ගිණිකොනදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “මහසෙන්” සුළිකුණාටුව මුලතිව් සිට නැගෙනහිර දෙසින් කි.මී. 650 ක් පමණ දුරින් කේන්ද්‍රගතව ඇත. මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බොහෝ දුරට එහි කේන්ද්‍රයේ සිට වයඹ දෙසට ගමන් කරනු ඇත.
මේ නිසා යාපනය සිට මඩකළපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු වන අතර, නිරන්තර වැසි සහ තද සුළං (පැ.කි. 70ට වැඩි) ඇති විය හැකිය.
නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධිවර හා නාවික කටයුතු වල යෙදීමෙන් වළකින ලෙස ධිවර හා නාවික ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
මෙම පද්ධතියේ බලපෑම මත දිවයින සහ අවට ප්‍රදේශ වල නිරිත දෙසින් හමණ තරමක් තද සළං (පැ.කි. 60 පමණ) අපේක්ෂා කල හැකිය.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පලාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති විය හැක. දිවයිනේ උතුරු සහ නැගෙනහිර කොටස් වල ඉදිරි දින කිහිපයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවිය හැකිය.
2025 දෙසැම්බර් මස 18
133
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද කාලගුණය ( මැයි 13)