මොනවද මේරියන්ස්ලගේ අලුත් තොරතුරැ?
අලුත් තොරතුරැ කිව්වම අලුත් වැඩනෙ නේද? අලුත් වැඩ විදිහට නම් මුකුත් නැහැ. අපි කරපු වැඩ එළියට දාන්න තමයි දැන් තියෙන්නෙ.
අලුත් ඇල්බම් එකක් කරන්න එහෙම සූදානමක් නැද්ද?
ඔව් ඇත්තටම අපි ලබන අවුරැද්දේ මුල් කාර්තුවේදී අලුත් ඇල්බම් එකක් එළියට දාන්න හිතන් ඉන්නවා. අවුරැදු දහයකට පස්සෙයි අපි අපේ ඇල්බම් එකක් නිකුත් කරන්නෙ. ඒ කටයුතුවලට දැන් ලකලෑස්ති වෙමින් ඉන්නවා. දැන් ඒකට හොඳටම කාලවේලාව ඇවිල්ලා.
අවුරැදු දහයක් කියන්නෙ සෑහෙන ලොකු කාලයක්නෙ. ඇයි එච්චර කල් ඇල්බම් එකක් කරන්න බැරිවුණේ?
එකම හේතුව තමා කණ්ඩායමේ කාර්යබහුලත්වය. අපි මේරියන්ස් Unplugged සංගීත ප්‍රසංග මාලාව 2006දි පටන්ගත්තයින් පස්සෙ එකදිගටම කාරයබහුල වුණා. විදේශ රටවල ප්‍රසංගත් විශාල වශයෙන් පැවැත්වුණා. කාලවේලාව හොයාගන්න තිබ්බ ප්‍රශ්නෙ නිසාම තමයි ඇල්බම් එකක් කරන්න බැරිවුණේ.
අලුත් ඇල්බම් එකෙන් අලුත් වෙනස්කම් ඉදිරිපත් කරනවද?
සංගීතය කියන දේ අපිට ලැබිලා ඉවරයිනෙ. ඉතින් අපේ නිර්මාණ ශක්තියෙන් වෙනස් වෙනස් පැතිවලට යන්න උත්සාහ කරනවා. විශේෂයෙන් ගීත මාතෘකා ගැන අපි වැඩි සැළකිල්ලක් දක්වනවා. මොකද අපේ සංගීත කණ්ඩායමේ ඉන්න හැමදෙනෙක්ම දැන් පියවරැ. ඉතින් වෙනදට වඩා බැරූරැම්ව වගකීම් සහිතව නිර්මාණ කරන්න තමයි බලන්නෙ. අනික අපි නිකම්ම නිකම් සංගීතකාරයො නෙමේ. වගකීමක් තියෙන සංගීත ශිල්පීන්.
අවුරැදු දහයකට පස්සෙ අලුත් ඇල්බම් එක එන්නෙ. එහෙම වෙලත් ජනප්‍රියත්වය පවතින්න හේතුව මොකක්ද?
ජනප්‍රියත්වයට හේතුව තමා අපේ කළමනාකාරීත්වය. කණ්ඩායම් නායකයා ලෙස මට කණ්ඩායම ගැන දැක්මක් තියෙනවා. එහෙම දැක්මක් නැත්නම් මට කණ්ඩායම් නායකයෙක් වෙන්නත් බැහැ. උදේ දවල් රූ තිස්සෙ මම කණ්ඩායමේ පැවැත්ම ගැන හිතන කෙනෙක්. නිකම් ෂෝ බුකින් එකක් ගෙරදට එනකම් මම බලන් ඉන්නෙ නෑ. ගී ගැයීම තිබ්බත් හොඳම ශිල්පීන් හිටියත් හරි පාරට යන්න දැක්මක් නැත්නම් අපිට මෙච්චර දුර එන්න බැහැ.
නායකයා විදිහට කණ්ඩායමේ ගෝලයෝ ගැන මොකද කියන්න තියෙන්නෙ?
අපරාදෙ කියන්න බෑ අපේ කණ්ඩායමේ බොහොම හොඳ ශිල්පීන් ටිකක් ඉන්නෙ. ක්‍රිකට් භාෂාවෙන් කිව්වොත් හොඳම බැට්ස්මන්ලා ටිකක් තමා මාත් එක්ක ටීම් එකේ ඉන්නෙ. එයාලා ගහන එක ෂොට් එකක්වත් බවුන්ඩ්‍රි ලයින් එකෙන් මෙහා නතර වෙන්නෙ නෑ. අන්න ඒ වගේ දක්ෂයො ටිකක්.
දැන් අවුරැදු 27ක්. අපි 1988 තමා පටන්ගත්තෙ.
ගෙවුණු අවුරැදු 27දි මේරියන්ස් කරපු හොඳම සහ කැමැතිම වැඩේ මොකක්ද කියල ඇහුවොත්?
අපි කණ්ඩායමක් විදිහට එකට වැඩ කරපු එක තමා වටිනාම දේ. හැබැයි 2006දි unplugged කියන ශෛලිය හඳුන්වා දෙන්න ගත්තු තීරණය බොහොම විශේෂයි. අපිට සංගීත කණ්ඩායමක් ලෙස ඉදිරියට එන්නත් ගොඩක් හේතුවුණා. ඒක ලංකාවටත් අලුත් සංගීත සංස්කෘතියක් ගෙන ඒමක්.
Unplugged ප්‍රසංග දැන් කීයක් විතර පවත්වලා තියෙනවද?
ම්ම් ගණන් කරලා නම් නෑ. ලංකාවෙයි පිටරටයි කරපු ප්‍රසංග ඔක්කොම බැලුවම සීයකට වඩා කරලා ඇති. අපි unplugged පටන් අරන් ලබන අවුරැද්දෙ ජනවාරිවලට අවුරැදු දහය පිරෙන හින්දා ලොකුවට වැඩක් කරන්න හිතන් ඉන්නවා. ඒ ගැනත් දැන් සැලසුම් හදාගෙන යනවා.
මේරියන්ස් සංගීත කණ්ඩායමේ අනන්‍යතාවය නලින් පෙරේරාද?
එදා දැක්ක හීන දැන් ඉටුවෙලා ඉවරයිද?
මම එදා දැකපු හීන නම් සේරම වගේ ළං කරගෙන තියෙනවා. හැබැයි මේ හීන දැකිල්ලෙ ඉවරයක් නැහැ. තව හීන අලුත් හීන දකිනවා. අනික පුරවැසියෙක් විදිහට මම සමාජය දිහා දරැ පවුල් ගැන දකින මානය වෙනස්. මමත් බොහොම දරැණු අත්දැකීමක් අත්විඳලා ජයගත් කෙනෙක්. ඒ නිසා පවුල් සංස්ථාව සම්බන්ධව මම ඉගෙන ගත්ත දේවල් බෙදාගන්න මමත් බිරිඳත් සූදානමින් ඉන්නවා.
මේරියන්ස් කණ්ඩායම තුළ තවත් ගායකයෙක්ට මතුවෙන්න ඉඩක් නැද්ද?
එහෙම නැහැ. මම ඉන්දැද්දි ශිවන්ත ප්‍රනාන්දු ගායනය පැත්තෙන් ලොකු සේවයක් කරනවා. ඒ වගේම රෝසා, දිලීප, චමින්ද හැමෝගෙම ගායන කුසලතා අපි පාවිච්චි කරනවා. හරියට ගත්තොත් එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න අපි හැමෝම ප්‍රසංගවලදි ගීත ගායනා කරනවා. මට එහෙම පෙරේතකමක් නැහැ.
ඉස්සරහට ඔබේ දුවට හෝ පුතාටත් මේරියන්ස් තුළ ඉඩක් තියේවිද?
මම එයාලට ඒ සම්බන්ධයෙන් කිසිම බලකිරීමක් කරන්නෙ නැහැ. මොකද මට කවදාවත් මගේ මව්පියන්ගෙන් සංගීතය කරන්න කියලා බලකිරීමක් තිබ්බෙ නෑ. පුතාට නම් මෑත ඉඳන් ගිටාර් පිස්සුවක් ගහල තියෙනවා. හැබැයි සංගීතය කරන්න නම් ඇම්ම ඕන. මම මේ ටික කරගත්තෙ මගේ ඇම්ම නිසයි. එයාටත් ඇම්මක් ආවොත් කරපුවාවෙ.
ඉදිරි දවස් කිහිපයේ මේරියන්ස්ලගෙ ප්‍රසංග මොනවද කියලත් මතක් කළොත්?
ලබන 20 වැනිද හවස ක්ලැරන්ස් unplugged ප්‍රසංගය මියිසුයස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී තියෙනවා. ඒ වගේම දෙසැම්බර් 31 රූ මේරියන්ස් හා ජිප්සීස් එකතු වෙලා හොඳ වැඩක් කරන්නයි ඉන්නෙ. ඒක හොඳ රාත්‍රියක් වේවි.
- රජිත -
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතට වැඩ එනකම් බලන් ඉන්නෙ නෑ...