IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අතපසු වීම් වලක්වා ගන්න පාපන්දු විධායක ධූරයෙන් අස්වුණා

තමා පන්දුව හැර නොයන බවත් පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයාගේ කටයුතු වලට දිගටම සහයෝගය ලබා දෙන බවත් මෙම සම්මේලනයේ විධායක නිළධාරී ධූරයෙන් ඉල්ලා අස්වූ කි‍්‍රෂාන්ත පෙරේරා මහතා ‘ලංකාදීපයට’ පැවසීය.

ලබන මැයි 7 වැනිදා ධූරයෙන් ඉවත්වන පෙරේරා මහතා වසර 2001 සිට පාපන්දු සම්මේලනයේ විධායක නිළධාරී ධූරය දැරීය. වත්තල පාපන්දු ලීගයේ ලේඛම් ධූරය වසර හයක් කටයුතු කළ ඔහු පසුව වසර ගණනාවක් වෙළද සේවා පාපන්දු සම්මේලනයේ ලේඛම් ධූරය දරා තිබේ.

පාපන්දු සම්මේලනයේ භාණ්ඩාගාරික උප ලේඛම් සහ ප‍්‍රධාන ලේඛම් ධූරවලින් පසුව ඔහු වසර ගණනාවක් කටයුතු කර ඇත.

ලෝක පාපන්දු සමුඵවේ කාලාපීය සංවර්ධන උපදේශකවරයෙකු ලෙස වසර 2011  සිට සේවය කරන කි‍්‍රෂාන්ත පෙරේරා මහතා ‘ලංකාදීපය’ කළ විමසුමකදී වැඩිදුරටත් පැවසුවේ තනතුරු තුනක් එකවර දැරීමේදී ඇති විය හැකි අතපසුවීම් වළක්වා ගැනීම සදහා තමා පාපන්දු සම්මේලනයේ ධූරයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.
ඔහු මෙසේද පැවසිය. ”කී‍්‍රඩා ඇමතිවරයාගේ බලපෑම් එල්ල වීම නිසා මා පාපන්දු සම්මේලනයෙන් ඉවත්වූ බවට කරන ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරනවා. එවැනි බලපෑම් මට එල්ල වුණේ නෑ. නමුත් ඇතිවී තිබෙන වාතාවරණය අනුව මම තීරණය කළා ඉවත් වන්න.

මට දෝෂාරෝපණ එල්ල වුණා. ඒ පත්තර වලිනුයි. විවිධ පිටස්තර පුද්ගලයන්ගෙනුයි. ඒ ඔවුන් සමහරුන්ගේ අරමුණු ඉටු නොවීම නිසයි. නමුත් පාපන්දු සම්මේලනයේ විධායක සභාවත් මට කිසිම දවසක චෝදනා එල්ල වෙලා නෑ. මට තනතුරෙන් ඉවත් වන්න හදන එක් අවස්ථාවකදී විධායක සභාව එය ප‍්‍රතික්ෂේප කළා.  

පාපන්දු සම්මේලනයේ කි‍්‍රයාත්මක වන ප‍්‍රධානම හා ජනපි‍්‍රයම තනතුරට මේ ආකාරයෙන් චෝදනා, දෝෂාරෝපණ එල්ල වීම ස්වභාවිකයි.”



අදහස් (0)

අතපසු වීම් වලක්වා ගන්න පාපන්දු විධායක ධූරයෙන් අස්වුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site