IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අතුරු වාරණයක් නෑ

දෙසැම්බර් පළමුවැනිදාට නියමිත එක්සත් ජාතික පක්ෂ මහ සමුළුවට පෙර අතුරු වාරණයක් ගැනීමට එජාපයේ විනය කැඩූ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීන් තිදෙනෙකුට හා පළාත් සභා මන්ත්‍රීන් දෙදෙනෙකුට අද නොහැකි විය. කොළඹ හයික් පිටියේ දී එක්සත් භික්ෂු පෙරමුණේ හා හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමට පක්ෂයේ නියමය නොතකා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන පාලිත රංගෙ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම , අශෝක් අබේසිංහ , පළාත් සභා මන්ත්‍රීන් වන  ශිරාන් ලක්තිලක හා මෛත්‍රී ගුණරත්න මහත්වරු පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව අතුරු වාරණයක් පතමින් ගල්කිස්ස දිසා අධිකරණයට පැමිණිලි කළහ. දිසා විනිසුරු ප්‍රදීප් එම් අබේරත්න මහතා පැවසුවේ වගඋත්තරකරුවන් සිය විරෝධතා දැක්වීමට කල් ඉල්ලා ඇති හෙයින් ඊට ඉඩ දිය යුතු බවයි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා මහ ලේකම් තිස්ස අත්තනායක මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ වරුණ මල්ලවාරච්චි කියා සිටියේ විරෝධතා ගොනු කිරීමට මාසයක් අවශ්‍ය බවයි. ඒ අනුව දෙසැම්බර් 14 වැනිදාට විභාගය කල්තැබූ විනිසුරු අබේරත්න මහතා සජිත් ප්‍රේමදාස හා දයා ගමගේ මහත්වරුනට යළි නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.



අදහස් (0)

අතුරු වාරණයක් නෑ

වරුණ Thursday, 15 November 2012 12:24 PM

කුලල්කා ගන්නේ නැතුව ශක්තිමත් විපක්ෂයක් හදන්න (ස)

:       0       0

සනත් Thursday, 15 November 2012 02:07 PM

ඒක නම් හොදයි

:       0       0

අජිත් Thursday, 15 November 2012 04:09 PM

එපා කියද්දි මොන එහෙකට ගියාද ? (ස)

:       0       0

චතුල වෙරෝනා Thursday, 15 November 2012 04:21 PM

එක්සත් ජාතික පක්ශය තිබුනෙ 70 ගණන් වලනේ තාම ඒක තියනවද?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site