IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අතරමැදි බොක්සිං තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ගයාන් - කී‍්‍රඩිකාව සඳුනි

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති අතර මැදි බොක්සිං තරගාවලියේදී පිරිමි අංශයේ වැඩි ගෞරව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය. ගුවන් හමුදා කී‍්‍රඩිකාවෝ කාන්තා අංශයේ වැඩි ගෞරව දිනා ගත්හ. ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය මැයි මස 27 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස මිඞ්ල් බර පන්තියෙන් (කිලෝ ග‍්‍රෑම් 75) තරග වැදුන යුද හමුදාවේ ගයාන් සමරකෝන් සම්මාන දිනාගත් අතර දක්ෂතම කී‍්‍රඩිකාව වශයෙන් බැන්ටම් බර පන්තියෙන් (කිලෝ ග‍්‍රෑම් 54)  තරග වැදුන නාවික හමුදාවේ සඳුනි චතුරිකා තේරී පත්වූවාය.

දක්ෂතම පරාජිතයා ලෙස ලයිට් හෙවි බර පන්තියෙන් (කිලෝ ග‍්‍රෑම් 81) තරග වැදුන ගුවන් හමුදාවේ කේ. එච්. ප‍්‍රියංකර සම්මාන ලබාගනිද්දී, දක්ෂතම පරාජිකාව ලෙස ලයිට් ෆ්ලයි බර පන්තියෙන් (කිලෝ ග‍්‍රෑම් 48) තරග වැදුන ලීනියා කී‍්‍රඩා සමාජයේ ඩබ්. ඞී. අමරසිංහ සම්මාන ලැබීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය සහ ස්ලිම්ලයින්, ලීනියා, තුරුලිය, ගාන්ධාර, මාස් සදර්න්, යුනිචෙලා, සිලූටා, කැෂුවලයින් යන කී‍්‍රඩා සමාජ නියොජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ රැුසක් මෙම තරගාවලියට සහභාගීවූහ.

ශී‍්‍ර ලංකා ජාතික බොක්සිං සංගමයේ හිටපු ලේකම් වරයෙකු සහ ජාතික ශූරයකු වන වසීර් සෝජා මහතා ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවිය.

පිරිමි තරග ප‍්‍රතිඵල

ලයිට් ෆ්ලයි බර පන්තිය (කිලෝ ග‍්‍රෑම් 49)
පී. එම්. රණසිංහ (ලීනියා කී‍්‍රඩා සමාජය) විසින් ආර්. එම්. ධර්මසේන (යුද හමුදාව) පරාජය කරන ලදී.

ෆ්ලයි බර පන්තිය (කිලෝ ග‍්‍රෑම් 52)
ඩබ්. ඞී. මෙන්ඩිස් (ඝාන්ධාර කීඩා සමාජය) විසින් කේ. එම්. ජයරංග (යුද හමුදාව) පරාජය කරන ලදී.

බැන්ටම් බර පන්තිය (කිලෝ ග‍්‍රෑම් 56)
ඩබ්. එම්. ද සිල්වා (නාවික හමුදාව) විසින් එච්. එම්. නිලූපුල් (ඩෙ‍්‍රඞ් නොට් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී. 

ලයිට් බර පන්තිය (කිලෝ ග‍්‍රෑම් 60)
ආර්. එම්. රත්නායක (ගුවන් හමුදාව) විසින් ජේ. පී. මධුසංක (ගුවන් හමුදාව) පරාජය කරන ලදී.

ලයිට් වෙල්ටර් බර පන්තිය (කිලෝ ග‍්‍රෑම් 64)
එච්. බී. රත්නායක (යුද හමුදාව) විසින් කේ. එස්. බටවල (ලීනියා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

වෙල්ටර් බර පන්තිය (කිලෝ ග‍්‍රෑම් 69)
කේ. ටී. රමේෂ් (යුද හමුදාව) විසින් එම්. කේ. පත්මකුමාර (යුද හමුදාව) පරාජය කරන ලදී.

මිඞ්ල් බර පන්තිය (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
ඩබ්. එස්. ගයාන් සමරකෝන් (යුද හමුදාව) විසින් එම්. ඩබ්. කුමාර (ගුවන් හමුදාව) පරාජය කරන ලදී.

ලයිට් හෙවි බර පන්තිය (කිලෝ ග‍්‍රෑම් 81)
එන්. එන් ජයසිංහ (කැෂුවල්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් කේ. එච්. ප‍්‍රියන්කර (ගුවන් හමුදාව) පරාජය කරන ලදී.

හෙවි බර පන්තිය (කිලෝ ග‍්‍රෑම් 81)
කේ. එල්. ප‍්‍රසන්න (පොලිසිය) විසින් ඩබ්. පී. වෙත්තසිංහ (යුද හමුදාව) පරාජය කරන ලදී.

සුපර් හෙවි බර පන්තිය (කිලෝ ග‍්‍රෑම් 81)
ආර්. ඩබ්. රත්නදිවාකර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් ඒ. ඩබ්. හෙට්ටගේ (නාවික හමුදාව) පරාජය කරන ලදී.

 

කාන්තා තරග ප‍්‍රතිඵල

ලයිට් ෆ්ලයි බර පන්තිය (කිලෝ ග‍්‍රෑම් 48)
ඩබ්. එච්. හේරත් (යුද හමුදාව) විසින් ඩබ්. ඞී. අමරසිංහ (ලීනියා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

ෆ්ලයි බර පන්තිය (කිලෝ ග‍්‍රෑම් 51)
එස්. වී. දිල්හානි (නාවික හමුදාව) විසින් එච්. එම්. හේරත් (ගුවන් හමුදාව) පරාජය කරන ලදී.

බැන්ටම් බර පන්තිය (කිලෝ ග‍්‍රෑම් 54) බර පංතිය
එච්. ජී. සඳුනි චතුරිකා (නාවික හමුදාව) විසින් ජී. ටී. රණවීර (මාස් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

ෆෙදර් බර පන්තිය (කිලෝ ග‍්‍රෑම් 57)
එල්. පී. ධර්මතිලක (තුරුලිය කී‍්‍රඩා සමාජය) විසින් ආර්. ටී. තල්ගස්පිටිය (ලීනියා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

ලයිට් බර පන්තිය (කිලෝ ග‍්‍රෑම් 60)
වයි. එම්. අබේරත්න (ගුවන් හමුදාව) විසින් ඒ. කේ. අලූත්ගම (නාවික හමුදාව) පරාජය කරන ලදී.

ලයිට් වෙල්ටර් බර පන්තිය (කිලෝ ග‍්‍රෑම් 64)
කේ. ඒ. කෞශල්‍යා (ගුවන් හමුදාව) විසින් ඩබ්. එම්. වීරබාහු (යුද හමුදාව) පරාජය කරන ලදී.

වෙල්ටර් බර පන්තිය (කිලෝ ග‍්‍රෑම් 69)
බී. ඩබ්. එදිරිසිංහ (ගුවන් හමුදාව) විසින් ඞී. එම්. චන්ද්‍රරත්න (පොලිසිය) පරාජය කරන ලදී.

මිඞ්ල් බර පන්තිය (කිලෝ ග‍්‍රෑම් 75)
එච්. එම්. හේරත් (ලීනියා කී‍්‍රඩා සමාජය) විසින් එන්. එස්. පෙරේරා (පොලිසිය) පරාජය කරන ලදී.

හෙවි බර පන්තිය (කිලෝ ග‍්‍රෑම් 81)
එස්. කේ. සේනාරත්න (ලීනියා කී‍්‍රඩා සමාජය) විසින් ආර්. ඩබ්. අචිනි උමේෂා (පොලිසිය) පරාජය කරන ලදී.

 

(ඡයාරූප - ශානුක අරවින්ද)

ගයාන් සමරකෝන් වසීර් සෝජා මහතා අතින් ශූරතා කුසලානය ලබාගත් අයුරු...



අදහස් (0)

අතරමැදි බොක්සිං තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ගයාන් - කී‍්‍රඩිකාව සඳුනි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site