IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අද්මිරාල් සේරසිංහගෙන් ප්‍රකාශ සටහන් කරගනී

( නිමන්ති රණසිංහ)


පුද්ගලයින් 11 දෙනෙකු  පැහැර ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකුට බාධා කළැයි නාවික හමුදාවේ  ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ රියර් අද්මිරාල්  සේරසිංහ මහතාගෙන් මේ වන විට  ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අද (02) අධිකරණයට දැනුම් දුන්නේය.


කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා  ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු දැක්වීම සිදු කළේය.


කොටහේන ප්‍රදේශයේ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නඩුව අද අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙම කරුණු දැක්වීම සිදු කළේය.


එම සිද්ධියේ ප්‍රධාන සාක්කිකරුවකු වු ලුතිනන් කමාන්ඩර් ක්‍රිෂාන්ත වෙලගෙදර යන අයට  බලපෑම් කළැයි සාක්කිකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා වෙත දිවුරුම් ප්‍රකාශයක් මගින් දැනුම් දීමකට අනුව මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු  කරන බවට අධිකරණයට කරුණු වාර්තා කළේය.



අදහස් (0)

අද්මිරාල් සේරසිංහගෙන් ප්‍රකාශ සටහන් කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site