IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අතරමැදි බොක්සිං තරගාවලිය - 2012

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ අතරමැදි බොක්සිං තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ පී. ඞී. පනාගොඩ ද, දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස මාස් තුරුලිය ක‍්‍රීඩා සමාජයේ දිල්හාරා අබේවර්ධන ද සම්මාන ලැබුහ. කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේදී බර පංතිවලින් ශූරතාව සහ අනුශූරතාව දිනා ගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාතික ශූරතාවලිය ඇතුළු බොක්සිං සංගමය මෙහෙයවන ප‍්‍රධානතම තරගවලට සහභාගිවීමේ අවස්ථාව හිමිවේ. කිලෝග‍්‍රෑම් 60 ලයිට් බර පංතියෙන් තරග කළ විද්‍යාර්ථ විදුහලේ පී. ඞී. පනාගොඩ එහි අවසන් තරගයේදී ගුවන් හමුදා ක‍්‍රීඩා සමාජයේ කොතලාවල විද්‍යාපීඨයේ එල්. එම්. සුදුවැලිකන්ද පරදවා ලකුණු 14/13 ක තියුණු ජයක් ලැබීය. සුදුවැලිකන්ද, දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයාවිය. කිලෝග‍්‍රෑම් 54 බැන්ටම් බර පංතියේ (කාන්තා) අවසන් තරගයේදී යුද හමුදා ක‍්‍රීඩා සමාජයේ එන්.ඞී.ප‍්‍රනාන්දු ලකුණු 30/28 කින් පරදවා දිල්හාරා විශිෂ්ට ජයක් ලබා ගත්තාය. දිල්හාරා හමුවේ තියුණු තරගයකින් පසුව පරාජය වු ඞී. ප‍්‍රනාන්දු දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩිකාව ලෙස ද එහිදී තේරීපත් වුවාය. පිරිමි හා කාන්තා අංශ දෙකින්ම පැවැති මෙම තරගාවලියට වයස 17-34 අතර වයසේ පසුවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 272 දෙනෙක් සහභාගි වුහ.  දිල්හාරා තරගය ජයගත් අවස්ථාව



අදහස් (0)

අතරමැදි බොක්සිං තරගාවලිය - 2012

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site