IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අදානි සමගාම වාසිගන්න නාට්‍යයක් කරනවා

(යොහාන් භාසුර)

අදානි සමාගම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීම වාසිදායක ආයෝජනයක් වෙනුවෙන් කරන නාට්‍යයක් බව ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා පැවසීය.
අදානි සමාගම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීම පිළිබඳව ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීම සඳහා ජන අරගල සන්ධානය පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එහි ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා එසේ කීය.  

ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන්න සූදානම් වුණ ප්‍රශ්නගත සුළං විදුලිබලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකර යන්න තීරණය කළේ යැයි නිවේදනය කර ඇති බවත්  අදානි සමාගම ක්‍රියාත්මක කරන්න ගිය එම ව්‍යාපෘතියට ආරම්භක මොහොතේ සිටම විශාලා ජනතා විරෝධයයක් එල්ල වූ බවත් නාගමුව මහතා පැවසීය.

අදානි සමාගමට එම ව්‍යාපෘතිය නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව පිරිනැමීම එම ජනතා විරෝධයට පදනම බවත් අධික මිල ගණන් යටතේ මේ ව්‍යාපෘතිය දීම නිසා වංචා සිදුවූයේ යැයි සැකයක් ඇති බවත් ඔහු කීය.

එම යෝජිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිසා විශාල පාරිසරික හානියක් වන බවට ඉදිරිපත් වුණ තක්සේරුව සහ අදාළ ව්‍යාපෘතිය නිසා රටේ ස්වාධිපත්‍යයට හානි වීම එහි තිබූ බරපතලම තත්වය බවත් නාගමුව මහතා සඳහන් කළේය.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත මන්නාරම වෙඩිතලතිව් ප්‍රදේශය ලෝකයේ දේශගුණ වෙනස්වීම් කාලවල පක්ෂීන්ගේ සංක්‍රමණය, පර්යටනය සම්බන්ධයෙන් වැදගත්ම කලාප 16 න් එකක් බව කී දුමින්ද නාගමුව මහතා පැවසුවේ රටවල් 30ක පක්ෂීන් මිලියන 15කට අධික ප්‍රමාණයක් මේ ප්‍රදේශය හරහා රට ඇතුළට ගමන් කරන්නේ යැයි පරිසරවේදීන් පවසන බව ද සඳහන් කළේය.

එම පක්‍ෂීන්ගෙන් මිලියනක් පමණ මන්නාරම ප්‍රදේශයේ සැරිසරනව නිසා පරිසර ප්‍රශ්නය සරලව ගතනොහැකි බවත් ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ පාරිසරික සමතුලිතතාවයට මෙය බලපාන නිසා සරළ ප්‍රශ්නයක් ලෙස ගත නොහැකි බවත් ඔහු කීය.

මන්නාරම ප්‍රදේශයට වඩා හම්බන්තොට සුළං විදුලි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සුදුසු යැයි මොරටුව විශ්වවිද්‍යාලය කළ සමීකරණයක් හෙළිවී ඇති බවත් ප්‍රදේශය අතහැරලා මන්නාරමේ මේක අටවන්න යන එකන්ම මෙතන ඉන්දියානු මැදිහත්වීමක් තිබීම පැහැදිළි වන බවත් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා වැඩි දුරටත් පැවසීය. 



අදහස් (6)

අදානි සමගාම වාසිගන්න නාට්‍යයක් කරනවා

de silva berlin Sunday, 16 February 2025 04:21 PM

මේ පිළිබඳව එක එක පුද්ගලයෝ මාධ්‍ය සාකච්චා තබමින් විශ්ලේෂණයට යාම නොකළ යුතු දෙයක්..., ඒකෙන් කිසිම වාසියක් රටට ලැබෙන්නේ නැහැ. පාඩුවක් මිසක්, සමහර විට මේක හොඳ දෙයක් වෙන්න පුළුවන්..., දැන් කළ යුත්තේ එක රටක එක සමාගමක් පමණක් නොකර ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් කරන්න. එහෙම කළොත් පුනර්ජනනීය විදුලිය නිපදවීමට පළපුරුදු සහ මුදල් තිබෙන දෙස් විදෙස් සමාගම් වලට පුළුවන් ටෙන්ඩර් ඉදිරිපත් කරන්න. ඉන්පසු අපට හොඳම එක තෝරාගන්න පුළුවන්... නමුත් මේක ඉක්මණට කළයුතු දෙයක්...

:       1       52

සෙනෙවිරත්න Sunday, 16 February 2025 06:53 PM

මේ අදානි සමාගමේ අධ්‍යක්ෂක වරයෙක්ද? මෙච්චර දේවල් දන්නේ.

:       32       15

රුවන් Sunday, 16 February 2025 07:00 PM

ඕනෑම පොඩි කෙනෙක්ට පේනවා හම්බන්තොට තමයි හොඳටම හිරු එළිය ලැබෙන, කාලගුණය ඉතාම පැහැදිලියි (ලුණු නිෂ්පාදනය කරන්නෙත් ඒ නිසා) ප්‍රදේශය. හැබැයි වටිනා සම්පත් එහෙම නෑ. කාටද මතක බදුර්දීන්ලා මන්නාරමේ නටපු සෙල්ලං. ඒ හින්දා මට කියන්න පුළුවන් මේක අදානි සම්පත් මංකොල්ල කන්නම කරපු යටි අරමණුක් ඇතුව ආරම්භ කරන්න ගිය ව්‍යාපෘතියක්. අනිත් දේ මන්නාරම අදානිට අනාගතයේ වරායක් හදන්නත් බැරි නෑ කෙලින්ම මැදපෙරදිග සිට දිවෙන නෑව් මාර්ගයක් ඉලක්ක වෙනවා...

:       20       3

Suresh RajiSunday, 16 February 2025 07:25 PM

මේක සූර්ය බල ව්‍යාපෘතියක් නෙවෙයි, සුළං ටර්බයින ව්‍යාපෘතියක්. හිරු එළියෙන් ඔයා මොනවාද කරන්න යන්නේ...?

:       0       27

ප්‍රියන්තSunday, 16 February 2025 09:03 PM

හලෝ සුරේශ්, හුලංද වෙන එකක්ද යන එක කෙසේ වෙතත් පහුගිය ආණ්ඩුවත් එක්ක අදානියා වෙන ව්‍යාපෘතියකට සෙට් වෙච්චි බව නං ඕන මෝඩයෙකුට තේරෙනවා….!

:       2       2

Shyama NanayakkaraSunday, 16 February 2025 09:55 PM

සුළ පාවිච්චි කරන්න නැතුව සෝලා ව්‍යාපෘතිය නෙමෙයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31353 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site