IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අත් බෑගයෙන් ලක්ෂ 45 ක් එළියට පනී

 රුපියල් හතලිස් පන් ලක්ෂ නමදාස් පන්සිය විසිපහක මුදලක් ගමන් මල්ලේ  සඟවාගෙන  බැංකොක් නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික ජෝඩුවක්    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී  අද අළුයම රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවෝ  ගම්පහ  කඩවත ප්‍රදේශයේ  පදිංචි රෙදිපිළි සහ  සපත්තු ව්‍යාපාරිකයෝ වෙති.  මොවුහු නිතර නිතර බැංකොක් හා චෙන්නායි අතර ගමන් බිමන් යන එන බව රේගුව කියයි. ව්‍යාපාරික හිතවත් කම් මත දෙදෙනා  එකට කිහිප විටක්ම මෙසේ ගමන් බිමන් ගොස් අති බව  අනාවරණය වී ඇත.

අත් අඩංගුවට ගනු ලැබු විදේශීය මුදල් අතර ඇමරිකානු ඩොලර් දාහත් දහස් හත්සිය පනහක්,  යුරෝ පහලොස් දහසක් තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

ඔවුහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 402 දරණ ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට අද අළුයම එකයි හතලිහට පමණ කටුනායකට පැමිණ ඇත.

 



අදහස් (0)

අත් බෑගයෙන් ලක්ෂ 45 ක් එළියට පනී

සුනිල් Tuesday, 24 March 2015 08:54 AM

ඕවා අල්ලන මැෂින් වැඩ කරන්නේ එක කට්ටියකට විතරක් වෙන්න ඇති. (ත)

:       0       0

දුමින්ද Tuesday, 24 March 2015 05:20 AM

හොරකම සහ යාළුකම (ම)

:       0       0

මාගලී ෆොන්සේකා Tuesday, 24 March 2015 05:58 AM

ව්‍යාපාරික අයටත් සල්ලි අරගෙන යන්න බැරිද .එයාල බදු ගෙවන අයනේ අනේ මන්ද .ඔය සල්ලි බැංකුවේ දාල ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙව්වානම් ඉවරනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site