IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අතේ මහ සමුළුව හෙට්ටිපොළින් කොළඹට

(අජන්ත කුමාර අගලකඩ)

හෙට්ටිපොළ ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ දෙවැනි සංවත්සර සමුළුව, පසුව කොළඹ දී පවත්වන්නට තීරණය කිරීම සම්බන්ධයෙන් පක්ෂ තුළ මත ගැටුමක් නිර්මාණය වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද එම තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර සමුළුව ලබන මස 02 වැනිදා හෙට්ටිපොළ දී පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණි

එහෙත් පසුව එම තීරණය හදිසියේ වෙනස් කර සංවත්සර සමුළුව ලබන මස තුන්වැනිදා ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී පැවැත්වීමට තීරණය කර ඇත.

හෙට්ටිපොළ දී පැවැත්වීමට තීරණය කළ සමුළුව හදිසියේ අවලංගුකර කොළඹදී පැවැත්වීමට තීරණය වී ඇත්තේ ,ආණ්ඩුවට එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ද ඉල්ලීම මත බව දැනගන්නට ඇත.

අප මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, හෙට්ටිපොළ දී පැවැත්වීමට නියමිතව තිබූ සංවත්සර සමුළුව කොළඹ දී පැවැත්වීම සම්බන්ධයෙන් තමාගේ කැමැත්තක් නොමැති බවය.

හෙට්ටිපොළ දී සංවත්සර සමුළුව සංවිධානය කිරීමට ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර ඇති බව කී මන්ත්‍රීවරයා එම කමිටුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අවස්ථා දෙකකදී රැස්වී සාකච්ඡා කළ බවද කීවේය.

සන්වස්සර සමළුව හෙට්ටිපොළ පැවැත්වීමට තීරණය කර සංවිධායකයන්ට ආරාධනා පත්‍ර ද යවා තිබියදී කිසිදු දැනුවත් කිරීමකින් තොරව ස්ථානය වෙනස් කිරීම ගැන පුදුම වන බව ඔහු කීවේය. මෙය ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ වුවමනාවට කළ දෙයක් කී හෙතෙම ආණ්ඩුව සිටින්නේ විපක්ෂයේද ආණ්ඩුවේද යන්න මුලින් තීරණය කරගත යුතු බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම ප්‍රතිපත්තියක් නැති පක්ෂයක් බවට පත්ව ඇතැයිද ඔහු සඳහන් කළේය

කොළඹ පැවැත්වෙන සංවත්සර සමුළුවට සහභාගි වන්නේදැයි කළ විමසීමකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා කීවේ ඊට සහභාගි වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බවය

 



අදහස් (5)

අතේ මහ සමුළුව හෙට්ටිපොළින් කොළඹට

Nira Saturday, 19 August 2023 02:01 PM

රට කෑවා...

:       0       9

Jayantha Saturday, 19 August 2023 04:26 PM

අනාගතේ අපේ අතේ....!

:       0       2

Nimal Saturday, 19 August 2023 04:58 PM

මහ සමුළු කොහේ තිබ්බත් මැතිවරණයකදී සියයට 5ක් වත් ගන්න බැහැ...

:       0       6

පචමහා බලවේගය Saturday, 19 August 2023 06:41 PM

නගරයේ පිට්ටනියේ පැවැත්වීමට තිබුණු රැස්වීම කොළඹ හෝටලයකට ගෙනයාමට හේතුවක් හැටියට අපිට කියන්න වෙන්නේ නම් ඕකට එන්න කෙනෙක් නැතුව ඇති කියලා තමයි රැස්වීමක් මහල් කීපයක තියන්න බැහැ කිව්වත් රූපවාහිනී තිරයේ බලන්න වෙන්නේ ඉතින් ඒක ගෙදර ඉඳගෙන බලන්න පුළුවන් නේද? අහෝ යහපාලනය කෑමෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂ රැස්වීමක් හෝටල් ශාලාවට සීමා වුනු හැටි..

:       0       0

Deepal Nirosh Saturday, 19 August 2023 08:04 PM

යෝධ සමුළු තියන්න කලින් පක්ෂයක් තියෙන්න එපායැ..., මහත්තයා විපක්ෂයේ නෝනා ආණ්ඩුවේ, මොන පවුල් කෑමක් ද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 374 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site