IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අද මම මෙතැන ඉන්නෙ නර්තනය නිසයි...

ෂෙරිල් රොමේන් ඩෙකර් 2006 දී ස්වාධීන රූපවාහිනිය ගෙනා අවුරුදු කුමරිය උළෙලේදී දෙවැනි තැන හිමිකර ගත්තාය. ඉන්පසුව සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනට දායක වූ ඇය බෙනට් රත්නායකගේ ‘ඉරහඳ යට’ චිත‍්‍රපටය සමග සිනමා රංගනයට පිවිසියාය. එතැනින් පසු අද ඇය අපට හමුවන්නේ ස්වාධීන රූපවාහිනිය ගෙන එන ‘අමා’ නාට්‍ය මාලාව සමගය. ඒ නිසා වැඩිදෙනා ෂෙරිල් ගැන කතා කරන මොහොතක අපි ඇය සඳැල්ල පිළිසඳරට කැඳවීමු. කොලොන්නාව ශාන්ත ජෝෂප් බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය ලබා, කුලසිරි බුදවත්ත රංගායතනයෙන් නර්තනය පිළිබඳ හදාරා ඇති ෂෙරිල්ගේ වසය අවුරුදු 22 කි. පවුලේ දෙමව්පියන්ට අමතරව එක් සහෝදරියක සිටී. කලාවට පැමිණීමට නර්තන විෂයය හේතු වූ බව ෂෙරිල්ගේ අදහසයි. තම ගුරු මෑණියන් වන සිරිවර්ධන මහත්මිය ගෞරවයෙන් සිහිපත් කරමින් ෂෙරිල් අපි ඇසූ ප‍්‍රශ්න වලට පිළිතුරු දුන්නේ මේ විදිහටයි. නර්තනය නිසා රංගනයට ආ ඔබ අද රඟපෑම්වල විතරයි යෙදෙන්නේ? ඇත්තටම නර්තනය ප‍්‍රගුණ කිරීම නිසා තමයි අද මම මෙතැන සිටින්නේ. රංගනය මම හිතපු දෙයක් නෙවෙයි. නමුත් නර්තනය නිසා ඒ මග යන්න අවස්ථා ලැබී තිබෙනවා. ෂෙරිල් රොමේන් ඩෙකර් යන ඔබ ‘අමා’ නමින් රඟපාන ගැමි චරිතය ගැන හිතන්නේ කොහොමද? ගැමි චරිතවලට කොහොමටත් මට ආසයි. ඒක ලංකාවේ දෙයක්. මට හුරුපුරුදු දෙයක්. මගේ අම්මා සිංහල බෞද්ධ. ඉස්සර අවුරුද්දට ආච්චි මට චීත්ත ගවුම් මහලා දුන්නා. ඒ සියල්ලට මම හරි ආසයි. ඒ ගති මට පුරුදු දේවල්. ‘අමා’ ට ලැබෙන ප‍්‍රතිචාර? මුලින්ම කියන්න  ඕන මම හරි වාසනාවන්තයි. දෙවියන් මට දුන් මේ දක්ෂතාවයට ජනතාවගෙන් ලැබෙන ප‍්‍රතිචාරය නිසා මම ලබන්නෙ ලොකු සතුටක්. මේ චරිතය වගේ අය ඔබට සැබෑ ජීවිතයේදී හමුවෙලා තියෙනවද? අමා සහ මම අතර එතරම් දුරස්ථ බවක් නැහැ. කොළඹ නගරයට ආසන්නව ජීවත් වුණාට මගේ ගති සිරිත් සියල්ල ගමට සමීපයි. මේ නාට්‍ය රූගත කිරීම් සිදු කෙරෙන්නේ බණ්ඩාරගම දී. ඒ පළාත හරිම සුන්දරයි. ගමේ ඒ දේවල් මට දැනෙනවා, හැෙඟනවා. ගවුම් ඇඳගෙන කුඹුරේ දුවනවා, කිරි බෝතල් අරගෙන ගෙදර එනවා. ඵ් දේවල් හරි සුන්දර අත්දැකීම්. මම ඒ චරිතය සැබෑ ලෙස විඳිනවා. අමාට පෙම්බැඳි ‘හිරු’ මොන වගේ ද? හොඳයි. මම හිතන්නෙ ඒ ගැන වැඩි විස්තර කරන්න  ඕන නැහැ. කතාව බලන්න. එය ඔබ හිතනවාට වඩා හරි වෙනස්. රංගනය ගැන නොදැන ඇවිත් කරන මේ දේවල් දිහා බලද්දි ඔබට මොනවද හිතෙන්නෙ? ඇත්තටම ඒක දක්‍ෂතාවක්. ඒ දක්‍ෂතාව හඳුනාගන්න මට උදව් කළේ, මඟපෙන්වා දුන්නෙ බෙනට් රත්නායක මහතා. මේ මොහොතේදි මම ඔහුට ඉතාම ස්තූතිවන්ත වෙන්න  ඕන. එතුමාගේ චිත‍්‍රපටයෙන් ලද ආභාසය මත මට මේ රංගන පාසලට ඇවිත් ඉගෙන ගන්න ලැබීම සතුටක්. දැන් මම ඒ රංගනය නැමති විෂයය හඳුනා ගනිමින් එය අධ්‍යයනය කරමින් සිටින වග කියන්න පුළුවනි. මේ චරිතය රගපෑමට අනෙක් අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද? ගොඩාක් හොඳයි. වත්සලා අක්කි තමයි මගේ සමීප චරිතය. එයා ගොඩාක් දේ ගැන වටහලා දෙනවා. ඒ වගේම විශ්වත්, බිමල් අයියා ඇතුළු අනෙක් ප‍්‍රවීණයින් සියලූ දෙනාගෙන්ම ලැබෙන්නේ එයාලගේ පවුලේ කෙනෙකුට දක්වන තරමේ ගුරුහරුකම්. ඒ සියලූ දෙනා වගේම ශාන්ත සොයියා මහතා සහ මහේෂ් රත්සර මද්දුමආරච්චි අයියා ඇතුළු අමා ට සම්බන්ධ හැමෝටම ස්තූතිය පුදන්න  ඕන. ඔබ ජීවිතය අරමුණු කරගෙන සිටියේ මොන වගේ අංශයකින් ඉදිරියට යන්නද? ජීවිතේ ගොඩාක් අරමුණු ඇති කරගෙන ගමනක් යන්න මම කැමති නැහැ. ඒක නිදහසට බාධාවක්. නමුත් මම වැඩියෙන් ආසා කරන්නේ රූපලාවන්‍ය සහ මෝස්තර නිරූපණ අංශයටයි. ඉදිරියේ දී ඒ අංශයේ නියැළෙන අතර රංගනයත් කරාවි. හැබැයි කිසිදේකට මම හදිස්සි නැහැ. මගේ ගමනෙ හෙමින්. මට තවම අවුරුදු 22 යි. හෙමින් යන ගමන මම අත්දැකීම් ලබාවි. යමක් කරන්නට පෙර කාලය ගන්න මම කැමතියි. එතකොට අපට ඉගෙනගෙන යමක් කරන්න පුළුවන්. කොහොම වුණත් සමාජයේ දන්නා හඳුනන චරිතයක් බවට පත්වීමත් සමග සමහර අය බලපුළුවන්කාර අයගෙ ඔඩොක්කුවට වැටෙනවා. ධනවතුන්ගේ ගොදුරු බවට පත්වෙනවා. ඔබ කොහොමද ඒ ගැන හිතන්නෙ? එහෙම වෙන්න ජනප‍්‍රිය වෙන්නම  ඕන නැහැ. ගැහැනු ළමයෙක් තමාගේ සීමාව හඳුනාගෙන තමයි මොන දේත් කරන්න  ඕන. මම මගේ සීමාව දන්නවා. මගේ නමට කැළලක් වෙනවට අකමැතියි. ඒ නිසා මටම මම ප‍්‍රතිපත්ති මාලාවක් දාගෙනයි ඉන්නෙ. කොතැන ගියත් ඒ වැඩවලට මාව එක්ක යන්නෙ අම්මා. ඒ නැතත් මම නිතරම කටයුතු කරන්නේ මගේ ආත්ම ගරුත්වය ගැන හිතලයි. මුදල කියන දේට මුල්තැන දෙන්න මම කැමති නැහැ. ජීවිත විනාශ වෙන්නේ මුදල් පසුපස ගියාමයි. ජීවිතේ කියන්නෙ මුදල් නෙවෙයි. ඔබ කතා නොකරන කෙනෙක් කියලත් සමහරු කියනවා? ඔව්. ඒ මගේ හැටි. එය ආඩම්බරකමකට නෙවෙයි. හැබැයි ගැහැනු ළමයෙකුට ආඩම්බරකම තියෙන්නත්  ඕන. මොන දේ කිව්වත් අද ටෙලිනාට්‍ය අංශයේ සමහර නළු-නිළියන් ගැන අහන්න ලැබෙන දේවල් සුබවාදී නැහැ. එහෙම නේද? මේ වගේ දේවල් වෙන්නෙ එක්කෙනෙක් දෙන්නෙක් වගේ නිසයි. බලාගෙන ගියාම එයාල එච්චර ලොකු චරිතත් නෙවෙයි. එවැනි දේවල්  ඕනෑම ක්ෂේත‍්‍රයක තිබෙන්න පුළුවන්. රඟපෑම කියන දේ සමහරු හිතන්නෙ හරිම ලෙහෙසි දෙයක් කියලයි. ඔබටත් එහෙම හිතෙනවද? කොහෙත්ම නැහැ. මෙහි ඉගෙන ගන්න තියෙන දේ බොහෝයි. මේක ඇත්තටම ජීවිතය ගැන කියාදෙන පාසලක්. ඔබ එහෙම කිව්වට ලැබෙන ජනප‍්‍රියත්වය සමග දේශපාලනයට එන්නත් බැරි නැහැ. අපේ රටේ ඒ වගේ දේවල් අපට දැකගන්න ලැබෙනවා. මොකද කියන්නෙ? දේශපාලනය වගේ විෂයකට නම් මම කැමති නැහැ. මම ගැන කිව්වොත් මම කරන්නෙ මට පුළුවන් දේ විතරයි. බැරි දේවල් කරන්න මම කැමති නැහැ. ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණ කලාකරුවෙකුගේ පුතෙක් සමග බැඳීමක් තියෙන බවත් සමහරු කියනවා. එය ඇත්තද? කොහෙත්ම නැහැ. අපි මියුසික් වීඩියෝ එකකට පෙනී සිටියා. එච්චරයි. මම තවම ආදරය ගැන හිතලා නැහැ. වයස 25 විතර වෙනකොට විවාහය ගැන තීරණය කරාවි.

සටහන/ඡායාරූප සඳුන් ගමගේ
 



අදහස් (0)

අද මම මෙතැන ඉන්නෙ නර්තනය නිසයි...

මනෝරි Friday, 23 August 2013 09:53 AM

ඔයා ගොඩක් හොදට රගපානවා.ඒ වගේම ඔයා ගොඩක් ලස්සනයි.(නදී)

:       0       0

චම්මි Wednesday, 23 November 2011 03:18 AM

ගොඩාක් හොදයි. සතුටුයි නර්තනය ගැනත් රංගනය ගැනත්

:       0       0

ක්‍රිෂ් Wednesday, 09 January 2013 11:26 AM

ගොඩක් අහිංසකයි වගේ පේන්නේ..ඒත් ටිකක් නපුරුයි නේද? (ස)

:       0       0

මධූ Friday, 25 November 2011 10:10 AM

ඔයා රගපානවා ලස්සනයි අලුත් තොරතුරු මොනාද ඔයාගේ? තවත් හොදට රගපාන්න සුභ පැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 579 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site