දර කපද්දී අත කැපී ගිය රංජන් හරීස් (10) සිසුවා අද (23) විශේෂ පහසුකම් යටතේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ.හේරත් මහතා පැවැසීය.
එල්බඩ දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නෝර්වුඩ් හි එල්බොඩ වතුයායේ පදිංචි සිසුවා පසුගිය 20 වැනිදා දහවල් වම් අතේ ඇඟිලි වලට යාබදව ඒ අසලින් වෙන් වන්නට කැපීම නිසා වැඩි දුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරිණි.
විභාග කොමසාරිස්ගේ අනුමැතිය මත සරසවිඋයන විදුහලේ විභාග මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනකුගේ අධීක්ෂණය යටතේ පේරාදෙණිය රෝහලේදී අද නියමිත වෙලාවට සිසුවා විභාගයට පෙනී සිටියේය.
පේරාදෙණිය රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥය එම්.ජේ .සුරවීර මහතා ප්‍රකාශ කළේ දරුවාගේ වම් අතේ ප්‍රධාන රුඩිර නාල දෙක ඉතිරි වන්නට අතේ වළලුකර අසලින් අස්ථිය සම්පුර්ණයෙන්ම කැපී ඇති බවත් මුලික ප්‍රතිකාර කර කම්බියක් යොදා අත සකස්කර ඇති අතර තව සතියකින් ශල්‍යකර්මයක් සිදුකර අත සකස්කිරීමට නියමිත බවයි.
සිසුවාගේ පියා තම දරුවාට සහයෝගය ලබා දිමට කටයුතු කළ පේරාදෙණිය රෝහලේ කාර්ය මණ්ඩලයටත් සැත්කම සිදුකළ වෛද්‍යවරයාටත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ හා විභාග මධ්‍යස්ථානයේ නිලධාරීන්ටත් විශේෂ ස්තුතිය පුද කළේය.
ඡායාරූප - සෙනරත් බණ්ඩාර
ඡායාරූප - චමිල් රූපසිංහ
වීඩියෝ - චමිල් රූපසිංහ
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත කැපුණු දරුවා පහේ විභාගෙට ලියයි
පෙරේරා Sunday, 23 August 2015 08:10 AM
පුතේ ඔයාට දළදා සමිදුගේ පිහිටෙන් විභාගය සමත් වෙන්නත් ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරනවා (ම)
දුල්මි Sunday, 23 August 2015 08:10 AM
අතත් ඉක්මනින් සනීප වී විභාගයෙනුත් සමත් වේවා. දරුවාට පිහිට වූ අයගේ දරුවන්ට යන යන තැන හරි යන්න ඕන. (ම)
හේවා Sunday, 23 August 2015 09:16 AM
දරුවාට පිහිට වූ අයගේ දරුවන්ට යන යන තැන හරි යන්න ඕන. (ම)
අසෝකා Sunday, 23 August 2015 09:46 AM
දරුවන් ගැන නියම හැගීමක් ඇති දෙවිවරු බදු මිනිසුන් තවමත් අප අතර සිටින බව මින් හොඳට පේනවා. ඔබලා සියලු දෙනාටත් මේ දරුවාටත් නිරෝගී යහපත් අනාගතයක් උදාවේවා! (ම)
අසෝකා Sunday, 23 August 2015 09:46 AM
දරුවන් ගැන නියම හැගීමක් ඇති දෙවිවරු බදු මිනිසුන් තවමත් අප අතර සිටින බව මින් හොඳට පේනවා. ඔබලා සියලු දෙනාටත් මේ දරුවටත් නිරෝගී යහපත් අනාගතයක් උදාවේවා! (ම)
පුබුදු Sunday, 23 August 2015 09:54 AM
ඇසට කඳුළු ඉනුවෙමි. සියල්ලන්ටම බෙහෙවින් ස්තුතියs (ම)
සෞදි රොහාන් Sunday, 23 August 2015 11:23 AM
බොහොම සංවේදී මිනිසුන් අප අතර තවම සිටිනබව මෙය කියවන මටද හැගුණි, මේ තමා නියම ලාංකිකයෝ පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා විභාගයෙනුත් ජය ලැබේවා. (නදී)
නිලාන් - කටාර් සිට Sunday, 23 August 2015 11:53 AM
වෙදකමින් ඔබ්බට ගිය මනුශෂත්වය සහ දරු සෙනහස ලොවටම කියා දෙන කදිම උදාහරණයකි. මෙවැනි සත් ක්‍රියාවන් කල උතුමන්ට සැබවින්ම ගරුබුහුමන් දැක්විය යුතුය. ඔබ සියලු දෙනාට ගොඩක් පින්. මේ පුතාට ඉක්මන් සුව ලැබෙන්න කියා අප ප්‍රර්ථනා කරමු. ඒවගේම විභාගයෙන් උසස් ප්‍රතිපලයක් ලැබෙනු ඇතයි අප විස්වාශ කරමු. තවද දරුවන් පිලිබඳව දෙමාපියන් මනා අවදානයක් යොමු කරන්නේ නම් මෙවැනි අනතුරු වලක්වා ගත හැක (නදී)
රුවන් Sunday, 23 August 2015 12:30 PM
දරුවන් ගැන නියම හැගීමක් ඇති දෙවිවරු බදු මිනිසුන් තවමත් අප අතර සිටින බව මින් හොඳට පේනවා. අධ්‍යාපනයේ අගය දන්නා උගත් වේද, හෙද කාර්ය මණ්ඩලයට අපගේ ප්‍රණාමය. (නදී)