ෂේන් සෙනෙවිරත්න
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටියදී ඉකුත් 16 වැනිදා සිට අතුරුදහන්ව සිටී සිසුවාගේ මෘත දේහය ගැටඹේ ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබියදී සොයාගත් බව පෙරදෙනිය පොලිසිය කියයි .
ගැටඹේ දෙවනි රාජසිංහ මාවත ආරම්භ වන ස්ථානයට මඳක් නොදුරින් මාවැලි ගඟ මැද පාවෙමින් තිබියදී පේරාදෙණිය පොලීසිය විසින් අද සොයාගෙන තිබේ .
අංජන කුලතුංග නමැති 24 හැවිරිදි මෙම ශිෂ්‍යයාගේ ජංගම දුරකථනය ඉකුත් 16 වැනිදා සිට ක්‍රියා ක්‍රියාවිරහිත වී තිබීම හේතුවෙන් ඔහුගේ දෙමව්පියන් පේරාදෙණියට පැමිණ ඔහු නවාතැන් ගෙන සිටි පෞද්ගලික නවාතැනට පැමිණ ඒ පිළිබඳව සොයා බැලීමේදී ඔහු විසින් ලියන ලද ලිපියක් ද හමුවී තිබුණි . එහි සඳහන්ව තිබී ඇත්තේ ඔහුට බාධාවක් නොපැමිණියහොත් මහවැලි ගඟ අයිනක තිබි ඔහුගේ ශරීරය සොයාගත සොයාගත හැකිවනු ඇති බවයි .
ශිෂ්‍යයාගේ මෘත දේහය මහවැලි ගඟේ තිබේ හමුවූ සිරුර ඔහුගේ දෙමව්පියන් පුතා බවට හඳුනාගෙන හඳුනාගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 18
361
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුදහන් වූ සරසවි සිසුවාගේ සිරුර මහවැලි ගඟෙන් මතුවේ
Pradeep Kumara Wednesday, 21 September 2022 07:12 PM
මෙන්න මේ අමනෝඥ අධ්‍යාපන ක්‍රමය තමයි අපි වෙනස් කරන්න ඕනෑ. ජීවිතයේ එක් එක් කාලවලදී මුහුණ දීමට සිදුවන ප්‍රශ්ණ, ගැටළු නිසිලෙස කළමණාකරනය කරගන්නා හැටි මේ අධ්‍යාපන ක්‍රමය තුළින් නොලැබෙන නිසා උගතුන් නමුත් බුද්ධිමතුන් නොවන බොහෝ දෙනෙකුගේ ප්‍රශ්න විසඳා ගැනීමේ ක්‍රමය බවට මේ දිවි නසා ගැනීම් පත්වී තිබෙනවා. දෙමාපියන් ගුරුවරුන්ගේ වෙහෙස මහන්සිය, බලාපොරොත්තු වගේම රජය ඒ සිසුවා සඳහා කළ ආයෝජනය කිසිඳු ඵලක් නැතිව ගියා. බලධරයිනි, දැන්වත් මේ හැල්මේ දුවන අධ්‍යාපන ක්‍රමය නවතා ඵලදායි, ප්‍රායෝගික සහ බුද්ධිමතුන් බිහිකළ හැකි ක්‍රමයකට යමු...
RandulaWednesday, 21 September 2022 09:51 PM
සියදිවි නසාගන්නා අයට විකල්ප පෙනෙන්නේ නැහැ, මොකද එයාලගෙ මානසික තත්වයත්, මොලයේ රසායනික වෙනස්කම් නිසාත් සිතුවිලි පටුවෙනවා. ඒක හරියට මුහුදේ පිහිනන කෙනෙක් සැඩ දියවැලකට අහුවුනා වගේ. මොන පැත්තට පිහිනුවත් එයා යන්නෙ එකම පැත්තට. ඒ නිසා බහුතරයකට පිටින් උපකාරයක් ඕනෙමයි ගොඩයන්න. මේ වෙනකොට ලංකාවේ හැමෝම සෑහෙන්න මානසික පීඩනයකින් ඉන්නේ. ඉස්සරහට තම තමන්ගේ සමීප අයගැන ටිකක් අවදානයෙන් ඉන්න එක කරන්න වෙයි. රජය හා සෞඛ්‍ය අංශ මානසික සෞඛ්‍ය ගැන සමාජයේ දැනුවත් කිරීමත් අනිවාර්යෙන් කල යුතුයි.
agithThursday, 22 September 2022 10:58 AM
ඉතා වැදගත් දැනුවත් කිරීමක්...
Asela Wednesday, 21 September 2022 07:25 PM
ඔය තත්වයට ළමයෙක්ට උගන්වන්න දෙමාපියන් කොතරම් දුක් විඳින්න ඇතිද? ජීවිතයේ වටිනාකම නොදන්න ළමයෙක්. උගත්කම තිබුණාට විඤ්ඥාණය නැහැ. පව් අසරණ දෙමාපියන්...!
කිරි පුතා Wednesday, 21 September 2022 07:48 PM
නවක වදය වෙන්නත් බෑනේ... සිව්වන වසරේ නිසා. ආදරය වෙනුවෙන් දිවි පිදුවද දන්නේ නෑ...? වෙන කෙනෙක් එක්ක යාලුවෙන්න ඇති...
channaWednesday, 21 September 2022 08:15 PM
වතුරට පැන්නට පස්සේ පේන්ට ඇති තවත් ඕනේ තරම් මාළු ඉන්නවා කියලා.
SanthuWednesday, 21 September 2022 11:57 PM
එහෙම දෙයක් නම්, මෙතරම් දුරක් ඉගෙන ගත්තේ මොනවද?
randil Thursday, 22 September 2022 09:53 AM
වෙන කෙනෙකුට විග්‍රහ කරන්න බැහැ. විග්‍රහ කරන්න අයිතියකුත් නෑ. ඔහු කුමන මානසිකත්වයෙන් සිටියද කියලා... ඒ නිසා හරි හෝ වැරැදි.. ඔහු ඒ තීරණේ ගන්න ඇති...