීණ රංග ශිල්පීන් පිරිසක් සමග රඟපෑමට අවකාශය ලැබුණා.

සල්සපුනා චරිතය ගැන කතා කළොත් එම චරිතය ලබා දුන්නෙ ලොකු විශ්වාසයක් ඇතිවයි. ඉතින් ඒ චරිතයට අදාල හැඩතල සමග පේ‍්‍රක්ෂකාගාරයේ ආකර්ශණයට නතුවූ බව හැෙඟනවා. සිහින විමන්හි චරිතය ඒ චරිත දෙකටම වඩා වෙනස්.

 

අද වැඩිපුර ඔබට ලැබෙන්නෙ තාත්තාගෙ චරිතයද?

කාලයක් දිගටම තාත්තාගෙ චරිතය ලැබුණා. ඊට පෙර සැමියාගේ සහ පෙම්වතා ලෙස දීර්ඝ කාලයක් රඟපෑවා. දැන් මේ උරුමක්කාරයෝ චරිතයත් වෙනස් චරිතයක්. පවුලක පුතෙකු ලෙස රඟපානවා. සල්සපුනා නාට්‍යයේ බෑනා කපටියකු වුණාට එයා උපතින් කපටිකම අරන් ආ කෙනෙක් නෙවෙයි. ජීවත්වීමේ අරගලය ඇතුළෙ තමයි එයා කපටිවී සිටින්නේ.

 

අද දවසේ ඔබගේ ජීවිතය ගෙවෙන්නෙ මේ විදියටද?

රංගන කාර්ය උදෙසා වෘත්තියට සුපුදුරු පරිදි කටයුතු කරන බව කියන්න පුළුවනි. වැඩි කාලයක් ඊට කැපවී තිබෙනවා.

 

පුද්ගලික ජීවිතයෙ තොරතුරු කොහොමද?

බොහොම සුන්දරව ගෙවෙන බව කියන්න පුළුවනි.

 

මේ රංගන ජීවිතය වෘත්තිය කර ගැනීම ඔබගෙ ආර්ථිකයට බලපෑවේ මොන විදියටද? එය ප‍්‍රමාණවත් වුණාද?

අනිවාර්යෙන්ම ප‍්‍රමාණවත් වුණා. නමුත් ඊට කෙටි පිළිතුරක් දිය නොහැකියි. දීර්ඝව දිය යුතු පිළිතුරක්. සියලූ කටයුතු ඉතා සාර්ථකව කරගත හැකි වුණා. නමුත් සමස්ත උත්තරය එයම නෙවෙයි.

 

වේදිකාවේදී එය බලපාන්නේ මොන විදියටද?

වේදිකාවට එදා වගේම ඉතා ඉහළින්ම මගේ දායකත්වය ලැබෙන බව කියන්න පුළුවනි. පසුගිය දිනවල චම්ප බුද්ධිපාල මහතාගේ ‘ආසාවේ වී දිරිය’ නමැති විශිෂ්ඨ නිර්මාණයෙහි රඟපෑමට අවකාශ ලැබුණා. සරත් කොතලාවලගෙ ‘ජයසිරිට පිස්සු’ නාට්‍යයේත් මේ දිනවල සම්පත් ජයවීරගේ ‘ජෝඩු ජෝඩු’ නාට්‍යයේත් රඟපානවා. ඊටත් අමතරව කපිල කුමාර කාලිංගගේ අලූත්ම නාට්‍යයේත් පුහුණුවීම්. අද අපට රංගනය උදෙසා ඉතිරි වෙලා තියෙන එකම තැන එතැනයි. ටෙලිවිෂන් කලාවේ මෙගා රැුල්ල ඇතුලේ ඇති අවකාශය දෙස බලද්දී වේදිකාව අද ඉතා විශිෂ්ඨ තැනකට ඇවිත්. එතැනත් සරල දේ පවතින බව ඇත්ත. ඒත් එහි ඇති ගැඹුරු අරුතින් යුතු විශිෂ්ඨ නාට්‍ය මගේ රංගන ජීවිතයට සතුටක් ගෙන දෙන්නෙ. අද මේ සිංහල නාට්‍ය වේදිකාවේ වගේම අපේ ඉංග‍්‍රීසි නාට්‍ය වේදිකාවත් හරිම පොහොසත් වෙලා. ඒ වටාත් විශාල පේ‍්‍රක්ෂකාගාරයක් පවතිනවා.

 

මේ විදියට රඟපෑ චරිත අතරින් මතකයත් ශේෂ වූ චරිත ගැන සිහිපත් කළොත්?

බොහෝ චරිත ලැබුණා. සරල එහෙත් ගැඹුරු සංකීර්ණ බව රැුගත් චරිතවලට වෙසෙසින්ම කැමතියි. වේදිකාව මත කඩඉම් වූ චරිත බොහොමයක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ රංගන කලාව යනු ලෝකයේ පවතින විශිෂ්ඨතම අංගයක්. එය මේ රටේදීත් එහෙමයි. නමුත් මේ රටේදී ඊට ඒ වටිනාකම ලැබෙන්නෙ හරි අඩුවෙන්. ඒත් ඒක ගෞරවනීයයි.

 

ඒ රංගන ජීවිතය සහ කලාව ඇතුළෙ ඔබට ජීවිතය දැනෙන්නෙ කොහොමද?

මට කොහොමත් සුබවාදී ආකල්ප තියෙන්නෙ. ජීවිතය සුන්දරයි කියලා මට හිතෙනවා. කලාව ගැන මගේ විවරණය කෙටියන් කළ නොහැකියි. අපි ජීවිතය දිහා සුබවාදීව හිතමු.

 

සඳුන් ගමගේ

 

sandalla

 

2016-07-07-ent-89



අදහස් (0)

'අද රංගනය උදෙසා ඉතිරීවී තිබෙන එකම තැන වේදිකාවයි'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 15 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site