IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අතරමග නතර වුන මහාමාර්ග කඩිනමින් හදයි

 

(අංජුල මහික වීරරත්න)

ඉදිකිරීම් ආරම්භ කර අතරමග නැවතී ඇති මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පැවසීය.

ඉදිරි අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිත බවත්, එම මාර්ගවල ඉදිකිරීම් කඩිනමින් නිම කර ජනතා අයිතියට පවරා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ මුදලින් රුපියල් බිලියන 151ක් දැනටමත් ගෙවා අවසන් කර තිබෙන බවත් තවත් රුපියල් මිලියන 29ක් පමණ ගෙවීමට තිබෙන බවත් කී රාජ්‍ය අමාත්‍යවරයා හිඟ මුදල් ලබාදීම හේතුවෙන් ඇතැම් කොන්ත්‍රාත්කරුවන් නැවතත් ව්‍යාපෘති ආරම්භ කර තිබෙන බව කීය.

 



අදහස් (6)

අතරමග නතර වුන මහාමාර්ග කඩිනමින් හදයි

ravin Tuesday, 19 September 2023 12:40 AM

ලබන අවුරුද්ද මැතිවරණ අවුරුද්දක්ලු නේද ?එතකොට අර පූර්ණ ජනතා විරෝධය මැද කිසිම සංවර්ධනයකට යටත් නොවූ අලුත් බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වුණු පරණ පාරත් හදනවද

:       1       2

Perera Tuesday, 19 September 2023 04:50 AM

ස්ථාවර රටකට හැමෝම එක මගට .මොන විකාරද .අස්තාවර රටේ බොහෝ දෙනා දැන් මහ මගට වැටිලා මේ ඉන්නේ

:       1       2

Nimal Tuesday, 19 September 2023 09:31 AM

අතරමග වැඩ නවතින එක මාර්ගයක්වත් නැවත හදන බවක් පෙනෙන්නට නම් නැහැ

:       1       4

Naqib Tuesday, 19 September 2023 11:32 AM

මේක හරිද?

:       0       1

Thushara Tuesday, 19 September 2023 12:01 PM

බියගම ඉදන් හයිවේ එකට යන පාරෙ සතෙකුටවත් යන්න බෑ

:       1       2

Banda Tuesday, 19 September 2023 02:05 PM

ඡන්දෙ තියන්න තමයි තොපිට සල්ලි නැත්තෙ නේද? මිනිසුන්ට කායික මානසික පීඩා කරමින් ඉන්න බල ලෝභී රනිල්, බැසිල්, නාකි මයිනා, මයින් පැටියා වටේ කැරකෙන තොපි හැමඑකාම අපාගත වේවා. තොපේ සනුහරේටම දඩුවම් ලැබේවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site