
සිර දඬුවම් විඳිමින් සිටියදී අතුරුදන් වූ රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි යහතින් සිටින බවත්, බන්ධනාගාර බලධාරීන් ඔහු ආක්ටික් කලාපයේ රුසියාවට අයත් වෙනත් බන්ධනාගාරයට මාරු කර ඇති බවත් නෙවල්නිගේ නීතීඥවරු පවසති.
බලධාරින්, නෙවල්නි මාරු කර ඇත්තේ මොස්කව් සිට කිලෝ මීටර් 1,200 ක් දුරින් යමාල් නෙනෙට්ස් පළාතේ පිහිටි රුසියන් බන්ධනාගාරයටය. නෙවල්නි යහතින් සිටින බවත්, තමන්ට ඔහු හමුවීමට ඉඩ ලැබුණු බවත් නීතීඥවරුන් වැඩි දුරටත් පවසා තිබේ.
වසර 20 ක සිරදඬුවමක් නියම වී සිටින නෙවල්නි, අතුරුදන් වීමට පෙර, රඳවා තැබුණේ මොස්කව් අගනුවර සිට සැතපුම් 150 ක් දුරින් පිහිටි බන්ධානාගරයකය. පසුගිය දෙසැම්බර් 6 වැනිදා, ඔහු බන්ධනාගාරයෙන් අතුරුදන් විය. නෙවල්නිගේ නීතීඥයන් එම අවස්ථාවේ කියා සිටියේ, නෙවල්නි බන්ධනාගාරයේ නොමැති බවත්, ඔහුට සිදුවූයේ කුමක්දැයි තමන් කිසිවක් නොදන්නා බවත්ය.
බටහිර හිතවාදියකු වන 47 හැවිරිදි, නෙවල්නි විවිධාකාරයේ චෝදනා රැසකට වරදකරු වී සිටී. රුසියන් රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනාවට ද නෙවල්නි වරදකරු විය. ඒ සියල්ලටම හේතුව ඔහු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වීම සහ පුටින්ගේ උදහසට ලක්වීම යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
2024 වසරේ රුසියන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. දිගටම බලයේ සිටීමේ අපේක්ෂාවෙන් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පුටින් පවසා ඇත. ඇලෙක්සි නෙවල්නි අතුරුදන් වූයේ, පුටින්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිලවශයෙන් දැනුම් දුන් දිනයේ සිටය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
84
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2023
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අතුරුදන් වුණු රුසියන් විපක්ෂ නායකයා ඉන්නවා